බසයේදී ආරූඪ වෙලා කතක් මිතුරියට අම්බානක නෙළලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පැල්මඬුල්ල නගර මධ්‍යයේ දී පෙරේදා 19 වැනිදා දහවල් කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ තවත් කාන්තාවකගෙන් ප්‍රශ්න කිරීමේ දී ආරූඪයක් ආරෝපණයවීමෙන් ප්‍රහාරය එල්ල කළ බව පවසා ඇත.
    එකට පැමිණි මිතුරියන් දෙදෙනා පෙරදින රාත්‍රී නවාතැන්පොළක කාමරයක් ගෙන නැවතී සිටි බවද පොලිසියේ දී අනාවරණය විය.
    දෙනෝ දාහක් මැද එක් කාන්තාවක තවත් කාන්තාවකට කෙහෙවළු පටලවාගෙන පහරදීම් සිදු කරගන්නා ආකාරය නගරයේ සිටි ජනතාවට දැකගන්නට ලැබී ඇති බව පොලිසිය කියයි. එක් කතක ආවේගශීලිව කලහකාරි ලෙස හැසිරුණු ආකාරය ඒ අවස්ථාවේදී පැල්මඬුල්ල නගරයේ සිටි පිරිසට දකින්නට ලැබී තිබිණි.
    විනාඩි විස්සකට ආසන්න කාලයක් මෙම ප්‍රහාරය සිදු වෙද්දි කිහිප දෙනෙක් එය වැලැක්වීමට උත්සාහ ගත්හ. පසුව පැල්මඬුල්ල පොලිසියේ නිලධාරින් ද නිලධාරිණියෝ ද පැමිණ කාන්තාවන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගියහ.
    නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තාව සන්සුන් වු පසුව පොලිසියට පවසා ඇත්තේ තමාට ආරූඪයක් වැසුණු බවයි. තමා සමග පැල්මඬුල්ල නගරයට පැමිණි මිතුරියට ඒ නිසා පහර දෙන්නට ඇතැයි ද පහරදීමක් සිදුවූවා ද කියා තමා නොදන්නා බවද ඇය පොලිසියට ප්‍රකාශයක් කර තිබේ.
    එක් කාන්තාවක අනුරාධපුරයේ බවත් අනෙක් කාන්තාව කොළඹ ප්‍රදේශයේ බවත් පොලිසිය පවසයි.
    බස් රථයක් තුළට නැගගත් පසු බසය තුළදී ආරූඪවීමෙන් ඇය නොසන්සුන් ලෙස හැසිරුණු නිසා ඇය බසයෙන් බස්සවා ගත් පසු ඇය ආරූඪයෙන් තමාට පහරදුන් බව මිතුරිය ද පොලිසියට පවසා තිබුණි. කාන්තාවන් දෙදෙනාගේ කැමැත්තෙන් සිද්ධිය සමථයකට පත් වූ නිසා ඔවුන් මුදාහැරිය බව පොලිසිය පවසයි.
     

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    අම්බෝ දූපතේ ආතල් 😂 ඒත් බන් මේකෙ ලීගල් සයිඩ් එක දන්නේ නැති නිසා අහන්නේ. මිනීමැරුමක් කරලා ඒක ආරූඪෙන් කරේ කිව්වොත් මොකද වෙන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අම්බෝ දූපතේ ආතල් 😂 ඒත් බන් මේකෙ ලීගල් සයිඩ් එක දන්නේ නැති නිසා අහන්නේ. මිනීමැරුමක් කරලා ඒක ආරූඪෙන් කරේ කිව්වොත් මොකද වෙන්නේ

    lake pankawe ekath ithin manussayage hatiyata thamai
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අම්බෝ දූපතේ ආතල් 😂 ඒත් බන් මේකෙ ලීගල් සයිඩ් එක දන්නේ නැති නිසා අහන්නේ. මිනීමැරුමක් කරලා ඒක ආරූඪෙන් කරේ කිව්වොත් මොකද වෙන්නේ
    ආරූඩ වෙච්ච බූතයා විතරක් නිදහස් වෙනවා. :rofl:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    තව ටික දවසකින් පිම්පිජිත් බස් එකක ප්‍රසිද්දියේ තේ ගහලා කියයි ආරූඩ වෙලා කලේ කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මොකක් හරි කොස්සක් තියෙනවා story එකේ
    ආප්ප case ද මන්දා
    සුවර් එකටම එක ගෑනියෙක් අනිත් ගෑනිගේ මිනිහා එක්ක කොටු පැනපු සීන් එකක් වෙන්න ඇති. අඩුකුලේ නිසා ඒ මිනිහා ලොවෙත් ත්‍රයි ලෝක පුට්ටු කාරයෙක් :unsure::ROFLMAO:.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    අඩෝ මමත් කාට හරි පොරි හැලෙන්න නෙලලා මෙහෙම කියලා බලන්න ඕනේ :P
    @Solo Rider පරෙස්සම් වෙලා ඉන්න වෙයි. ආරූඩ වුනා කියල ඇරියස් කවර් කරන්න වගේ යන්නෙ :rolleyes: