බ්‍රයන් අයියා

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    black_guy_bangs_your_woman.jpg

    එක දවසක් අපේ බ්‍රයන් අයියට ලොකු අකරතැබ්බයක් වෙලා. වෙනදා වගේ වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා බාත් රූම් එකට ගිහිල්ල තියෙන්නෙ පොඩි වොෂ් එකක් එහෙම දාගන්න කියලා. ඉතින් ඔහොම වොෂ් දදා ඉන්නකොට කරුමෙට ඇඟේ ගගා හිටපු සබන් කෑල්ල ලිස්සලා බිමට වැටිලා. ඉතින් ඔන්න පොර ඕක අහුලන්න කියලා බිමට නැවෙනකොටම කකුලක් ලිස්සල ගිහිල්ල දඩාං ගාල පොලොවට පත බෑවිලා. වැටිල තියෙන්නෙ උඩු බැලි අතට කොමඩ් එකයි සින්ක් එකයි අතරට. වැටෙන්න යනකොට කලබලේට ෂවර් කර්ටන් එකේ එල්ලිච්ච හින්දා එකත් කැඩිල ඒක වැදිල බිත්තියේ ගහලා තිබිච්ච රාක්කයි, එක එක ජාතියේ බඩුයි දැන් දඩං බඩං ගගා බිමට වැටෙනවා. බ්‍රයන් අයිය වැටිල ටික වෙලාවක් යනකනුත් අර බඩු හරියට මේ දැන් කවුරු හරි වැට්ටුවා වගේ එක එක සද්ද දාගෙන බිමට වැටෙනවා. ඔන්න ටික වෙලාවක් ගියාට පස්සෙ ඔක්කොම සද්ද ටික ඉවර උනහම බ්‍රයන් අයියා අත පය හොලෝලා, ඔළුව එහෙම අතගාල බැලුවලු මොනව හරි ඩැමේච්ද කියලා. ඒත් ඔක්කොම කෑලි ටික තිතට වැඩ හින්ද ඔන්න අමාරුවෙන් නැගිට ගත්තලු. දැන් පොරට මාර හැපීලු මොකද එච්චර තදේට වැටිලත් අතක් පයක් නොකැඩි බේරිච්ච එකට. ඒ උනාට වැටිච්ච එකේ රඟේ දැනිලා තියෙන්නෙ පහුවෙනිදා තමයි.

    ඔන්න ඉතින් බ්‍රයන් අයියත් වෙනද වගේ සුපුරුදු විදිහට පහුවෙනිදා හවස ගෙදර ඇවිල්ල ජොගින් පාරක් දාන්න කියලා පාරට බැස්සලු. ඉතින් ජොගින් එක ඉවර වෙලා පොර ආපහු අපාර්ට්මන්ට් බිල්ඩින්ග් එකේ ලොබියට එනකොට බ්‍රයන් අයියාට හම්බ උනාලු බ්‍රයන් අයියාගේ අපාර්ට්මෙන්ට් එකට හරියටම යට අපාර්ට්මන්ට් එකේ ඉන්න නෝනව. එයාගෙ නම මිසිස් ඇන්ඩර්සන්. එයාගෙ මහත්තය තමයි බ්‍රයන් අයියාගේ ජොගින් පාර්ට්නර්. ඔන්න ඉතින් බ්‍රයන් අයියා ඇහුවලු,

    "හෙලෝ, ගූඩ් ඊව්නින් මිසිස් ඇන්ඩර්සන්, කෝ මේ මිස්ටර් ඇන්ඩර්සන්. ඇයි අද ජොගින් ආවෙ නැත්තෙ ?"

    "අනේ බලන්නකෝ මිස්ටර් බ්‍රයන්, ඊයේ එයා බාත් රූම් එකේ ඉන්නකොට බාත් රූම් එකේ සීලිම ඔළුවට කඩාගෙන වැටිලා ඉස්පිරිතාලෙනෙ . . ."

    බ්‍රයන් අයියා ඉක්මනට එතනින් මාරු වෙලා ගියාලු.


    ගල් කලේ මේකෙන්



    කියවල ඉවරනන් comment එකක් දාලම යන්නකො.
    හොද නම් Rep දීල යන්න අමතක කරන්න එපා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: