බ්ලැක් පැන්තර් සමග යළි හිස ඔසවන අනාගත-අප්&#820

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බ්ලැක් පැන්තර් සමග යළි හිස ඔසවන අනාගත-අප්&#820

    අනාගත අප්‍රිකානුවාදය

    Afrofuturism යනු අප්‍රිකානු ඩයස්පෝරාවේ ඇති සංස්කෘතීන් සමගින් විද්‍යා ප්‍රබන්ධයන් සහ විවිධ ෆැන්ටසි එක් කිරීමෙන් ගොඩනගන ලද කලාවකුයි. ලොව පුරා විසිර සිටින අප්‍රිකානු මහද්වීපයට තම අක්මුල් යා කළ හැකි සියලු දෙනාම මෙම ඩයස්පෝරාවට අයත් වන්නන් ලෙස සැලකිය හැකියි. සංස්කෘතීන් පිළිබඳ විචාරක මාක් ඩෙරී විසින් 1994 වසරේදී ඉදිරිපත් කරන ලද “Black to the future” නැමති විචාරක ලිපිය මගින් මෙම සංකල්පය ඉදිරිපත් කිරීම මගින් අනාගත-අප්‍රිකානුවාදය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට වුණා. අනාගත-අප්‍රිකානුවාදී සංකල්පය යනු අනාගත යුටෝපියාවකට සමාන සංකල්පයක්. එම යුටෝපීය ලෝකය සර්ව සම්පූර්ණ ලොවක් ලෙසත් අනාගත-අප්‍රිකානුවාදය තුළ දැක්වෙනවා. එහි නව නිපැයුම්කරුවන්, විද්‍යාඥයින් සහ තාක්ෂණික දියුණුවේ පුරෝගාමීන් වන්නේ කළු ජාතිකයිනුයි. සුදු ජාතිකයින් හට අධික ප්‍රතිලාභ ලැබුණු බටහිර ඉතිහාසය හා සබැඳි අදහස් මෙන්ම එකී ඉතිහාසයද මෙම සංකල්පය මගින් ප්‍රශ්නගත කෙරෙනවා.
    බටහිර ඉතිහාසය දෙස බැලූ විට නම් 1950 දශකයේ සිට අනාගත-අප්‍රිකානුවාදී චින්තනයේ කොටස් දැකගන්නට හැකියි. දෘශ්‍ය මාධ්‍ය සහ නවකතාවන්ගේ සිට චිත්‍රකතා පොත් සහ සංගීතය දක්වාම එම චින්තනයේ මුල් දිව යනවා.
    අනාගත-අප්‍රිකානුවාදී චින්තනයේ ආභාසය බ්ලැක් පැන්තර් චිත්‍රපටය පුරාම දැකගත හැකියි. කිසිදා කිසිදු විදේශ ආක්‍රමණයකට නතු වී නැති වඛණ්ඩා නැමති ලොව තාක්ෂණික වශයෙන් වඩාත්ම දියුණු මනඃකල්පිත දේශය අප්‍රිකානුවාදයේ එන යුටෝපියානු සිහිනය මනාව හුවා දක්වනවා. මීට අමතරව මෑතකාලීනව අනාගත-අප්‍රිකානුවාදී අදහස් සමාජගත කිරීමට තැත් කළ කලාකරුවන් දෙදෙනෙකු ලෙස සංගීතඥ ජෙනෙල් මොනේ සහ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඒවා ඩ්‍යු වර්නේ යන කාන්තාවන් දෙදෙනාව හඳුන්වා දිය හැකියි.
    image-21-680x383.jpg

    සුපිරි ගායිකා ජෙනෙල් (youtube.com)

    ඇන්ඩ්‍රොයිඩ් රොබෝවරිය – සින්ඩි

    ජෙනෙල්ගේ සියලු සංගීත ඇල්බමයන්ගේ මූලික තේමාව වන්නේ අනාගත-අප්‍රිකානුවාදයයි. ඇගේ ගීත වල රූප රාමු වල ප්‍රධාන චරිතය වන්නේ “සින්ඩි” නැමති ඇන්ඩ්‍රොයිඩ් රොබෝවරියක්. ඇය අඩක් මිනිස් – අඩක් රොබෝවරියක් ලෙසයි හැඳින්වෙන්නේ. ඇගේ චරිතය අනාගතයේ සිට වර්තමානය වෙත කාල තරණය කොට පැමිණි කෙනෙකුගේ චරිතයක් ලෙසයි නිරූපණය වන්නේ. ඇයව එසේ කාල තරණය මගින් වර්තමානය වෙත එවා ඇත්තේ අගතිගාමී සහ පක්ෂග්‍රාහී රජයකට එරෙහිව නැගෙන කැරැල්ලකට නායකත්වය සැපයීමටයි. මේ මුළු සිද්ධි දාමය පුරාවටම රැඳී ඇත්තේ කළු ජාතිකයින්ගේ නැගීම සහ සම අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් සටන් වැදීම පිළිබඳවයි.
    විද්‍යා ප්‍රබන්ධ ගත් කතුවරියක් වන ඔක්ටේවියා බට්ලර් යනු අනාගත-අප්‍රිකානුවාදය හුවා දැක්වෙන ග්‍රන්ථ සම්පාදනය කළ කතෘවරියක්. 1900 සමයේ දෙවැනි භාගය තුළ ලියැවුණු ඇගේ ග්‍රන්ථයන්හි ප්‍රධාන චරිත වන්නේ කළු ජාතික කාන්තා චරිතයි. මේ වකවානුව තුළ ග්‍රන්ථකරණ ක්ෂේත්‍රයේ වැඩි ඉඩක් හිමි කරගෙන සිටියේ සුදු ජාතික කතුවරුන් විසිනුයි. මේ කාලය තුළ ඔක්ටේවියාගේ විද්‍යා ප්‍රබන්ධ තුළින් හුවා දැක්වුණු අනාගත-අප්‍රිකානුවාදී චින්තනය සැබෑ චින්තන පෙරළියක සලකුණු කියා පෑ බවයි විචාරකයින් පවසන්නේ.
    image-31-680x450.jpg

    ඔක්ටේවියා බට්ලර් (clockshop.org)

    මාක් ඩෙරීගේ විචාරක ලිපිය තුළ නගා ඇති එක් පැනයක් නම් “තමන්ගේ අතීතය හිතාමතාම සහමුලින්ම අතුගා දැමීමට ලක්වුණු ජාතියකට අනාගතයක් පිළිබඳව සිතිය හැකිද” යන්නයි. එම පැනයට පිළිතුරු සැපයීමට ඔක්ටේවියාගේ කෘති මගින් ගෙන ඇති උත්සාහය මනාව පැහැදිලි වනවා.
    image-4-680x382.jpg

    චිත්‍රපට අධ්‍යක්ෂිකා ඒවා ඩ්‍යු වර්නේ (denofgeek.com)

    අනාගත-අප්‍රිකානුවාදයේ සලකුණු

    ඔක්ටේවියා විසින් 1987 වසරේදී රචිත “Dawn” නැමති කෘතිය රූපවාහිනී තිරය වෙත ගෙන ඒමට තමා කටයුතු කරන බව ඒවා ඩ්‍යු වර්නේ ගිය වසරේ අගෝස්තු මාසයේදී ප්‍රකාශ කළා. එම කථාවෙහි ප්‍රධාන චරිතය වන්නේත් කළු ජාතික කාන්තාවකුයි. මීට ශතක ගණනකට එපිට අනාගතය වන විට වඳ වී යන මනුෂ්‍ය සංහතිය නැවත ව්‍යාප්ත කරවීම සඳහා පිටසක්වල ජීවින් සමග එම කාන්තාව අත්වැල් බැඳගන්නා ඇයගේ කතාව විද්‍යා ප්‍රබන්ධ අතුරිනුත් මදක් වෙනස් එකක් බවට හඳුනාගත හැකියි. “A Wrinkle in Time” නැමති කෘතිය ඇසුරින් ඩ්‍යු වර්නේ විසින් නිපදවා ඇති චිත්‍රපටයද ලබන මස නිකුත් වීමට නියමිතයි. එහි චරිත රැසකට පන පොවන්නේ කළු ජාතික නළු නිළියන් කණ්ඩායමක්. Jay Z නම් වන පොප් ගායකයාගේ “Family Feud” නමැති ගීතයේ රූප රාමු අධ්‍යක්ෂණ කරන ලද්දේද ඇය විසිනුයි. එහි ඇත්තේ අනාගතයේ ලොව පාලනය කරනු ලබන කළු ජාතික කාන්තාවන් පිළිබඳව පුවතකුයි.
    එමෙන්ම, ජනප්‍රිය පොප් ගායිකාවන් වන රියානා සහ බියොන්සේගේ ගීත සහ ඒවායේ රූප රාමු තුළින්ද අනාගත-අප්‍රිකානුවාදයේ සලකුණු දැකගත හැකියි.
    image-5-680x453.jpg

    බ්ලැක් පැන්තර් චිත්‍රපටයේ ප්‍රධාන චරිත (craveonline.com)

    මේ සියලුම නිර්මාණයන්ගේ පිටුපස ඇත්තේ අනාගතයේ කළු ජාතිකයින්ගේ ඉරණම කෙසේ වේද යන්න පිළිබඳවයි. නමුත් රයන් කූග්ලජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද බ්ලැක් පැන්තර් චිත්‍රපටය තුළින් වර්තමානය තුළ අනාගත-අප්‍රිකානුවාදී අදහස් කෙසේ ස්ථාපිත වන්නේද යන්න පෙන්වා දෙනවා. එහි එන දුෂ්ට ඇමරිකානු චරිතයට පටහැනි චරිතයක් වන ට්’චලාගේ චරිතය කළු ජාතිකයින් සතු විද්‍යාත්මක දැනුම, තාක්ෂණික දැනුම සහ සාම්ප්‍රදායික ඇදහිලි හා විශ්වාස යන සියල්ලේම එකතුවකින් සැදුණු සුපිරි වීරයෙක් ලෙස බ්ලැක් පැන්තර් චිත්‍රපටය තුළ නිරූපණය කෙරෙනවා.
    “..අප්‍රිකානු ඩයස්පෝරාවේ සාමාජිකයින්ගෙන් බහුතරයක් දෙනා ඇමරිකානු-අප්‍රිකානුවන් වනවා. ඔවුන් යටත් විජිතකරණයේ පමණක් නොවෙයි, එහි අන්තවාදීම පියවර වන වහල් භාවයේද වින්දිතයින් වනවා. නමුත් ට්’චලා යනු කිසිදා මේ කිසිවකට යටත්ව නොමැති දේශයක උරුමකරුවායි..” බ්ලැක් පැන්තර් චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වන රයන් කූග්ලර් ප්‍රකාශ කරනවා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇත්ත කියපන්.උඹත් රොබෝ කෙනෙක් නේද?සුපිරි ත්‍රෙඩ් සුපිරියටම දාන්නේ.:P:love::love::angry:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka
    Malaysia wala hitapu ekek kivva ehe African un Black Panther balanna giyaalu thanikarama cultural dressing walin. un hena aasawen lu film eka balanna giye :)


    Passe uoo african ekekta kiyala "Wakanda" thiyenne Sri Lanka wala kiyala map eken වෑකන්ද pennuwalu :rofl::rofl::rofl::rofl:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Malaysia wala hitapu ekek kivva ehe African un Black Panther balanna giyaalu thanikarama cultural dressing walin. un hena aasawen lu film eka balanna giye :)


    Passe uoo african ekekta kiyala "Wakanda" thiyenne Sri Lanka wala kiyala map eken වෑකන්ද pennuwalu :rofl::rofl::rofl::rofl:




    බ්ලැක් පැන්තර් එකෙන් මචං ගොඩාක් අෆ්‍රිකන් කල්චර් එක හිට් උනා.

    වෙන හොලිවුඩ් ෆිල්ම් වලින් වෙන්නෙ එක්කො අෆ්‍රිකන් රටකට ඇමරිකන් හමුදාව ගිහින් යුද්ද කරලා ගහලා එන එව්වා, එක්කො අප්‍රිකන් කළු එවුන් තග්ස් ලා ,පයිරෙට්ස් ලා වගෙ ඉන්න එව්වා ,
    වෙන ෆිල්ම්ස් තිබ්බා කළු එවුන් ප්‍රොටොගනිස්ට් කැරැක්ටර් එක වෙච්ච ඔනි තරම් ,ඔය විල් ස්මිත් එහෙම නැත්තම් එඩී මර්ෆි වගෙ ,එත් අෆ්‍රිකන් අනන්‍යතාවය නැහැ නෙ ඒ එක ෆිල්ම් එකකවත්, අෆ්‍රිකන් අනන්‍යතාවයට හොඳටම තැනක් දුන්නෙ මේ ෆිල්ම් එකෙන්,ඒකයි ඔය ෆිල්ම් එක කල්ලො අතර හිට් එකක් උනෙ.

    හරියට බාහුබලි එකෙන් හින්දු අනන්‍යතාවයට තැනක් දුන්නා වගෙ,
    බාහුබලි උනත් ගොන් පාර්ට් ගොඩක්ම. එත් ඉන්දියාවෙ හින්දු කල්චර් එක සීමා උනෙ කොවිලෙ බෙල් එක ගහන එකට විතරයි වීරයාට පන එන්න.
    බාහුබලි එකෙන් හින්දු ටෲ කල්චර් එකට ලොකු තැනක් දුන්න.

     
    • Like
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka




    බ්ලැක් පැන්තර් එකෙන් මචං ගොඩාක් අෆ්‍රිකන් කල්චර් එක හිට් උනා.

    වෙන හොලිවුඩ් ෆිල්ම් වලින් වෙන්නෙ එක්කො අෆ්‍රිකන් රටකට ඇමරිකන් හමුදාව ගිහින් යුද්ද කරලා ගහලා එන එව්වා, එක්කො අප්‍රිකන් කළු එවුන් තග්ස් ලා ,පයිරෙට්ස් ලා වගෙ ඉන්න එව්වා ,
    වෙන ෆිල්ම්ස් තිබ්බා කළු එවුන් ප්‍රොටොගනිස්ට් කැරැක්ටර් එක වෙච්ච ඔනි තරම් ,ඔය විල් ස්මිත් එහෙම නැත්තම් එඩී මර්ෆි වගෙ ,එත් අෆ්‍රිකන් අනන්‍යතාවය නැහැ නෙ ඒ එක ෆිල්ම් එකකවත්, අෆ්‍රිකන් අනන්‍යතාවයට හොඳටම තැනක් දුන්නෙ මේ ෆිල්ම් එකෙන්,ඒකයි ඔය ෆිල්ම් එක කල්ලො අතර හිට් එකක් උනෙ.

    හරියට බාහුබලි එකෙන් හින්දු අනන්‍යතාවයට තැනක් දුන්නා වගෙ,
    බාහුබලි උනත් ගොන් පාර්ට් ගොඩක්ම. එත් ඉන්දියාවෙ හින්දු කල්චර් එක සීමා උනෙ කොවිලෙ බෙල් එක ගහන එකට විතරයි වීරයාට පන එන්න.
    බාහුබලි එකෙන් හින්දු ටෲ කල්චර් එකට ලොකු තැනක් දුන්න.

    Wenna oni ban. African unta pissu wagelu movie ekata :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක හොඳයිද බං මං තාම බැලුවෙ නෑ නිකං ස්පයිඩ මෑන් වගේ එකක්ද ? :confused:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේක හොඳයිද බං මං තාම බැලුවෙ නෑ නිකං ස්පයිඩ මෑන් වගේ එකක්ද ? :confused:
    සුපර් හීරො මූවි එකක් විදියට නම් බැළුවොත් ගන්න දෙයක් නැහැ. ගොන් පාර්ට් ගොඩායි .
    ඔය ඉන්ෆිනිටි සිරියස් එකෙ අනික් මූවීස් වගෙ.

    සීජීඅයි ,කැමරා ගිමික්ස් සුපුරුදු හොලිවුඩ් තාක්ෂණික මවාපෑම් තමා,

    කල්ලො නිසා තමා මෙකෙ ජනප්‍රියත්වය ආවෙ.

    මෙ ෆිල්ම් එක එලියට දන්න ඔනි කලින් . එත් මුන් මාකට් එක බලලා තමා එලියට දාන්නෙ.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Wenna oni ban. African unta pissu wagelu movie ekata :)
    උන්ටත් උන්ගෙ පොරත්වය ෆැන්ටසියකින් හරි විදහා පාන්න අවස්ථාවක් නෙ මෙක. නැත්තම් අෆ්‍රිකන් උන් නෙ ලොකෙ අප්සට්ම මහද්වීපය.
     

    Similar threads