බස්නාහිර අධ්‍යාපනය නැංවීමට
බස්නාහිර පළාතේ අධ්‍යාපන සංවර්ධනය සඳහා තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ අනුව ඉදිරි වසර 3 ඇතුළත බස්නාහිර පළාතේ සාක්ෂරතාව සියයට 98ක් දක්වා වර්ධනය කිරීම, පළාත් පාසල්වල 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ළමුන් රැදී සිටීමේ අනුපාතය සියයට 98 දක්වා වර්ධනය කිරීම එම වැඩසටහනේ අරමුණ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියයි.
මෙම වසරේ බස්නාහිර පළාතේ අධ්‍යාපන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1491 ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලියන 918 ක ප්‍රමාණයක් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වෙන් කර ඇති බව සඳහන්ය.
මීට අමතරව සෞඛ්‍ය පෝෂණ වැඩසටහන්, විශේෂ අවශ්‍යතා සහිත සිසුන් පාසල්ගත කිරීමේ වැඩසටහන්, සිසුන් 50ට අඩු පාසල් සංවර්ධන කිරීමේ වැඩසටහන් සහ විභාග ප්‍රතිඵල සංවර්ධනය කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
අදදෙරන
බස්නාහිර අධ්‍යාපනය නැංවීමට තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරනවා