බාර්_වහන_දවස්_2017

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මෙම වසරේ සුරාසැල් වසා තැබෙන දිනයන් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    ඒ අනුව වසරේ සෑම පොහෝ දිනකම සුරාසැල් වසා තැබිය යුතු බවයි එහි දැක්වෙන්නේ.
    මීට අමතරව ජාතික නිදහස් දිනය, සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දින හා අලුත් අවුරුදු දිනයේ දී ද සියලු සුරාසැල් වසා තැබිය යුතුයි.
    රාමසාන් දිනයේ දී, ලෝක අමද්‍යප දිනයේදී හා නත්තල් දිනයේ දී ද සියලු සුරාසැල් වසා තැබිය යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියේ.
    මීට අමතරව කෙටි කාලීන දැන්වීමකින් සුරාසැල් වසා දැමීමට රජය තීරණ කරන අවස්ථාවකදී ද සුරාසැල් වසා දැමීමට ද ක‍්‍රියා කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.
    (එම විස්තර පහතින් දැක්වෙයි)


    neth news
    LastScan.jpg
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේකේ ඉන්නවා නේද බේබද්දෙක් නිතරම බාර් වහලද කියලා අහලා ත්‍රෙඩ් දාන..අන්න ඌට මේක යවපන්කෝ කවුරුහරි එකෙක්..
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නත්තලට, සිංහල අවුරුද්දට ඇයි බන් බාර් වහන්නේ? මම දන්නා තරමින් කතෝලික පල්ලියේ ඇල්කොහොල් විරොදයක් නැහැ. ඒවගේම සිංහල අවුරුද්ද ලෞකික උත්සවයක්, (31st Night වගේ නේ ඇත්තටම) මොන රෙද්දටද එකට බාර් වහන්නේ.

    අනිත් ඒක බාර් වහනව කියන්නේ ඊට කලින් දවසේ ලොකු ඇල්කොහොල් සේල් එකක් (කට්ටිය ස්ටොක් කරනවා නේ) ගීහින්, වහපු දවසෙත් (හොර පොට් වල වැඩි මිලට) හොරෙන් සේල් එකක් යනවා කියන ඒක. මම හිතන්නේ බාර් වාහන එකෙන් අන්තිමට වෙන්නේ ඇල්කොහොල් විකිනිඉම වැඩි වෙන ඒක :confused::confused: