19 න් ගොඩයන්නට හදපු රට වලපල්ලට යවපු දින 100
******************************************
රටක ඉදිරි පැවැත්ම ගැන සුභවාදීව දකින සියලුම ජනතාව ජනවාරි 8 න් පසු භේදයකින් තොරව බලාපොරොත්තු වූ දෙයක් ඇත. තිබුණු යහපත් ලක්ෂණ උකහා ගනිමින් අයහපත් දේ බැහැර කරමින් ඉදිරි දේශපාලනික නායකත්වය කටයුතු කරනු ලබත්වායි ඉතසිතින් අප ප්‍රාර්ථනා කලෙමු. කැලැන්ඩරයේ දින ගනිමින් දින 100 ගත වෙන්නේ කවදාද යන්න නොසෙවූ අප යහපත් දේ කුමන මොහොතක කලද බාරගැනීමට විමසිලිමත් වීමු.
නමුත් දැන් සියල්ල සිදු වී හමාර වෙමින් ඇත. දින 100 තුල රට වඩ වඩාත් අසීරු අඩියකට පත් වී ඇත. ආර්ථිකව සවිඥාණික මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු නොවූ අබල දුබල ආර්ථික රටාවන් පෙන්නුම් කරමින් පවතී. රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට පෙරෙලෙන ලකුණු පහළ වී ඇත. එදිනෙදා රාජ්‍ය පරිපාලනය ස්ථාවරව ගෙන යාමට පවා සැලසුම් නොමැතිව වලපල්ලට යන රටක් නිර්මාණය වෙමින් පවතී.
විදෙශ් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් උපරිම් මාස 4 කට විය හැකි බව දැන ගන්නට ඇත.
දින 100 යනු පනත් සම්මත කිරීමට යොදාගත් කාලයක් බව සිතා සිටින සමහරක් ද සිටී. රටේ සංවර්ධන ක්‍රියාවලීන් එහෙම් පිටින්ම අඩාල වුණත් පනත් හා ව්‍යවස්ථා සංශෝධනය තුලින් රටේ දියුණුව ඇතිවේය යන උපාය මාර්ගික මතය ජනතාවට පොම්ප කිරීමට පාලකයෝ සමත්ව සිටී.
කිසිදු ඉදිරි සංවර්ධන කාර්යකට නව සැලසුම් දින 100 ඇති නොවීය. දින 100 පමණක් නොව ඉන් පසුවද තවම දැකිය නොහැකිය. රැකියා අවස්ථා ඇතිකරන බවත් සේවා ආර්ථිකයක් නොව වෙළඳ ආර්ථිකයක් ඇති කරන බවටත් පුරසාරම් දෙඩූ රනිල් ඇතුලු නව ලිබරල් පරපුර ඒ කිසිඳු ආකාරයක පියවරක් ගැන කතාවක් වත් නොකරයි. ඔක්කොටම කියන එකම කතාව 19 සම්මත කරා පමණි.
දිය නොහැකි පොරොන්දු පත්‍රයක් සම්ඟින් රටේ ඉදිරිය ආගාදයට පත් කල රනිල් ඇතුලු නඩය එදා සිට රටට කල හතුරු කම් වෙනසක් නොමැතිවම කරමින් සිටී.
සියලු ජනයා අතර සහජීවනය ඇතිකරනවා කියා බහුතරය වූ සිංහල ජනතාව වෙත දෙමළ ජනයා කෙරෙහි වෛරය පොම්ප කරමින් සිටී. දෙමළ ජනයාගේ යුධ සැමරුම් වලට අනුග්‍රහය දෙමින් දකුණේ සිදු වූ විරු සැමරුම හෙළාදකිමින් කරන්නේ ඉතාමත් නින්දිත ආකාරයට සිංහල ජනයාගේ සිත් තුල නොමැති වෛරයක් ඇති කිරීමය.
තුන් ගුණයකින් සංවර්ධනය කරන්නට ආ පාලකයෝ එය අඩකින් වත් කිරීමට අසමත්ය. යටිතල පහසුකම් සංවර්ධනයේ පුලුල් වූ පියවරක් ලෙස ඉදිවුණු අධිවේග මහින්ද සමයේ ඉදිවූවා පමණක්ම විය. නව සැලසුම් සහිතව ඉදිවෙන අධිවේගයේත් කැබිනට අනුමැතිය ලත් ඇස්තමේන්තුව පෙර රජයට වඩා දෙගුණයකින් වැඩි ඇස්තමේන්තුවක් බව ආලාපාලු කෘතිය උපුටා දක්වමින් පැවසිය හැක.
ඉදිරි දින කිහිපය තුල හිඟ වෙන මුදල් සංචිතය පියවා ගැනීමට බටහිරෙන් සහය පතනා පාලකයොට කොන්දේසි සහිත පාලනයකට යටත් වීමට සිදුවනු ඇත. ඉන්දියාව හා ඇමරිකාව පිබුරු පත් සකස් කලේ එයට බව රහසක් නොවේ.
බටහිර කුමන්ත්‍රණ කියන විට හිනා වූ මිනිසුනේ, ලඟ එන කාලය එහි නරකම පූර්වාදර්ශයක් වනු ඇත. රනිල් සම්මත කරගන්නට වෙර දැරූ 19 සම්මත නොවුණු නිසා අතිශය සැනසුම් කාරී සහනයක් අප රටට ඇතිවිය. එසේම රනිල් සැලසුම් කල ආකාරයට ඉදිරි ආර්ථික සැලසුම්ද ඉටු කිරීමට නොලැබේවා යන්න ජනතා පැතුම විය යුතුය.නැති නම් අදුරු යුගයක් ඇති වීම වැළැක්විය නොහැකිය.