බලෙන් යාච්ඤා අහමු

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    බලෙන් යාච්ඤා අහමු

    විදෙස් සංචාරකයන්ට කොළඹදී මුස්ලිම් කණ්ඩායමක හිරිහැර. දේව යැදිල්ලක් බලහත්කාරයෙන් අස්සවලා

    29A9144300000578-3134886-image-a-5_1435001012541.jpg

    තාන්‍යයේ ලිවර්පූල්හී පරිගණක ඉංජිනේරුවකු වන ජෝන් මැකෙන්සි සිය මිතුරු පිරිසක් සමග ශීත සෘතු නිවාඩුවේ සංචාරය කිරීම සදහා මෙවර තෝරාගෙන තිබුණේ ඊජිප්තුවයි. නමුත් ඊජිප්තුව තුළ ආගමික අන්තවාදී ක්‍රියාකාරකම් බහුලව සිදුවන බවට මිතුරන්ගෙන් ලැබුණු දැනුම්දීම් නිසාත්, මේ දිනවල ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබදව ලෝකය පුරා වැඩි කතා බහක් ඇතිව තිබෙන නිසාත් ඉස්ලාමීය රටක සංචාරය කිරීම අවදානම් සහගත බව තීරණය කළ මැකෙන්සි සහ මිතුරු පිරිස ඊජිත්තුව වෙනුවට වෙනත් ගමනාත්තයක් තොරාගැනීමට අදහස් කරඇත.

    ස්වභාව සෞන්දර්යයත් යුද ගැටුම් නිමාවීමෙන් පසු උදාවී තිබෙන සාමකාමී වටපිටාවත් නිසා සංචාරකයන් අතර මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී තිබෙන්නේ ඉහළ අගයක්. ශ්‍රී ලංකාවේ සංචාරය කළ බ්‍රිතාන්‍ය ජාතික හිතවතුන්ගෙන් ලැබුණු තොරතුරුවලින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන් තුළ වර්ධනය වී තිබූ ධනාත්මක සිතුවිල්ල නිසා ඊජිප්තුව වෙනුවට තම සංචාරක ගමනාත්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගැනීමට ඔවුන් තීරණය කර ඇත.

    ඒ අනුව මැකෙන්සි ඇතුළු ඔහුගේ මිතුරන් තිදෙනෙක් සති තුනක සංචාරයක් සදහා පසුගිය නොවැම්බරයේදී ලංකාවට පැමිණ ඇත. අනුරාධපුර පොළොන්නරුව රාජධානිවල සංචාරය කරමින් ලංකාවේ අසිරිය සිත් සේ විදගත් මිතුරු පිරිස එහි ඉපැරණි විභූතිය ගැන බ්‍රිතාන්‍යයේ තම හිතවතුනට පැවසීමට බොහෝ කරුණු එක්රැස් කරගෙන නැවතත් බ්‍රිතාන්‍යය බලා පිටත් වීමට කොළඹට පැමිණ ඇත.

    පසුගිය නොවැම්බර් 29 වනදා ඔවුන් යම්කිසිවක් මිළදී ගැනීම සදහා බම්බලපිටිය සුපිරි වෙළද සංකීර්ණයකට ගොස් තිබෙන අතර එහිදී ඔවුන් වටකරගත් එක්තරා ආගමික කල්ලියක් විසින් අයිපොඩ් යන්ත්‍රවල පටිගත කරන ලද එක්තරා ආගමික දේශනවගයක් බලහත්කාරයෙන් අසන්නට දී ඇත. ශුද්ධ වූ කුරාණයේ ඇති දෙවියන්ගේ වාක්‍ය ලෙස ඔවුන් එම දේශන හදුන්වා දී ඇති අතර ඒවා ඇසීමෙන් පසු දැනෙන්නේ මොනවාදැයි අසා ඇත. එහි පැමිණ සිටි අනෙකුත් විදේශිකයන්ටත් මෙලෙස ආගමික දේශනා ඇසීමට බලකර ඇත.

    ආගමික හා පුද්ගල නිදහස ඉතා ඉහළින් අගය කරන බ්‍රිතාන්‍ය වැනි රටක වැසියෙකු මෙවැනි දේවල ඉතාමත් පහත් ක්‍රියා ලෙස සලකන අතර ආගමික ඇදහිල්ලක් බලහත්කාරයෙන් ඇගේ ගසන්නට යෑම මානව හිමිකම් උල්ලංගනය කිරීමක් ලෙසද සලකනු ලබයි. එබැවින් සංචාරය සදහා ඉතාමත් උචිත සුබදායි වාතාවරණයක් ලංකාව තුළ ගොඩනැගී තිබියදී මෙවැනි අශෝභන ක්‍රියාවන් වලට සංචාරකයන්ට මුහුණදීමට සිදුවීම රටේ සංචාරක කර්මාන්තයට අසුබදායක ලෙස බලපෑම් කළ හැකිය.

    විශේෂයෙන්ම යුරෝපීය රටවල පුරවැසියන් අතර ඉස්ලාමීය අන්තවාදය පිළිබදව ඉතාමත් රිනාත්මක ආකල්පයක් ගොඩනැගී ඇති මෙවැනි කාලයක එවැනි අශෝභන බලහත්කාරකම්වලට ලංකාව තුළදී මුහුණ දීමට සිදුවීම නිසා රට පිළිබදව වැරදි ආකල්ප සහ වැරදි තොරතුරු ප්‍රචාරය වීමට ඉඩ ඇත. බොහෝ දුරට යුරෝපීය රටවල සංචාරකයන් යම් සංචාරක ගමනාන්තයක් තෝරාගනු ලබන්නේ එම රටවල සංචාරය කළ තම හිතවතුන්ගෙන් ලබා ගන්නා තොරතුරු අනුවය.

    මීට වසර කිහිපයකට පෙර තංගල්ල ප්‍රදේශයේදී බ්‍රිතාන්‍ය සංචාරක යුවලකට මුහුණ දෙන්නට සිදුවූ ඛේදනීය සිදුවීම නිසා බ්‍රිතාන්‍ය සංචාරකයන් තුළ ලංකාව සම්බන්ධයෙන් වූ සුබවාදී ආකල්පයට දැඩි බලපෑමක් ඇති වූ අතර එම සිදුවීම් මැකී යන්නටත් පෙර යුරෝපීය සංචාරකයන් පිළිකුල් කරන ආගමික අන්තවාදී අඩන්තේට්ටම්වලට ශ්‍රී ලංකාව තුළදී ලක්වීම රටේ නමටත් සංචාරක කර්මාන්තයටත් ඉතා අහිතකර අන්දමින් බලපානු ඇත.

    එබැවින් මෙවැනි සිදුවීම් වන්නේ කොළඹදී පමණක්ද රටේ වනත් ප්‍රදේශවලදීත් සිදුවනවාද යන්න සොයා බලා ඒව වැළක්වීමට වහාම පියවර ගන්නා ලෙස ශ්‍රි ලංකා පොලීසියෙනුත් සංචාරක මණ්ඩලයෙනුත් ඉල්ලා සිටිමු.

    සුමල් හේවාගම – ලන්ඩන්​

    http://www.colombotoday.com/9231-2/
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතිං සුද්දා පොලීසි ගිහිං නැද්ද? සුපිරි වෙලඳසැලේ CCTV කැමරා වලින් ඕකුංව අල්ලන්න පුලුවන්නෙ. :dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පැටියා;19420883 said:
    ඉතිං සුද්දා පොලීසි ගිහිං නැද්ද? සුපිරි වෙලඳසැලේ CCTV කැමරා වලින් ඕකුංව අල්ලන්න පුලුවන්නෙ. :dull:

    :yes::yes::yes:
    okunva allala hire danna tiyenne. mona agamak unath ohoma balen age gahanna denna puluwanda :angry:
     

    Similar threads