බාල තෙල් ද?

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    හායි මචන්ලා, අද නම් joke වෙනුවට වැදගත් දෙයක් අරගෙන ආවා. 😊

    දැන් කට්ටියම දන්නවා ඇති ගෑස්වලට පස්සෙ පෙට්‍රල්වලට කරලා තියෙන හරිය. නොදන්නවා වුණත් වෙනදාට වඩා වාහනේ තෙල් පිච්චෙන ගතියක් තමන්ට දැනිලා ඇති. නිකමට පෙට්‍රල් ටිකක් බෝතලේකට අරගෙන බැලුවොත් කහ පාට වෙනුවට දැන් ඒවා හොඳට වතුර බීලා බෝතලේකට චූ කරාම තියෙන පාට බව දකින්න ලැබේවි.

    මෙන්න එහෙනම් හේතුව. කාලයක් තිස්සෙ ලංකාවෙ තිබුණ ඔක්ටේන් අගය 92 සහ 95 පෙට්‍රල් වෙනුවට එයාලා අලුත් සංයුතියක් හඳුන්වලා දීලා. දැන් 40% ක ප්‍රමාණයක් 1-K Kerosene, එහෙමත් නැත්නම් සල්ෆර් අඩු භුමි තෙල් කවලම් කරපු පෙට්‍රල් එන්නෙ.

    භූමි තෙල් ඉස්සර නිල් පාට වෙලා දැන් රතු පාට ඇයි කියලා සාමාන්‍ය දැනීම තියෙන අය දන්නවා ඇති. භූමි තෙල්වල කිසිම වර්ණයක් නැහැ. ඒ පාට දාන්නෙ පෙට්‍රල්වලට කවලම් කරලා හොර කරන එක නවත්තන්න. මේකත් හරියට කිසිම සුවඳක් නැති ගෑස්වලට එතිල් මර්කැප්ටන් දාලා ලීක් වුණාම අඳුරගන්න පහසු කරනවා වගේ වැඩක්.

    හැබැයි දැන් ඩොලර් ප්‍රශ්නය නිසා වෙන්ඩ ඇති ඒ කවලම් කිරිල්ල එයාලාම කරලා එවනවා. 1-K ගෑවාට මේ 40% ක් දක්වා කවලම් කරන්නෙ ටිකක් පොෂ් භූමිතෙල් වර්ගයක්. කාබන් දාමය 6 ඉඳලා 16 විතර වෙනකල් තියෙන මිශ්‍රණයක්. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඔය අලුත් පෙට්‍රල්වල ඔක්ටේන් අගය බැලුවාම එන්නෙ 76 ක් විතර.

    ඉතින් මොකක්ද මේකෙ ප්‍රතිඵලය? ගෑස් රෙගියුලේටර් ප්‍රමිතිය නෑ කිව්වා වගේම හැම වාහනයකටම 76 තරම් අඩු ඔක්ටේන් අගයක් හරි යන්නෙ නෑ. මේ නිසා ECU නැති පරණ වාහන සහ බයික්, ත්‍රීවීල් වගේ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව ලොකු කඩා වැටීමක් සිදු වෙනවා. ලීටරයට කිලෝමීටර් ගාණ බොහෝ වෙලාවට 20%-35% අතර ප්‍රමාණයකින් අඩු වෙයි කියලා ගණනය කරන්න පුළුවන්. ECU තියෙන වාහනවල නම් එන්ජින් බලය අඩු වෙලා කාර්යක්ෂමතාවය 10%-20% අතර ප්‍රමාණයක් අඩු වෙයි.

    වාහනයට මේකෙන් කෙටි කාලීන හානියක් වෙන්න නම් ලොකු ඉඩක් නැහැ. හැබැයි දීර්ඝ කාලීන වශයෙන් ඇතුලේ කචල් එන්න බැරිත් නැහැ ඉතින්. කෙළින්ම ලැබෙන ක්ෂණික ප්‍රතිඵලය වෙනදාට වඩා තෙල් ගහන්න වෙන එක. කලින් ලීටර් 20 ක් ගැහුවා නම් දැන් ලීටර් 25-30 ක් විතර ගහන්න වෙනවා ඒ දුරම යන්න.

    දැන් ඉතින් ඉස්සරහට සෑර් පපුවට ගහගෙන, ඇමතිලා අස් කරලා, කොහෙවත් යන විසේසඤ්ඤයො ටිකක් අහුලගෙන ජනාධිපති කමිටුවක් දාලා, ලක්ෂ පනහක් හැටක් එයාලාට ගෙවලා පර්යේෂණ වාර්තාවක් අරගෙන මේ කතා ටික හොයා ගනියි. හැබැයි හැමදාමත් වගේ ඉන්ද්‍රජිත් ඒ බව මුලින්ම කිව්වා කියල මතක තියා ගන්න. ඇස්වලට හුරු කරගන්න ඕන වචන දෙක 1-K සහ ඔක්ටේන් 76. 🤣

    බුදු සරණයි එහෙනම්. 👍
    උපුටා ගැනීමකි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    කීවෙනි පාරද බන් ඕක ඔය දාන්නෙ. ඕකෙ අයිතිකාරයත් ඉන්නව මේකෙ. මේ ඉන්නෙ. @Indrajith Gamage

    ඉන්ද්‍රජිත් අයිය විනෝදෙට ජංගි ගැලෙව්වට සෑහෙන්න දෙයක් දන්නව වගේ නෙහ් ?
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    කීවෙනි පාරද බන් ඕක ඔය දාන්නෙ. ඕකෙ අයිතිකාරයත් ඉන්නව මේකෙ. මේ ඉන්නෙ. @Indrajith Gamage
    Thanks බං. අපේ හැත්තට credit එකක් දෙන්න අමුතුවෙන්‍ කියන්න ඕන. ජන්මෙ අවුල් ඕවා. 🙄

    ඉන්ද්‍රජිත් අයිය විනෝදෙට ජංගි ගැලෙව්වට සෑහෙන්න දෙයක් දන්නව වගේ නෙහ් ?
    එ්කයි මේකයි පටලගන්න එක ඉතින් තමන්ගෙ මෝඩ කම. මම කාරණා දන්නවා කියලා හැම වෙලාවෙම සාන්ත දාන්ත ඔස්තාර් වගේ පෙනී ඉන් නෑ. ගන්න වෙලාවට ලැජ්ජා බය නැතිව මගේ විනෝදෙ ගන්නවා. 👍
    ------ Post added on Jan 19, 2022 at 1:59 AM