බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත් වීම නිස

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත් වීම නිස

    බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත් වීමට තීන්දු කරනු ලැබීම නිසා GSP සහනය මගින් ඉදිරි කාලයේ දී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිත තීරු බදු සහනය අහිමි විය හැකි බව විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
    නියෝජ්‍ය ඇමතිවරයා එම ප්‍රකාශය කළේ බ්‍රිතාන්‍යය යුරෝපා හවුල තුළ රැඳී සිටිය යුතුද නැද්ද යන්න තීන්දු කෙරුණ ජනමත විචාරණයේ ප්‍රතිපලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමිනුයි.
    ශ්‍රී ලංකාව යුරෝපයට අපනයනය කරනු ලබන භාණ්ඩවලින් 40% ක් යවනු ලබන්නේ මහා බ්‍රිතාන්‍යයට බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා උද්ගත වී පවතින තත්ත්වය යටතේ බ්‍රිතාන්‍යය සමඟ වෙළෙඳ ගිවිසුමකට යාමට සිදු වෙන අතර ඒ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇතැයි ද සඳහන් කළේය.


    ජී.එස්.පී එහෙම දැන් හම්බවෙයි..