Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
-බ්රහ්මජාල සූත්රය ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-බ්රහ්මජාල සූත්රය ~

~ ලෝකයේ පැවතිය හැකි ගැඹුරුතම දෘෂ්ටීන් අසිරිමත් බුදු නුවණින් දුටු

දේශනාව අවසානයේ දස දහසක් ලෝක ධාතුන් කම්පා කල -බ්රහ්මජාල සූත්රය ~

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයකදී භාග්යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පන්සියයක් පමණ වූ බොහෝ භික්ෂු සංඝයා හා සමග වැඩියෝය. සුප්පිය නම් පිරිවැජියාද බඹදත් නම් තරුණ අතවැසියාද සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මාණවකයා නොයෙක් අයුරින් බුදුන්ගේ ධර්මයේ සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇඳුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුඬ කථා ඇත්තාහු භාග්යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.

2. එවිට භාග්යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළ වූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්රියක් විසීමට භික්ෂු සංඝයා සමග පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද එම ශාලාවෙහි එක් රාත්රියක් විසීමට බඹදත් නම් තරුණ අතවැසි මාණවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි.

3. එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රුස්වීම් ශාලාවෙහි එක්ව රුස්ව වැඩසිටි බොහෝ භික්ෂුන් අතරෙහි මේ කථා ධර්මය පහළ විය. ´´ඇවැත්නි, සියල්ල දන්නා භගවත් නම්වූ සියල්ල දන්නා අරහත් නම්වූ සම්යක් සම්බුදුන් වහන්සේ විසින් සන්වයන්ගේ නොයෙක් අදහස් ඇතිබව යම් පමණ හොඳින් අවබෝධ කරන ලද්දේද (අවබෝධය) පුදුමය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුන්හට ධර්මයට සංඝයාහට දොස් කියයි. පිරිවැජියාගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. භාග්යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්´´.

4. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂුන්ගේ මේ කථාව දැන රුස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩ හුන්නෝය. වැඩහිඳ ´´මහනෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන් ගෙන සිටියාහුදැ´´ යි ඇසූහ. ඒ භික්ෂූහු ´´ස්වාමීනි, අපට මේ කථා ධර්මය පහළ විය. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්මා සම්බුදු වූ භාග්යවතුන් වහන්සේ විසින් සන්වයන්ගේ නොයෙක් නොයෙක් කල්පනා අදහස් ඇතිබව යම් පමණ යහපත් සේ අවබෝධ කරණ ලද්දේද, මේ වැටහීම පුදුමය. පෙර නුවූ දෙයක් වන්නේය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරදුන්ට ධර්මයට සංඝයාට දොස් පවරයි. ඔහුගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. විරුඞ මත ඇත්තෝ භාග්යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්. ස්වාමීන් වහන්ස, අපගේ මේ අතුරු කථාව පටන් ගත්තාය. එකල්හි භාග්යවතුන් වහන්සේ පැමිණියෝය´´ යි කීහ.

5. ´´මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකොට යුත්තේය, අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකටයුත්තේය. ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. කිමෙක්ද තෙපි අනුන්ගේ සුභ සිද්ධිය අසුභ සිද්ධිය දන්නහුද?´´

6. ´´ස්වාමීනි ඒ දැනීම නැත´´

´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්යය. මෙය අප කෙරෙහි නැත. මෙය අප කෙරෙහි දකින්ට නැත. බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය´´.

´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්රීති නොකොට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඞගු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ වන්නේය´´.

7. ´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, එවිට තොප ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් පැහැදිලිය, සත්යය, මේ (ගුණය) අප කෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේයයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය´´.

´´මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යම් කරුණකින් එය කියානම් එය සුළු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි. අඩු දෙයකි. එසේ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද?´´

8. ´´ශ්රමණ භවත් ගෞතමයෝ ප්රාණඝාතය අත්හැර දමා ප්රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. දඬු මුගුරු නොමැත්තෙක් වේ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි. ශ්රමණ භවත් ගෞතමයෝ නුදුන්දේ ගැනීම අත්හැර දමා නුදුන්දේ ගැනීමෙන් වැළකුණාහ. දුන් දෙයම ගන්නා ස්වභාව ඇත්තාහ. දුන් දෙය ගැනම කැමති වන්නෝය. වංචා රහිතව පිරිසිඳු සිතින් වාසය කරන්නාහ´´ යි.

9. ´´ශ්රමණ භවත් ගෞතමයෝ කාම සම්පත් දුරු කොට කාම සැපයෙන් වැළකුනෝය. කාම සම්පතෙන් ඉතාම ඈත් වූවෙකි. ස්ත්රීන් පාවා ගැනීම් ආදී නොහොබිනා සිරිතෙන් වෙන් වූවෝය´´ යි.

10. ´´ශ්රමණ ගෞතමයෝ බොරු කීමෙන් වැළකුණෝය. සත්යම කියති. සත්යම ගළපා කියති. ස්ථිර වූ ඇදහිය යුතු කථා ඇත්තෝය. ලෝකයා මුළා කරන විෂම වාද නොකරන්නෝය´´.

´´ශ්රමණ ගෞතමයෝ පිසුනු බස් නැමැති කේලාම් කීම අතහැර කේලාම් කීමෙන් වැළකුණෝය. මෙසේ භින්නවූවන් සම්බන්ධව ගළපන ස්වභාව ඇත්තෝය. සමගිවූවන්හට අනුබල දෙන්නෝය. සමගිවූවන් කෙරෙහි ඇලුනාහ. සමගිවූවන් කෙරෙහි සතුටු වෙති. සමගි කරණ වචන කියති´´

´´ශ්රමණ ගෞතමයෝ පරුෂ වචනය සත්හැර පරුෂ වචනයෙන් වැළැක්කෝය. යම් වචනයක් නිදොස්ද, කණට සැපද, පෙම් වඩාද, සිත් සතුටු කරයිද, මිහිරිද, බොහෝ දෙනාට ප්රිය වේද, බොහෝදෙනාගේ සිත් ප්රිය කරන්නේද, එවැනි වචන කියන්නේය´´.

´´ශ්රමණ භවත් ගෞතමයෝ සම්ඵප්රලාපය අත්හැර නිසරු හිස් බස් බිණීමෙන් වැළකෙන්ණෝය. කියයුතු කාලය සලකා කියන්නෝය. සත්යම කියන්නෝය. දියුණුව සලකා කියන්නෝය. ධර්මය කියන්නෝය. (විනය) මනා හික්මීම ගැන කියන්නෝය. සුදුසු කල්හි උපමා කරුණු සහිතවූ යෝග්ය ලෙස සීමාසහිතවූ අර්ථයෙන් යුක්තවූ සිතේ තබාගත යුතුවූ වචන කියන්නෝය.

11. ´´ශ්රමණ ගෞතමයෝ තණ, ගස්, වැල් ආදීන්ගේ කැඩීම්, සිඳීම්වලින් වැළකුණෝය. ශ්රමණ ගෞතමයෝ රාත්රී කෑමෙන් වැළකී විකාල භෝජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන් වෙන්ව එක්වේලේ වළඳන්නෝය´´.

´´ශ්රමණ ගෞතමයෝ නැටීම්, ගී කීම්, වැයීම්, කෝළම් බැලීම් ආදියෙන් වැළකුණෝය. ශ්රමණ ගෞතමයෝ මල්මාලා, සුවඳ දැරීම වැනි සැරසීම් වලින් වැළකුණෝය´´.

´´ශ්රමණ ගෞතමයෝ නුසුදුසු උස් ආසන, මහා ආසනයන් ගෙන් වැළකුණෝය´´.

´´ශ්රමණ ගෞතමයෝ රන් රිදී, මිළ මුදල්, අමු මාංශ, ස්ත්රීන් හෝ ගෑනු (ගැහැනු) දරුවන්, දාසයින් හෝ දාසීන්, එළුවන්, බැටළුවන්, කුකුළන්, ඌරන්, ඇතුන්, ගවයින්, අශ්වයින්, වෙළඹුන්, කුඹුරු, වතු පිළිගැන්මෙන් වැළකුණෝය´´.

´´ශ්රමණ ගෞතමයෝ දූත ගමන් සහ ගෙන් ගෙට යන මෙහෙවරින් ගණුදෙනු කිරීම් ආදී වෙළහෙළඳාමෙන්, හොරකිරුමෙන් හා මැනුමෙන්ද රත්රන් වංචා කිරීමාදියෙන්ද අල්ලස් ගැනීම්, වංචා, මායම් කැපීම්, වදදීම්, බැඳීම්, වස්තු බලයෙන් ගැනීම්, ගම් ආදිය පැහැරීම්, බලාත්කාර (බලහත්කාර) ක්රියා වලින්ද වැළකුණෝය´´.

´´මහණෙනි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත අය කියන්නෝය´´ යි වදාළ සේක.

චූල ශීලය නිමි.

12. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණේ (වැළකුණෝ) ශ්රමණ ගෞතමයෝය´´.

´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරව දේ රුස්කොට තබා ප්රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් ආහාර වර්ග පාව වර්ග රෙදිපිළි ආදී ඇඳීම් රථ වාහන ඇඳ පුටු ආදිය සුවඳ වර්ග තබාගෙන ප්රයෝජන විඳීමය. මෙසේ මෙබඳු දේ රුස් කොට තබා ප්රයෝජන විඳීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´.

13. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් – නැටීමය, ගී කිමය, වීණා ආදිය වැයීමය, රඟ මඬුලු බැලීමය, ගොතා රස කර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලම් හෝ අත්තාලම්ය, මළමිණී නැංවීම නැමැති විජ්ජා කිරීම, බෙර ගැහුම්ය, නෘත්යයේදී සිත් ඇලුම් කරන ශරීර චංචලය, සණදෙහුම් කෙළිය, උණගස් ඔසවා නැටුම, මිණී ඇට සෝදා තැබීම්ය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමේ පොරය, (මල්ලව නම් පොර ඇල්ලීම) යුද්ධ කිරීම, යුදසෙන් පිරික්සීමය, කඳවුරුය, සිවුරඟසේනාව දැකීමය ආදියයි. මෙසේ මෙයාකාර විසුළු දැකීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´.

14. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා ප්රමාදයට කාරණ වූ මෙයාකාර සූදු කෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්- අට මඬුලු(කොටු) කෙළිය, දස මඬුලු(කොටු) කෙළිය, අහස් කෙළිය (කොටු පැනීම) (කට්ටි පැනීම), එක් කොට තබන දේ නොසොල්වා ගැනීමමේ ලම කෙළිය, සිංහ කෙළිය (එනම් සැලුම් කෙළිය කූරු ගැසීමෙන් පින්තූර සෑදීමේ සෙල්ලම බිම හෝ බිත්තිවල ලී කූරු ගසා ඇත් අස් ආදී රූප දක්වා ක්රීඩා කිරීම, පන්දු කෙළිය, පත් කුලල්(වස්දඬු) පිඹීමය, නඟුල් කෙළිය, කරනම් ගැසීම, කන්නන්ගුරු කෙළිය (එනම් තල්පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික ක්රිඩාවකි), වැලි ආදිය මැනීමේ සෙල්ලම රථ වාහන යොදා කරන සෙල්ලම, දුනු කෙළිය, අකුරු සෙල්ලම, සිතූදේ කීමේ සෙල්ලම, දෝෂ රූප දක්වා කරන සෙල්ලම යනුය. මෙසේ ප්රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´.

15. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ උස් ආසන මහ ආසනයන්හි වාඩිවීමෙන් යුක්තව වාසය කරති. මෙබඳුවූ උස් ආසන මහ ආසනයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´.

16. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ (ශරීරයට සමබන්ධවූ) සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරයි.මෙබඳුවූ සැරසීම් හා අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´.

17. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩ නැති කථාවෙහි යෙදී වාසය කරති. එනම් රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය, යුඞ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්රව්ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන(රථ) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම්ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන කථාය, ස්ත්රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුර ගන්නා තැන් වලට හෝ තොටුපළ වලට රුස්වූ අය කරන කථාය, නැසීගිය නෑයින් ගැන කථාය, නොයෙක් (ප්රයෝජන නැති දේ) ගැන කථාය, ලෝකයේ මැවුම්කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන (සීමාරහිත) කථාය. මෙබඳුවූ කථාවෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´.

18. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකම් සහ පණිවිඩ ගෙන යෑමෙහි යෙදී වාසය කරති. කුහකයෝද වෙති. සිවුපසය ලබා ගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැති කිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි දූතකම් කරන්නෝද කුහක (ලාභයෙන්) සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය´´.

19. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්යාවෙන් මිථ්යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-

සාමුද්රිකා ශාස්ත්රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්රය, ලක්ෂණ ශාස්ත්රය, මූසික ශාස්ත්රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්යාය වාස්තු විද්යාය, නීති ශාස්ත්රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්යාය, මන්ත්ර විද්යාය, විෂ විද්යාය, ගෝනුසු විද්යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්යාය, කුරුලු විද්යාය, කපුටු ශාස්ත්රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්යාය, මෘග පක්ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්රය,

මාණික්යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්ෂණය, දඬු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්ෂණය, වස්ත්ර ලක්ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්රී පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු (ගැහැනු) ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එළු බැටළු කුකුළු වටු කබරගොයින් ආදීන්ගේ ලක්ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්ෂණය, කැසුබුමෘග ලක්ෂණය යනුයි.

(අසවල් දින) රජුගේ බැහෑර යාම හෝ ආපසු ඒම වෙයි. ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි. පිට රජුන්ගේ ඉවත යෑම වෙයි. ඇතුළු නුවර රජුන්ට ජය වෙයි. පිට රජුන්ට පරාජය වෙයි. මෙසේ මොහුය ජය වන්නේය. මොහුට පරාජය වන්නේය.

චන්ද්රග්රහණය සූය්ර්යග්රහණය වන්නේය. (ග්රහ) තාරකාවන්ගේ ග්රහණය වන්නේය, චන්ද්ර සූය්ර්යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) දිසාවන් දැවීම, භූමිකම්පා, අහස ගිගූරුම් වන්නේය. චන්ද්ර සූය්ර්ය (ග්රහ) තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිඳුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්රග්රහණයක් සූය්ර්යග්රහණයක් (ග්රහ) තාරකා ග්රහණයක් වන්නේය. චන්ද්ර සූය්ය යන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ (ග්රහ) තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් (දිසාවන්) දැවීමෙක්, භූමි කම්පාවක්, අහස ගිගූරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්ර සූය්ර්ය (ග්රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම (බැසීම), කෙලෙසීම, පිරිසිඳු වීම වන්නේය යනු දක්වන විද්යායි.

හොඳින් වැහි හෝ නියඟ හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිඟ වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත්ර මුද්රා ආදී ලකුණුවලින් යම්දේ ප්රකාශ කිරීමේ ශාස්ත්රය, ගණිත ශාස්ත්රය, ඝණ ප්රමාන දැන ගැනීමේ ගණිතය, කාව්ය ශාස්ත්රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්රය, ලෝකස්වභා ශාස්ත්රය යන මේ විද්යායි.

විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත් (සිත්) දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස් කරවීම, වියදම් කරවීම, යහපත් ශ්රියාව ඇති කරවීම හෝ නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නා සේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්ර කිරීම, කන් නොඇසීමට මන්ත්ර කිරීම, මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටවා ප්රශ්න ඇසීම, ආවේස වූ ගෑනු (ගැහැනු) දරුවන්ගෙන් ප්රශ්න ඇසීම, දෙවිවරුන්ගෙන් ප්රශ්න ඇසීම, සූය්ර්යයාට හෝ බ්රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්රී දේවිය කැඳවීම යනුයි.

(ඪෂෂ) බාරහාරවීම, බාරහාර ඔප්පූ කිරීම, බිම්ගෙයි සිට උගත් මන්ත්ර යොදා ක්රිා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන් සඳහා ගිනි පිදීම, වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි.

එවැනි ලාමක පහත් විද්යාවෙන් කරන මිථ්ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය.

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි. අඩු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි´´.

20. ´´මහණෙනි, අන්ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ, දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, මිහිරිවූ, තර්කයෙන් දැනගත නොහැකිවූ, සියුම්වූ, පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඬුකොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ ගුණ හොඳින් ප්රකාශවේ. පැහැදිලිව පෙනේ. ඒ ධර්ම කවරහුද?

21. ´´මහණෙනි, සමහර පින්වත් මහණ බමුණෝ පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරති. ඇදහීම ඇත්තෝ වෙති. නොයෙක් ආකාර ඇදහීම් දහ අට ආකාරයකින් ප්රකාශ කරති. කවර කරුණක් පිළිගෙන කුමන දෙයක් උදෙසා පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරත්ද?´´.

22. ´´සමහර ඒ පින්වත් මහණ බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලෝකයද සදාකාලිකයයි සතර ආකාරයකින් දක්වති´´.

23. ´´මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ වීය්ර්යයෙන් වීය්ර්යය නිතර යෙදීමෙන් වඩා වීය්ර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කරත්ද? එනම්, එක් ජාතියක්ද, ජාති සිය දහසක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එයින් චුතවී මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ පුරුදු කිරීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහි කරති.

පෙර උප්පත්තිය දකින්නා මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. එහෙයින් ඒ ආත්මය ආශ්රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති. එයින් මිදී යති. උපදිත්, සදාකල් සිටිත්. ඊට කරුණු කවරේද? මම කෙලෙස් හීන කරන වීය්ර්යයෙන් වීය්ර්යය නිතර යෙදීමෙන්, වීය්ර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කලෙම්ද එලෙසින් පෙර උප්පත්ති සිහිකිරීමේ ඥානය ලැබූවෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහි කරමි.

ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මය ආශ්රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති.

එයින් මිදී යති. උපදිත්, සදාකලික වස්තු මෙන් නිතර නොවෙනස්ව ආත්පය ඇතිබව ඒ කාරණයෙන් මම දනිමි´´ යි කියාය.

´´මහණෙනි, මේ ඒ ප්රථම කාරණයයි´´.

24. ´´දෙවෙනි කාරණයෙහිද ඉහත මෙන් සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්පයක්ද, ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඒ මම ඉන් චුතවී මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරයි.

ඔහු මෙසේ කියයි.

´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. පර්වතයක මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්. ඊට කරුණු කවරේද? මම යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටි තැන් සිහි කලෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරමි. ආත්මයද ලෝකයද නිත්යය. මහමෙර ආදිය මෙන් නොනැසී ඇත්තේයයි මේ කරුණින්ද නිත්ය භාවය දනිමි´´යි කියයි.

25. ´´තුන්වැනි කාරණයෙහිද යම් මහණෙක් හෝ බමුණෙක් ඉහත කීසේ පෙර සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතව ගොස් මෙහි උපනිමි´´යි කියා කියයි.

ඔහු මෙසේ කියයි.´´ආත්මයද ලෝකයද සදාකාලිකය. ඒ භවයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. හැසිරෙති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් පවතිත්´´.

´´මහණෙනි, මේ ඒ තුන්වැනි කාරණයයි´´

26. ´´හතරවැනි කාරණයෙහිද මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්´´යනුයි.

´´මේ ඒ හතරවැනි කාරණයයි´´.

27. ´´මහණෙනි, යම් මහණහු හෝ බමුණෝ හෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්රකාශ කරත්ද ඒ සියල්ලෝ මෙකී හතර කාරණයෙන්ම හෝ එයින් එකකින් හෝ ප්රකාශ කරති.

28. ´´මහණෙනි, මේ ඒ කරුණු හතර තථාගතයෝ හොඳින් දනිති. මේ වැරදි මතයෙන් යුත් කරුණු මෙසේ ගත් ඇත්තෝ වෙත්. මේ නැවත නැවත ගැනීම් වශයෙන් (තර්කයෙන්) තීරණ කරගත් ඇත්තෝ වෙත්. මේ මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොව ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එය හොඳින් දනිති. ඉන් මත්තෙහිවූ දේද හොඳින් දනිති. ඒ හොඳ දැනුම (තර්කයෙන්) තීරණය කර නොගනිති. කෙලෙස් නැතිකිරීම තථාගතයන් විසින් දක්නා ලද්දේ ලැබූ තීරණයෙන් නොවේ. මහණෙනි, (දුක හෝ සැප) ආදී වේදනා ඇතිවීමේ හේතුවද, එය දුරුවීමේ හේතුවද, රස විඳීමද, ප්රතිඵලද, හික්මීමද, ඇති සැටියෙන් දැන තථාගතයෝ කාමාදියෙන් තොරව කෙලෙසුන් ගෙන් මිදුනෝය.

29. යම් ධර්මයන් කරණකොටගෙන තථාගතයන්ගේ ගුණය ඇතිසැටි හොඳාකාර කියනු කැමැත්තෝ කියති.

පළමුවැනි බණ වරයි.

__1. ´´මහණෙනි, එක් කොටසක් සදාකාලිකය. එක් කොටසක් සදාකාලික නොවේ යයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය හා ලෝකය එක් කොටසක් සදාකාලිකය. එක් කොටසක් සදාකාලික නොවේ යයි කරුණූ හතරකින් ප්රකාශ කරති´´.

2. ´´මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් එන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සන්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔවුහු එහි සිතින් ධ්යාන බලයෙන් ඉපිද, ප්රීතිය ආහාර කොටගෙනතමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, සිත් ප්රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔවුහු එහි බොහෝ කාලයක් සිටිති.

3. ´´මහණෙනි, යම්කිසි විටෙක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හට ගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සන්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදීයි. ඔහු එහි සිතින් ධ්යානයෙන් ඉපිදී, ප්රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතිව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.

4. ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් කා කලකිරීමක් ඇතිවෙයි. ´´වෙනත් සන්වයෝද මේ භවයට එත් නම් ඉතා හොඳය´´යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවෙයි. ඉන්පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත්. ඔවුහුද එහි සිතින් හටගෙන, ප්රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතිව ශුභ විමානේ සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.

5. මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ´´මම, බ්රහ්ම වෙමි. මහා බ්රහ්ම වෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. ඒකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්රධාන වෙමි. ලෝක කර්තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම් වෙමි. ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද ලෝකයාගේ පියා වෙමි. මේ සන්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, ´´අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම්

හොයා ගත්තේ FACEBOOK එකෙන්...

බුදු සරණයි...

[QUOTE="thilihare, post: 16551992, member: 469891"] [b]-බ්රහ්මජාල සූත්රය ~[/b] [CENTER][SIZE=7][B]~ ලෝකයේ පැවතිය හැකි ගැඹුරුතම දෘෂ්ටීන් අසිරිමත් බුදු නුවණින් දුටු දේශනාව අවසානයේ දස දහසක් ලෝක ධාතුන් කම්පා කල -බ්රහ්මජාල සූත්රය ~ [/B][/SIZE] [/CENTER] [SIZE=5]1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයකදී භාග්යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පන්සියයක් පමණ වූ බොහෝ භික්ෂු සංඝයා හා සමග වැඩියෝය. සුප්පිය නම් පිරිවැජියාද බඹදත් නම් තරුණ අතවැසියාද සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මාණවකයා නොයෙක් අයුරින් බුදුන්ගේ ධර්මයේ සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇඳුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුඬ කථා ඇත්තාහු භාග්යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය. 2. එවිට භාග්යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළ වූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්රියක් විසීමට භික්ෂු සංඝයා සමග පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද එම ශාලාවෙහි එක් රාත්රියක් විසීමට බඹදත් නම් තරුණ අතවැසි මාණවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. 3. එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රුස්වීම් ශාලාවෙහි එක්ව රුස්ව වැඩසිටි බොහෝ භික්ෂුන් අතරෙහි මේ කථා ධර්මය පහළ විය. ´´ඇවැත්නි, සියල්ල දන්නා භගවත් නම්වූ සියල්ල දන්නා අරහත් නම්වූ සම්යක් සම්බුදුන් වහන්සේ විසින් සන්වයන්ගේ නොයෙක් අදහස් ඇතිබව යම් පමණ හොඳින් අවබෝධ කරන ලද්දේද (අවබෝධය) පුදුමය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුන්හට ධර්මයට සංඝයාහට දොස් කියයි. පිරිවැජියාගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. භාග්යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්´´. 4. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂුන්ගේ මේ කථාව දැන රුස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩ හුන්නෝය. වැඩහිඳ ´´මහනෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන් ගෙන සිටියාහුදැ´´ යි ඇසූහ. ඒ භික්ෂූහු ´´ස්වාමීනි, අපට මේ කථා ධර්මය පහළ විය. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්මා සම්බුදු වූ භාග්යවතුන් වහන්සේ විසින් සන්වයන්ගේ නොයෙක් නොයෙක් කල්පනා අදහස් ඇතිබව යම් පමණ යහපත් සේ අවබෝධ කරණ ලද්දේද, මේ වැටහීම පුදුමය. පෙර නුවූ දෙයක් වන්නේය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරදුන්ට ධර්මයට සංඝයාට දොස් පවරයි. ඔහුගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. විරුඞ මත ඇත්තෝ භාග්යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්. ස්වාමීන් වහන්ස, අපගේ මේ අතුරු කථාව පටන් ගත්තාය. එකල්හි භාග්යවතුන් වහන්සේ පැමිණියෝය´´ යි කීහ. 5. ´´මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකොට යුත්තේය, අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකටයුත්තේය. ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. කිමෙක්ද තෙපි අනුන්ගේ සුභ සිද්ධිය අසුභ සිද්ධිය දන්නහුද?´´ 6. ´´ස්වාමීනි ඒ දැනීම නැත´´ ´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්යය. මෙය අප කෙරෙහි නැත. මෙය අප කෙරෙහි දකින්ට නැත. බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය´´. ´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්රීති නොකොට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඞගු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ වන්නේය´´. 7. ´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, එවිට තොප ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් පැහැදිලිය, සත්යය, මේ (ගුණය) අප කෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේයයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය´´. ´´මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යම් කරුණකින් එය කියානම් එය සුළු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි. අඩු දෙයකි. එසේ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද?´´ 8. ´´ශ්රමණ භවත් ගෞතමයෝ ප්රාණඝාතය අත්හැර දමා ප්රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. දඬු මුගුරු නොමැත්තෙක් වේ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි. ශ්රමණ භවත් ගෞතමයෝ නුදුන්දේ ගැනීම අත්හැර දමා නුදුන්දේ ගැනීමෙන් වැළකුණාහ. දුන් දෙයම ගන්නා ස්වභාව ඇත්තාහ. දුන් දෙය ගැනම කැමති වන්නෝය. වංචා රහිතව පිරිසිඳු සිතින් වාසය කරන්නාහ´´ යි. 9. ´´ශ්රමණ භවත් ගෞතමයෝ කාම සම්පත් දුරු කොට කාම සැපයෙන් වැළකුනෝය. කාම සම්පතෙන් ඉතාම ඈත් වූවෙකි. ස්ත්රීන් පාවා ගැනීම් ආදී නොහොබිනා සිරිතෙන් වෙන් වූවෝය´´ යි. 10. ´´ශ්රමණ ගෞතමයෝ බොරු කීමෙන් වැළකුණෝය. සත්යම කියති. සත්යම ගළපා කියති. ස්ථිර වූ ඇදහිය යුතු කථා ඇත්තෝය. ලෝකයා මුළා කරන විෂම වාද නොකරන්නෝය´´. ´´ශ්රමණ ගෞතමයෝ පිසුනු බස් නැමැති කේලාම් කීම අතහැර කේලාම් කීමෙන් වැළකුණෝය. මෙසේ භින්නවූවන් සම්බන්ධව ගළපන ස්වභාව ඇත්තෝය. සමගිවූවන්හට අනුබල දෙන්නෝය. සමගිවූවන් කෙරෙහි ඇලුනාහ. සමගිවූවන් කෙරෙහි සතුටු වෙති. සමගි කරණ වචන කියති´´ ´´ශ්රමණ ගෞතමයෝ පරුෂ වචනය සත්හැර පරුෂ වචනයෙන් වැළැක්කෝය. යම් වචනයක් නිදොස්ද, කණට සැපද, පෙම් වඩාද, සිත් සතුටු කරයිද, මිහිරිද, බොහෝ දෙනාට ප්රිය වේද, බොහෝදෙනාගේ සිත් ප්රිය කරන්නේද, එවැනි වචන කියන්නේය´´. ´´ශ්රමණ භවත් ගෞතමයෝ සම්ඵප්රලාපය අත්හැර නිසරු හිස් බස් බිණීමෙන් වැළකෙන්ණෝය. කියයුතු කාලය සලකා කියන්නෝය. සත්යම කියන්නෝය. දියුණුව සලකා කියන්නෝය. ධර්මය කියන්නෝය. (විනය) මනා හික්මීම ගැන කියන්නෝය. සුදුසු කල්හි උපමා කරුණු සහිතවූ යෝග්ය ලෙස සීමාසහිතවූ අර්ථයෙන් යුක්තවූ සිතේ තබාගත යුතුවූ වචන කියන්නෝය. 11. ´´ශ්රමණ ගෞතමයෝ තණ, ගස්, වැල් ආදීන්ගේ කැඩීම්, සිඳීම්වලින් වැළකුණෝය. ශ්රමණ ගෞතමයෝ රාත්රී කෑමෙන් වැළකී විකාල භෝජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන් වෙන්ව එක්වේලේ වළඳන්නෝය´´. ´´ශ්රමණ ගෞතමයෝ නැටීම්, ගී කීම්, වැයීම්, කෝළම් බැලීම් ආදියෙන් වැළකුණෝය. ශ්රමණ ගෞතමයෝ මල්මාලා, සුවඳ දැරීම වැනි සැරසීම් වලින් වැළකුණෝය´´. ´´ශ්රමණ ගෞතමයෝ නුසුදුසු උස් ආසන, මහා ආසනයන් ගෙන් වැළකුණෝය´´. ´´ශ්රමණ ගෞතමයෝ රන් රිදී, මිළ මුදල්, අමු මාංශ, ස්ත්රීන් හෝ ගෑනු (ගැහැනු) දරුවන්, දාසයින් හෝ දාසීන්, එළුවන්, බැටළුවන්, කුකුළන්, ඌරන්, ඇතුන්, ගවයින්, අශ්වයින්, වෙළඹුන්, කුඹුරු, වතු පිළිගැන්මෙන් වැළකුණෝය´´. ´´ශ්රමණ ගෞතමයෝ දූත ගමන් සහ ගෙන් ගෙට යන මෙහෙවරින් ගණුදෙනු කිරීම් ආදී වෙළහෙළඳාමෙන්, හොරකිරුමෙන් හා මැනුමෙන්ද රත්රන් වංචා කිරීමාදියෙන්ද අල්ලස් ගැනීම්, වංචා, මායම් කැපීම්, වදදීම්, බැඳීම්, වස්තු බලයෙන් ගැනීම්, ගම් ආදිය පැහැරීම්, බලාත්කාර (බලහත්කාර) ක්රියා වලින්ද වැළකුණෝය´´. ´´මහණෙනි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත අය කියන්නෝය´´ යි වදාළ සේක. චූල ශීලය නිමි. 12. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණේ (වැළකුණෝ) ශ්රමණ ගෞතමයෝය´´. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරව දේ රුස්කොට තබා ප්රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් ආහාර වර්ග පාව වර්ග රෙදිපිළි ආදී ඇඳීම් රථ වාහන ඇඳ පුටු ආදිය සුවඳ වර්ග තබාගෙන ප්රයෝජන විඳීමය. මෙසේ මෙබඳු දේ රුස් කොට තබා ප්රයෝජන විඳීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´. 13. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් – නැටීමය, ගී කිමය, වීණා ආදිය වැයීමය, රඟ මඬුලු බැලීමය, ගොතා රස කර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලම් හෝ අත්තාලම්ය, මළමිණී නැංවීම නැමැති විජ්ජා කිරීම, බෙර ගැහුම්ය, නෘත්යයේදී සිත් ඇලුම් කරන ශරීර චංචලය, සණදෙහුම් කෙළිය, උණගස් ඔසවා නැටුම, මිණී ඇට සෝදා තැබීම්ය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමේ පොරය, (මල්ලව නම් පොර ඇල්ලීම) යුද්ධ කිරීම, යුදසෙන් පිරික්සීමය, කඳවුරුය, සිවුරඟසේනාව දැකීමය ආදියයි. මෙසේ මෙයාකාර විසුළු දැකීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´. 14. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා ප්රමාදයට කාරණ වූ මෙයාකාර සූදු කෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්- අට මඬුලු(කොටු) කෙළිය, දස මඬුලු(කොටු) කෙළිය, අහස් කෙළිය (කොටු පැනීම) (කට්ටි පැනීම), එක් කොට තබන දේ නොසොල්වා ගැනීමමේ ලම කෙළිය, සිංහ කෙළිය (එනම් සැලුම් කෙළිය කූරු ගැසීමෙන් පින්තූර සෑදීමේ සෙල්ලම බිම හෝ බිත්තිවල ලී කූරු ගසා ඇත් අස් ආදී රූප දක්වා ක්රීඩා කිරීම, පන්දු කෙළිය, පත් කුලල්(වස්දඬු) පිඹීමය, නඟුල් කෙළිය, කරනම් ගැසීම, කන්නන්ගුරු කෙළිය (එනම් තල්පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික ක්රිඩාවකි), වැලි ආදිය මැනීමේ සෙල්ලම රථ වාහන යොදා කරන සෙල්ලම, දුනු කෙළිය, අකුරු සෙල්ලම, සිතූදේ කීමේ සෙල්ලම, දෝෂ රූප දක්වා කරන සෙල්ලම යනුය. මෙසේ ප්රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´. 15. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ උස් ආසන මහ ආසනයන්හි වාඩිවීමෙන් යුක්තව වාසය කරති. මෙබඳුවූ උස් ආසන මහ ආසනයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´. 16. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ (ශරීරයට සමබන්ධවූ) සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරයි.මෙබඳුවූ සැරසීම් හා අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´. 17. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩ නැති කථාවෙහි යෙදී වාසය කරති. එනම් රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය, යුඞ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්රව්ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන(රථ) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම්ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන කථාය, ස්ත්රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුර ගන්නා තැන් වලට හෝ තොටුපළ වලට රුස්වූ අය කරන කථාය, නැසීගිය නෑයින් ගැන කථාය, නොයෙක් (ප්රයෝජන නැති දේ) ගැන කථාය, ලෝකයේ මැවුම්කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන (සීමාරහිත) කථාය. මෙබඳුවූ කථාවෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය´´. 18. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකම් සහ පණිවිඩ ගෙන යෑමෙහි යෙදී වාසය කරති. කුහකයෝද වෙති. සිවුපසය ලබා ගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැති කිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි දූතකම් කරන්නෝද කුහක (ලාභයෙන්) සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය´´. 19. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්යාවෙන් මිථ්යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්- සාමුද්රිකා ශාස්ත්රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්රය, ලක්ෂණ ශාස්ත්රය, මූසික ශාස්ත්රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්යාය වාස්තු විද්යාය, නීති ශාස්ත්රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්යාය, මන්ත්ර විද්යාය, විෂ විද්යාය, ගෝනුසු විද්යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්යාය, කුරුලු විද්යාය, කපුටු ශාස්ත්රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්යාය, මෘග පක්ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්රය, මාණික්යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්ෂණය, දඬු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්ෂණය, වස්ත්ර ලක්ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්රී පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු (ගැහැනු) ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එළු බැටළු කුකුළු වටු කබරගොයින් ආදීන්ගේ ලක්ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්ෂණය, කැසුබුමෘග ලක්ෂණය යනුයි. (අසවල් දින) රජුගේ බැහෑර යාම හෝ ආපසු ඒම වෙයි. ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි. පිට රජුන්ගේ ඉවත යෑම වෙයි. ඇතුළු නුවර රජුන්ට ජය වෙයි. පිට රජුන්ට පරාජය වෙයි. මෙසේ මොහුය ජය වන්නේය. මොහුට පරාජය වන්නේය. චන්ද්රග්රහණය සූය්ර්යග්රහණය වන්නේය. (ග්රහ) තාරකාවන්ගේ ග්රහණය වන්නේය, චන්ද්ර සූය්ර්යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) දිසාවන් දැවීම, භූමිකම්පා, අහස ගිගූරුම් වන්නේය. චන්ද්ර සූය්ර්ය (ග්රහ) තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිඳුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්රග්රහණයක් සූය්ර්යග්රහණයක් (ග්රහ) තාරකා ග්රහණයක් වන්නේය. චන්ද්ර සූය්ය යන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ (ග්රහ) තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් (දිසාවන්) දැවීමෙක්, භූමි කම්පාවක්, අහස ගිගූරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්ර සූය්ර්ය (ග්රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම (බැසීම), කෙලෙසීම, පිරිසිඳු වීම වන්නේය යනු දක්වන විද්යායි. හොඳින් වැහි හෝ නියඟ හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිඟ වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත්ර මුද්රා ආදී ලකුණුවලින් යම්දේ ප්රකාශ කිරීමේ ශාස්ත්රය, ගණිත ශාස්ත්රය, ඝණ ප්රමාන දැන ගැනීමේ ගණිතය, කාව්ය ශාස්ත්රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්රය, ලෝකස්වභා ශාස්ත්රය යන මේ විද්යායි. විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත් (සිත්) දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස් කරවීම, වියදම් කරවීම, යහපත් ශ්රියාව ඇති කරවීම හෝ නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නා සේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්ර කිරීම, කන් නොඇසීමට මන්ත්ර කිරීම, මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටවා ප්රශ්න ඇසීම, ආවේස වූ ගෑනු (ගැහැනු) දරුවන්ගෙන් ප්රශ්න ඇසීම, දෙවිවරුන්ගෙන් ප්රශ්න ඇසීම, සූය්ර්යයාට හෝ බ්රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්රී දේවිය කැඳවීම යනුයි. (ඪෂෂ) බාරහාරවීම, බාරහාර ඔප්පූ කිරීම, බිම්ගෙයි සිට උගත් මන්ත්ර යොදා ක්රිා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන් සඳහා ගිනි පිදීම, වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි. එවැනි ලාමක පහත් විද්යාවෙන් කරන මිථ්ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි. අඩු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි´´. 20. ´´මහණෙනි, අන්ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ, දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, මිහිරිවූ, තර්කයෙන් දැනගත නොහැකිවූ, සියුම්වූ, පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඬුකොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ ගුණ හොඳින් ප්රකාශවේ. පැහැදිලිව පෙනේ. ඒ ධර්ම කවරහුද? 21. ´´මහණෙනි, සමහර පින්වත් මහණ බමුණෝ පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරති. ඇදහීම ඇත්තෝ වෙති. නොයෙක් ආකාර ඇදහීම් දහ අට ආකාරයකින් ප්රකාශ කරති. කවර කරුණක් පිළිගෙන කුමන දෙයක් උදෙසා පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරත්ද?´´. 22. ´´සමහර ඒ පින්වත් මහණ බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලෝකයද සදාකාලිකයයි සතර ආකාරයකින් දක්වති´´. 23. ´´මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ වීය්ර්යයෙන් වීය්ර්යය නිතර යෙදීමෙන් වඩා වීය්ර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කරත්ද? එනම්, එක් ජාතියක්ද, ජාති සිය දහසක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එයින් චුතවී මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ පුරුදු කිරීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහි කරති. පෙර උප්පත්තිය දකින්නා මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. එහෙයින් ඒ ආත්මය ආශ්රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති. එයින් මිදී යති. උපදිත්, සදාකල් සිටිත්. ඊට කරුණු කවරේද? මම කෙලෙස් හීන කරන වීය්ර්යයෙන් වීය්ර්යය නිතර යෙදීමෙන්, වීය්ර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කලෙම්ද එලෙසින් පෙර උප්පත්ති සිහිකිරීමේ ඥානය ලැබූවෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහි කරමි. ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මය ආශ්රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති. එයින් මිදී යති. උපදිත්, සදාකලික වස්තු මෙන් නිතර නොවෙනස්ව ආත්පය ඇතිබව ඒ කාරණයෙන් මම දනිමි´´ යි කියාය. ´´මහණෙනි, මේ ඒ ප්රථම කාරණයයි´´. 24. ´´දෙවෙනි කාරණයෙහිද ඉහත මෙන් සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්පයක්ද, ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඒ මම ඉන් චුතවී මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරයි. ඔහු මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. පර්වතයක මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්. ඊට කරුණු කවරේද? මම යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටි තැන් සිහි කලෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරමි. ආත්මයද ලෝකයද නිත්යය. මහමෙර ආදිය මෙන් නොනැසී ඇත්තේයයි මේ කරුණින්ද නිත්ය භාවය දනිමි´´යි කියයි. 25. ´´තුන්වැනි කාරණයෙහිද යම් මහණෙක් හෝ බමුණෙක් ඉහත කීසේ පෙර සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතව ගොස් මෙහි උපනිමි´´යි කියා කියයි. ඔහු මෙසේ කියයි.´´ආත්මයද ලෝකයද සදාකාලිකය. ඒ භවයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. හැසිරෙති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් පවතිත්´´. ´´මහණෙනි, මේ ඒ තුන්වැනි කාරණයයි´´ 26. ´´හතරවැනි කාරණයෙහිද මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්´´යනුයි. ´´මේ ඒ හතරවැනි කාරණයයි´´. 27. ´´මහණෙනි, යම් මහණහු හෝ බමුණෝ හෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්රකාශ කරත්ද ඒ සියල්ලෝ මෙකී හතර කාරණයෙන්ම හෝ එයින් එකකින් හෝ ප්රකාශ කරති. 28. ´´මහණෙනි, මේ ඒ කරුණු හතර තථාගතයෝ හොඳින් දනිති. මේ වැරදි මතයෙන් යුත් කරුණු මෙසේ ගත් ඇත්තෝ වෙත්. මේ නැවත නැවත ගැනීම් වශයෙන් (තර්කයෙන්) තීරණ කරගත් ඇත්තෝ වෙත්. මේ මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොව ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එය හොඳින් දනිති. ඉන් මත්තෙහිවූ දේද හොඳින් දනිති. ඒ හොඳ දැනුම (තර්කයෙන්) තීරණය කර නොගනිති. කෙලෙස් නැතිකිරීම තථාගතයන් විසින් දක්නා ලද්දේ ලැබූ තීරණයෙන් නොවේ. මහණෙනි, (දුක හෝ සැප) ආදී වේදනා ඇතිවීමේ හේතුවද, එය දුරුවීමේ හේතුවද, රස විඳීමද, ප්රතිඵලද, හික්මීමද, ඇති සැටියෙන් දැන තථාගතයෝ කාමාදියෙන් තොරව කෙලෙසුන් ගෙන් මිදුනෝය. 29. යම් ධර්මයන් කරණකොටගෙන තථාගතයන්ගේ ගුණය ඇතිසැටි හොඳාකාර කියනු කැමැත්තෝ කියති. පළමුවැනි බණ වරයි. __1. ´´මහණෙනි, එක් කොටසක් සදාකාලිකය. එක් කොටසක් සදාකාලික නොවේ යයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය හා ලෝකය එක් කොටසක් සදාකාලිකය. එක් කොටසක් සදාකාලික නොවේ යයි කරුණූ හතරකින් ප්රකාශ කරති´´. 2. ´´මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් එන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සන්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔවුහු එහි සිතින් ධ්යාන බලයෙන් ඉපිද, ප්රීතිය ආහාර කොටගෙනතමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, සිත් ප්රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔවුහු එහි බොහෝ කාලයක් සිටිති. 3. ´´මහණෙනි, යම්කිසි විටෙක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හට ගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සන්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදීයි. ඔහු එහි සිතින් ධ්යානයෙන් ඉපිදී, ප්රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතිව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී. 4. ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් කා කලකිරීමක් ඇතිවෙයි. ´´වෙනත් සන්වයෝද මේ භවයට එත් නම් ඉතා හොඳය´´යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවෙයි. ඉන්පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත්. ඔවුහුද එහි සිතින් හටගෙන, ප්රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතිව ශුභ විමානේ සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති. 5. මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ´´මම, බ්රහ්ම වෙමි. මහා බ්රහ්ම වෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. ඒකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්රධාන වෙමි. ලෝක කර්තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම් වෙමි. ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද ලෝකයාගේ පියා වෙමි. මේ සන්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, ´´අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=51202&stc=1&d=1397977740[/IMG] හොයා ගත්තේ FACEBOOK එකෙන්... [/SIZE] [CENTER][SIZE=7]බුදු සරණයි...[/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3034&pictureid=12699[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom