බාගන්න ඩොලර් නෑ.. ඉන්ධන නැව් 4ක් වරායේ.. ප‍්‍රමාද ගාස්තු කෝටි 6ක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකා හතරකට නිසිවේලාවට ඩොලර් මුදානොහැරීම නිසා ඇමරිකානු ඩොලර් ලක්‍ෂ තුනක් පමණ (රුපියල් කෝටි හයක් පමණ) ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවනු ඇතැයි තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ගණන් බලා තිබේ.

    මේ වනවිට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 80,000 (40000ං2) අඩංගු නෞකා දෙකක්, ගුවන් යානා තෙල් මෙටි‍්‍රක් ටොන් 30,000 ක් අඩංගු නෞකාවක්, පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 30000 අඩංගු නෞකාවක් මෙරට මුහුදු තීරයට පැමිණ ඇත.

    ඉකුත් 08 වැනිදා මෙරට මුහුදු තීරයට පැමිණි ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 අඩංගු නෞකාවක්, 09 වැනිදා පැමිණි ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 ක් අඩංගු නෞකාවක් අදාළ බැංකු වෙත ඩොලර් මුදාහැර නැති නිසා ඉන්ධන ගොඩබෑම ආරම්භ කර නැත.

    කෙසේ වෙතත් 11 වැනි දින පැමිණි පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 30000 ක් අඩංගු නෞකාවේ පෙට‍්‍රල් ගොඩබෑම දින තුනකට පසු 14 වැනිදා සිට ආරම්භ කර තිබේ. නමුත් ඉකුත් 11 වැනිදා පැමිණි ගුවන් යානා තෙල් අඩංගු නෞකාවෙන්ද තාමත් තෙල් ගොඩබෑම ආරම්භ කර නැත.

    මෙරටට අවශ්‍ය ඉන්ධන ඇණවුම් කළත් ඉන්ධන ගොඩබෑම ආරම්භ කිරීමට නම් එම විදෙස් සමාගම්වලට අවශ්‍ය අදාළ ඩොලර් ප‍්‍රමාණය මුදාහැරිය යුතුය. නමුත් එම ප‍්‍රමාදයන් නිසා නෞකා වෙත නිකරුණේ ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාව පවසයි.
     
    • Like
    Reactions: dilann

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,274
    9,173
    113
    තෙල් නෙමේ...ගූ නැවක් නැද්ද ප්‍රෙන් ගූ නැවක්.. :rofl::rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,687
    68,051
    113
    Paya 12ka current cut ekai fuel nethi ekai set unama mara sepak eine bn.born after 2000 unta depression hadei.apita nan owa purudui
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    අඩේ එහෙම කරන්න එපා බොක්ක....මීරිගම කුරුණෑගල හයිවේ එකේ යන්න 500 ට හරි තෙල් දීපන් බන්🤣🤣🤣

    Dollar na kiyala thawa Extra Dollaruth denawa delay fee widihata.. Totally Failed Country and the Management
    :yes: :yes: :dull:
    ------ Post added on Jan 17, 2022 at 12:16 PM