බසයක් නොවුනත් කඳුකරයට අමිල සේවයක් කල route van

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room










    කඳුකර වතු ගම්මානවලට එකල බස් රථයකටත් කල නොහැකි අමිල සේවාවක් සිදුකල route van එකක් තම අවසන් කාලය ගෙවාදමන අයුරු..
    සමහක් දුශ්කර වතු ගම්මාන වල මංගල දිනයේ මනාල යුවලගේ මංගල ගමනේ සිට අළුත උපන් බිළිදා ගෙදරට ගෙන ඒමත් සමහර වෙලාවන් වලට නගර රෝහලේ මියැදුනු තම සහෘදයාගේ නිසල දේහය වල ගොඩැලි වතු මාවත් ඔස්සේ නිවසට ගෙනඑ්ම දක්වාම වු අමිල සේවාවත් ..
    වතු මාසික වැටුප් ගෙවන දිනට නගරයේ සිට වහලයේ පවා බඩු පටවාගෙන වතු ගම්මාන වලට යන දර්ශනය එකල සුලභ විය..
    අදටත් සමහර පැති වල මෙම මගී ප්රවාහන සේවාව පවතී...

    - Pubudu Koholdeniya -




    0ymAJn6.jpg


     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    මට මතකයි ඉස්සර ලොකු අම්මලගෙ ගෙදර යනකොට බස් එකේ ගිහිං එහෙ ටවුන් එකෙන් බස්ටෑන්ඩ් එකෙන් බැස්සාම තියනවා බාග ලොරි. ලී බොඩි තියන ඉසුසු වගේ පරණ ලොරි. ඒවගෙ බංකු හයිකරලා , පිටිපස්සට දැල් ගහලා තියෙන්නෙ. ඒව තමයි ඇතුලෙ ගම්මාන වලට යන බස්. ටවුන් එකෙන් බැහැල ඒකක නැගල තමයි ලොකු අම්මලගෙ ගමෙන් බහින්නෙ ඉස්සර.. ඔය ජාතියේ වෑනුත් තිබ්බා. ඉසුසු, නිසාන්, ඩෙලිකා..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මට මතකයි ඉස්සර ලොකු අම්මලගෙ ගෙදර යනකොට බස් එකේ ගිහිං එහෙ ටවුන් එකෙන් බස්ටෑන්ඩ් එකෙන් බැස්සාම තියනවා බාග ලොරි. ලී බොඩි තියන ඉසුසු වගේ පරණ ලොරි. ඒවගෙ බංකු හයිකරලා , පිටිපස්සට දැල් ගහලා තියෙන්නෙ. ඒව තමයි ඇතුලෙ ගම්මාන වලට යන බස්. ටවුන් එකෙන් බැහැල ඒකක නැගල තමයි ලොකු අම්මලගෙ ගමෙන් බහින්නෙ ඉස්සර.. ඔය ජාතියේ වෑනුත් තිබ්බා. ඉසුසු, නිසාන්, ඩෙලිකා..
    gama koheda? route ekai, bahina thenai kiyapan balanna??
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    issara hanthane ape bappalage diha yaddi train eke gihin owage yanne. a dawas wala ekkenekta 10 da koheda.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    gama koheda? route ekai, bahina thenai kiyapan balanna??
    ලොකු අම්මලගෙ ගම තියෙන්නෙ කොබෙයිගනේට ගිහිං එහෙං ඇතුලට යන්න ඔ්න. කොබෙයිගනේ ටවුන් එකෙන් තමයි ඔය ජාතියෙ ලොරි බාග, වෑන් තිබ්බෙ ඇතුලෙ ගම්වලට යන්න.. 90ස් වල මුල මං මේ කියන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    උබල ඔව්වගෙ ගිහින් තියෙනවද? බහිනකොට තමා ආතල් එක කකුල ඉල්ලගන්න පස්සෙන් යන්න ඕනි පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත්.

    පැය ගාණක් වෑන් එක තියාන ඉන්නව ටවුන් එකේ ඊට පස්සෙ යනකොට මාර හදිසියක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සර කඩුගන්නාවෙ එහෙම ඕව 10ක් 15 තිබ්බ. ඕවගෙත් මිනිස්සු දොරෙත් එක්ක එල්ලිලා යන්නෙ.

    කඩුගන්නාව මොකක්ද. නුවර ටවුමෙ ඉඳන් රෑ 9ට විතර කුණ්ඩසාලේ පැත්තට යන්න උනෙත් ඕවයෙ. 🤦‍♂️ මහ ඈතක නෙවෙයි අවුරුදු දහයකට විතර කලිං. 😁

    අපේ ගමේ නං මම ඕකක අන්තිමට ගිහින් තියෙන්නෙ කොයි කාලෙද කියලවත් මතක නෑ. මතක ඇති කාලෙක නං නෙවෙයි. අවුරුදු 25 කටත් එහා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උබල ඔව්වගෙ ගිහින් තියෙනවද? බහිනකොට තමා ආතල් එක කකුල ඉල්ලගන්න පස්සෙන් යන්න ඕනි පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත්.

    පැය ගාණක් වෑන් එක තියාන ඉන්නව ටවුන් එකේ ඊට පස්සෙ යනකොට මාර හදිසියක්.
    issara Marawila - Naththandiya athara diwwe oya wage ekak.

    minissu Sardin tin eke wage.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Looks like ISUZU ELF van . They were used in high roof and low roof models for passanger transport during early privatization till late 80s in Colombo suburbs. Very uncomfortable and driven carelessly by drivers and also sometimes conductors without licence. These were phased out subsequently Nissan Caravan, Homey which had more seating capacity, but not hardy as them.
    Some ELF vans were used for School service for Colombo and suburbs even as late as 90's . Very hardy vehicle and sometimes they are still in use for delivery of lesser known brands and food.
    Good old memories.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    ඕක විකුනලා විකුනලා අවසාන පාඩුව දරාගන්න එකාට කොච්චර පාඩුවක් වෙනව ඇද්ද මුල්‍යමය අතින්?

    අන්තිමට ගන්න එකා ගන්නෙ පතෝල මැස්ස යවන්න

    ඕකට කියන්නෙ අපි ඉස්සර රොටි වෑන් කියල. ස්කූල් සර්විස් වලට එහෙම දාලා තිබුනනෙ. පොශ් ලමයි යන්නෙ නම් නෑ ඔය මොඩල් එකේ. උන් ඉස්කොලෙ එන්නෙ කැරවෑන් හරි ඩොල්ෆින් හරි ඒවගෙ. late 90s early 2000 years