බළලත් තුමාට ජලභීතිකා එන්නත විද්ද

AnuradhaRa

Well-known member
  • මෙච්චර දවසක් පරක්කු වුණේ මොකද දන්නවද..

    දොස්තර නෝන දවල් 12.30 න් පස්සෙ නෑ. ආයෙ ඉන්නෙ හවස 4 න් පස්සෙ

    මූ දවල්ට කන්න එන්නෙ 12.30 පහු වෙලා

    ඊයෙ මං බලනකොට මූ ඉස්සරහ පඩියෙ වැතිරිලා ඉන්නව 11.30 ට විතර

    මං දඩි බිටි ගාල කූඩෙ හෝදල, ඇදුමක් ඇදගෙන මූව කූඩෙට දාගෙන ඩොක්ටර් ගාවට ගෙනිච්ච

    විද්ද. රුපියල් 1000 යි. මූට ඉන්ජෙක්ෂන් එක විද්ද කියල තේරුණේවත් නැද්ද කොහෙද.. ඒ තරං ගඩ්ඩ මූ...

    මං කිව්ව ඩොක්ටර්ට මූ කන්නයි ගිමන් හරින්නයි විතරයි ගෙදර එන්නෙ කියල
    ඩොක්ටර් අහනව එතකොට මූ කොහෙද ඉන්නෙ කියල. අපි තමා මුගෙ අයිතිකාරයො
    තව අහනව වත්තෙ හැම තැනම ඇවිදිනවද කියල. මං කිව්ව වත්තෙ නෙමේ මුළු ගම පුරාම යනව කියල 😅
    වද කෙරුවනං ඔය ප්‍රශ්න මොකුත් නෑ කිව්ව. ඒ වුණාට ඉතිං ඔහොම වද කරන්න ගියොත් ඉස්සරහට පූස් පරම්පරාව නැත්තටම නැති වෙලා යයි... :(
    බළල් තුමීවත් ඔපරේෂන් කරල තියෙන්නෙ