බාලවයස්‌කාර දැරියට බාලවයස්‌කරුවන්ගෙන් &#

Jan 5, 2010
879
22
0
දැන් දවස්‌ කීපයක ඉඳන් දොස්‌තර මාමට අලුත් රාජකාරියක්‌ ලැබුණා. ඒ තමයි "බේබි කාමරේ" වැඩ බලන්න. බේබි කාමරේ කියන්නේ මොකක්‌ හරි සුවිශේෂ ප්‍රශ්නයක්‌ තියෙන, අලුත ඉපදුණු බබාලට වැඩි රැකවරණයක්‌ දෙන ස්‌ථානෙ. වෙනදට බේබි කාමරේ බලන දොස්‌තර මහත්තය සති දෙක තුනකට විදේශගත වුණු නිසා තමයි මේ අවස්‌ථාව දොස්‌තර මාමට ලැබුණේ.

දොස්‌තර මාම වැඩ බාරගත්ත දවසට ඉස්‌සෙල්ල දවසෙ රාත්තිරියෙ සති 33ක විතර බබෙක්‌ හම්බු වෙලා. සාමාන්‍යයෙන් බබෙක්‌ එළියට එන්නෙ සති 40ක්‌ අම්ම ගෙ බඩේ ඇතුළෙ ඉඳලා වුණාට සමහරක්‌ වෙලාවට අඩු වයසින් උපදින බබාල ඉන්නව. ඒ අයට ඉතින් ප්‍රශ්නත් වැඩියි. අම්ම ගෙ ප්‍රශ්නයක්‌ නිසා, බබා ගෙ ප්‍රශ්නයක්‌ නිසා, එහෙමත් නැතිනම් වෙනත් හරියට කියන්න බැරි හේතුවක්‌ නිසා අඩු වයසින් බබාල හම්බු වෙන්න පුළුවන්.

අනෙක්‌ නො මේරූ බබාල වගේ ම මේ අඩු වයසේ බබා වත් වීදුරු පෙට්‌ටියක්‌ වගේ උපකරණයකට දාලා අවශ්‍ය බේත් හේතුත් දෙනව. හැබැයි තාම කිරි බොන්න තරම් මෝරල නෑ. ඒ වුණාට අම්මල එනව පැය දෙකන් දෙකට වගේ තමන් ගෙ දරු පැටියව බලල යන්න. අර බබා ගෙ අම්මත් ආව මේ දරුවව බලන්න. අම්ම කෙනෙක්‌ කිව්වට බොහොම අඩු වයසක්‌ පේන්නෙ. දොස්‌තර මාම ගෙ නිච්චියේ හැටියට අවුරුදු 16-17ක්‌ ඇති.

"අප්ප ද බොල, ඇටෙන් පොත්තෙන් එළියට එන්නත් කලින් කරගන්න දේවල්, අම්මල පුතාල දෙගොල්ලො ම මෝරල නෑ" දොස්‌තර මාම රහසින් ම මිමිණුවා.

මේ අතරේ දොස්‌තර මාමව හම්බු වෙන්න දෙතුන් දෙනෙක්‌ එළියෙ බලාගෙන ඉන්නව කියල වැඩ කරන කෙනෙක්‌ පණිවිඩයක්‌ කිව්වා. බේබි කාමරේ ඉන්න බබෙක්‌ ගෙ ගෙදර කට්‌ටියක්‌ වෙන්න ඇති කියල දොස්‌තර මාමත් ගිහිල්ල බැලුවා.

වැඩිහිටි පිරිමි කෙනකුයි, ගෑනු කෙනකුයි, පොඩි ළමයකුයි ඇවිල්ල හිටිය.

"ඩොක්‌ටර්, මම අර ඊයේ රෑ බබා හම්බු වුණු හංසිනී ගේ තාත්තා".... "ආ බොහොම හොඳයි, මේ ඔය දෙන්න ගෙ පළවැනි බබා ද? දොස්‌තර මාම අර මනුස්‌සය ගෙන් ඇහුවා.

නෑ නෑ ඩොක්‌ටර් හංසිනී මගේ දූ, මේ මගේ වයිෆ්. අපි දෙන්නා ඊයේ තමයි යූකේවල ඉඳන් ආවේ."

මේ මනුස්‌සය ගෙ කතාවෙන් දොස්‌තර මාම කරකවල අතඇරියා වගේ. ඒ දෙන්න ගෙ වයසත් වැඩි ම වුණොත් තිස්‌ පහක්‌, හතළිහක්‌ ඇති. බලන කොට ඒ බේබි කාමරේ ඉන්න බබා ගෙ ආච්චියි, සීයයි.

"එතකොට කෝ බබා ගෙ තාත්තා?"

දොස්‌තර මාම ඊළඟට අහන්න ඕන ප්‍රශ්නෙ කල් නො යවා ම ඇහුවා.

"මේ ඉන්නේ... මෙයා තමයි ඩොක්‌ටර්, මිස්‌ටර් පෙරේරා."

"මිස්‌ටර් පෙරේරා..... මේ මොකෙක්‌ ද? අවුරුදු පහළොවක දාසයක කොලු ගැටයෙක්‌ නෙ. දැලි රැවුල වත් නෑ." දොස්‌තර මාමට විදුලි වේගයෙන් ඔළුවට ආවා.

ඒ කෙසේ වෙතත් දොස්‌තර මාම ඒ වගක්‌ පෙන්වන්නෙ නැති ව විස්‌තර ටික අහගත්තා. මරු වැඩේ තමයි වෙලා තියෙන්නෙ. මේ කියන යූකේ එහෙම නැත්නම් බිරිතානියේ ඉඳන් ආපු නෝනට හංසනීව හම්බු වෙන කොට වයස 20යි ලු. කොළඹ පැත්තේ රස්‌සාවකට ගිය වෙලාවක මුණ ගැහුණු දෙන්න දඩිමුඩියේ බැඳගෙන. බඳින කොටත් හංසනී බඩේ ලු, දැනට අවුරුදු 5කට විතර කලින් මේ දෙන්නා බිරිතානියේ රැකියාවක්‌ ලැබිල හංසනීව නැන්දා කෙනෙක්‌ ළඟ නතර කරල විදේශගත වෙලා.

මේ මිස්‌ටර් පෙරේරා කියන්නේ එ නැන්ද ගෙ පොඩි පුතා. ළමයි ගැන හොයන්නෙ බලන්නෙ නැතිව අම්මල තාත්තල ඒරොප්පෙ ගියා ම වෙන දේවල්.

ආච්චිල, සීයල, අම්මල, තාත්තල, බබාල ඔක්‌කොම වයසිනුයි, ක්‍රියා පටිපාටියෙනුයි මෝරල තියෙනව නම් හොඳට ම මදි.

"අනේ අනිච්චං" කල්ප විනාසේ කිට්‌ටු වෙන කොට නම් මෙහෙම විච්චූර්ණ වෙනව කියල බුදු බණේ නම් තියෙනවා. දොස්‌තර මාම ගෙ කල්පනාවට ආවා.

http://www.vidusara.com/2009/12/16/viduindex.htm
 
shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක

    ඕඕඕඕඕඕඕඕඕ.....මේ "Mr.Perera" කරන වැඩ.. :rofl::rofl::rofl::rofl:
    image.php
    :P:rofl::rofl:;):cool: