බ්‍රිගේඩියර්ව_පිටුවහල්_කරන්න_කොටි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    බ්‍රිගේඩියර්ව_පිටුවහල්_කරන්න_කොටි

    බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහා පිටුවහල් කරන්නැයි ඉල්ලමින් විදෙස්ගත කොටි ඩයස්පෝරාව විසින් ඒ ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.

    ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (09) රාත්‍රී 7.30ට පමණ එම උද්ඝෝෂණය පැවති බව වාර්තා වේ.
    පසුගිය 04 වනදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවති අතර එම උද්ඝෝෂකයින්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් අභිනයෙන් සිදුකළ දැනුම්දීමකට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණය පැවති බව වාර්තා වේ.

    සිංහ කොඩියට දැඩි ලෙස අපහාස කරමින් බිම මොවුන් විසින් විරෝධතාය පවත්වා ඇත.
    කෙසේවෙතත් අදාළ උද්ඝෝෂණයට සමගාමීව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සහය පළ කිරීමට එම ස්ථානයට පැමිණ තිබේ.
    ශ‍්‍රී ලංකික පිරිස ඊට සිංහ කොඩි ඔසවමින් විරෝධය පා ඇති අතර පසුව පොලීසිය පැමිණ සිදුවීම පාලනය කර ඇත.

    බ්‍රිගේඩියර් ප්‍රියංක රටින් පිටුවහල් කරන ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රීවරු ඉල්ලති..!

    පසුගිය නිදහස් දිනයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයකට දැක්වූ ප්‍රතිචාරය නිසා ඇතිවූ බ්‍රිගේඩියර්වරයාගේ ප්‍රශ්නය ජනපති මැදිහත්වී නතර කළද ඉන්පසු පරීක්ෂණ අවශ්‍ය නැතැයි යුදහමුදාපතිවරයා දැන්වීමෙන් පසු තවම අවසන්වී නැත.

    මේ වනවිට කොටි ඩයස්පෝරාවට අයත් යයි සැලකෙන කණ්ඩායම් බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීමට එරෙහිව නැවත උද්ඝෝෂණ අරඹා තිබෙන අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රීවරුන් වන Ed Davey,Paul Scully ,Joan Ryan හා Siobhan McDonagh බ්‍රිගේඩියර්වරයා එරටින් පිටුවහල් කළ යුතු බවට ඉල්ලා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් වෙත පත්‍රිකාවක්ද යොමු කර තිබේ. ඔවුන් කියා සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරන කෙනෙකුගෙන් සාමකාමී උද්ඝෝෂණයකදී මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්නට නොහැකි බවයි.

    බ්‍රිතාන්‍ය විදේශ ලේකම් Boris Johnson ඊට දක්වන පිළිතුරු අනුව මෙය දුරදිග යන ලකුණු පෙනෙන්නට තිබේ. ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රී ඩේවි මාධ්‍යයට පැවසුවේ “සාමකාමී ලෙස විරෝධතා දැක්වූ දෙමළ ජාතිකයන් බිය ගැන්වීම පැහැදිලිවම පෙනෙන්නට තිබුණා. ඔහු එක්සත් රාජධානියේ ආගන්තුකයෙක්.ඔහු මෙහි දී අපගේ රටේ පුරවැසියන්ට ගරු කිරීම අපේක්ෂා කරනවා ” ලෙසිනි.

    කොටි ඩයස්පෝරාවට අයත් යයි සැලකෙන කණ්ඩායම් බ්‍රිගේඩියර්වරයාට එරෙහිව පාරට බසිද්දී ලන්ඩනයේ සිංහල සංවිධාන නිදහස් දිනයේ මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිට එම කණ්ඩායම්වල අවිනීත හැසිරීමට විරුද්ධව උද්ඝෝෂණ අරඹා ඇත.


    VIDEO

    https://www.facebook.com/apearata/videos/1577789172328878/
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මෙහෙත් දෙමල අය ඉන්නවා, එත් අපිට නම් මුකුත් කියන්නේ නැ. කෑම එහෙමත් දෙනවා. මම සිංහල කියලත් දන්නවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙත් දෙමල අය ඉන්නවා, එත් අපිට නම් මුකුත් කියන්නේ නැ. කෑම එහෙමත් දෙනවා. මම සිංහල කියලත් දන්නවා.

    දිය යටින් ගිනි ගෙනියනවා කියලා අහලා නැද්ද
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    දිය යටින් ගිනි ගෙනියනවා කියලා අහලා නැද්ද
    අනේ මන්දා ඒවා. මෙහෙ නම් ලංකාවෙන් ආව අයට ගහන්නේ බනින්නේ නැ.. මට ජොබ් එක සෙට් කරලා ඉන්න දුන්නෙත් අව කාලේ ටැමිල් එක්කෙනෙක් මන්නාරමේ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Koti uk walath thahanam karala thiddi SL embassy eka issaraha idan koti flag ussala SL flags paagana tharamata ida denna UK pons lata puluwan. Wariyapola sumangala hamuduruwo unge flag eka pagapu eke waruwa gannawa athi thama