බලු TIME සඟරාව ලංකාවේ තහනම් කරමු

rope

Banned
Mar 11, 2011
507
74
0
බලු TIME සඟරාව ලංකාවේ තහනම් කරමු

ටයිම් සඟරාවේ "මොස්ට් ඉන්ෆ්ලුවෙන්ශල් 100" දැන් නිකුත්වී ඇත... ලොක්කාගෙ නම නැත..99යෙත් නැත 100ත් නැත. ලොවි ගහෙත් නැත.


මැවූ සිහින සියල්ල පුපුරා ගියේය. ලෝක කුසලානෙ කරේ තියාගෙන මාසයක් දෙකක් ඇද ගන්නට තිබුනු චාන්ස් එක හොරු අරන් ගියාවාගේ පෙනි පෙනී නොපෙනීගියේය දැන් ඊටත් වඩා ලෝකෙම පොරක් වෙන්නට තිබූ චෑන්ස් එක කටේ දාගන්නට පෙර වාශ්ප වී ගියේය.


චයිනීස් හැකර්ලා ගෙන්නාගෙන, අවුරුදුකාලේ දරු මල්ලන් සමග ඉන්නේ නැතුව ඔපිස් වල හොරෙන් හැංගීගෙන, රජයේ වියදමින් අතිකාල දීමණා ලබාගෙන, හෝටල් වලින් තුන් වේලට බුරියානි ගෙන්නාගෙන කමින්, දුක් විඳිමින් හොර අයි.පී ඇඩ්රස් දාස් ගාණකින් දාපු චන්දවලිනුත් වැඩක් වුනේ නැත.


වැඩක්ම නැත....අත ගහන කිසිදෙයක් හරියන්නේම නැත...


දැන් ඉතින් ගිය සති දෙකතුනේම රාජපක්ශ ගවගාලේ නේවාසිකයින්ගේ සුරතලා වුනු ටයිම් සඟරා ප්‍රසිද්දියේ පුලුස්සා ටයිම් වාර්තාකරුවන් ලන්කාවේ ඉන්නවානම් ගහලා පැන්නීම පටන් ගත යුතුය.


ටයිම් සඟරාව තියෙන්නේ ඇමරිකන්, යුරෝපා සුදු අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් ඉටු කිරීමට බවත් ඔවුන් දේස ද්‍රෝහී කොටි හිතවාදීන් බවත් ප්‍රකාශකල යුතුය. රටේ තියෙන ටයිම් සඟරා සියල්ලම එකතුකොට ගාලු මොවදොර පිට්ටනියේ ගොඩ ගසා ගිනිතැබිය යුතුය.

ටයිම් සඟරාවේ දේශීය ග්‍රාහකයින් (සබ්ස්ක්‍රයිබර්ලා ) කොටි හිතවාදී විදෙස් ගැත්තන් බව විහිලුවංශ ලවා විශේෂ රූපවාහිනී සමබර සාකච්ඡාවකදී කියැවිය යුතුය. ඉන්පසු උන් පස්සේ රහස් පොලිසිය පැන්නවිය යුතුය. ටයිම් සඟරාවේ අනුබද්ධ ආයතනයක් වන සී.ඇන්.ඇන් රූපවාහිනි සේවාවද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කල යුතුය.


ටයිම් සඟරාවේ ලොක්කන් අපේ රජතුමා ලෝකෙට ලොක්කෙක් වෙනවාට ඊරිසියාවට මේ කල නව නිංගිරා වැඩේට කෙසේහෝ පලි ගත යුතුමය. අපේ රජතුමා මැච් බලන්නට ඉන්දියාවට ගියවෙලාවේ කරපු මදිපුංචිකම් වලට සාර්තකව පලිගත්තාවාගේ ටයිම් කාරයින්ගෙනුත් පලිගත යුතුමය.

උඩ පැන පැන පලි ගත යුතුය. ඔහොම පලි අරගෙන පලි අරගෙන හති වැටිලා අමුත්තක් දැනෙන නිසා නිකමට වාගේ හැරිලා පස්ස අතගා බැලූවිට නකුට කැපී ඇතිබව අවබෝධ වනු ඇත. ඉන්පසුව නකුටක් නැතුව ජීවත් වීම ඉතා දේසප්‍රේමී බව රටටම කියන්නට කාට හරි බාරදිය හැක
 
Last edited:

rope

Banned
Mar 11, 2011
507
74
0
ලොක්කව කපලා තියෙන්නේ කොටි බලල් අතක්.කොටි දෙමලු මේ ටයිම් සයිට් එකේ ලොක්කට අපහාස උපහාස කර කර පෝස්ට් දැම්මා.සුද්දන්ට වටින්නේ නැති වුනාට අපේ ලොක්කා අපිට මැණිකක්
:yes::yes:
 

Adolf Hitler

Member
May 16, 2009
117
3
0
මචන් උන් අපෙ ලාංකිකයෙකුට කරපු බලු වැඩේට උඹලා ඔහොම මඩ ගහන එක වැරදි නැද්ද?
දේශපාලනය පැත්තකින් තියලා පොඩ්ඩක් හිතන්න
:)
 

Adolf Hitler

Member
May 16, 2009
117
3
0
අද සරත් ෆොන්සේකා මැතිතුමා ඔතන හිටියත් පර සුද්දෝ ඔය දේමයි කරලා ඇත්තේ
සුද්දොන්ට ඕනකරන විදිහටයි සියලුදේම වෙන්නේ
:angry:
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
අද සරත් ෆොන්සේකා මැතිතුමා ඔතන හිටියත් පර සුද්දෝ ඔය දේමයි කරලා ඇත්තේ
සුද්දොන්ට ඕනකරන විදිහටයි සියලුදේම වෙන්නේ
:angry:

You may not humiliate people without a reason. at least explain why they are bad. this is just bullshit.
 

dulipj

Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    ලොක්කව කපලා තියෙන්නේ කොටි බලල් අතක්.කොටි දෙමලු මේ ටයිම් සයිට් එකේ ලොක්කට අපහාස උපහාස කර කර පෝස්ට් දැම්මා.සුද්දන්ට වටින්නේ නැති වුනාට අපේ ලොක්කා අපිට මැණිකක්
    :yes::yes:
    :yes::yes::yes::yes:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    serama තහනම් කරමු :lol:

    internet
    තහනම් කරමු

    tv
    තහනම් කරමු

    newspaper
    තහනම් කරමු

    rajavahini, ITN, lakehouse newspaper witherak balamu

    th_003.gif