බාල සේනාවේ චීවරධාරියෙක් බීමත්ව කාරයක් පද
අඳ බාල සේනාවේ චීවරධාරියෙක් අනුරාධපුර පූජා නගරයේ බීමත්ව කාරයක් පදවා පොලිසියට මාට්ටු---------
(ලංකා ඊ නිව්ස් -2012.දෙසැ.30, ප.ව.8.00) අනුරාධපුර පූජා නගරයේ බීමත්ව මෝටර් රථයක් පැදවූ අඳ බාල සේනාවේ විහාරාමාධිපති චීවරධාරියෙකු පොලීසිය අද (30) අලූයම අත්අඩංගුවට ගත්තේ ය. නගර සීමාවේ අධික වේගයෙන් ධාවනය කෙරුණු මෝටර් රථයක් පසුපස ලූහුබැඳ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසල නවත්වා අනුරාධපුර පොලීසියේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබේ. එහිදී හෙළි වී ඇත්තේ අදාල රථය එළවා ඇත්තේ චීවරධාරියෙකු බවත් ඔහු නොසෑහෙන්න බීමත්ව සිට ඇති බවත්ය. එම අවස්ථාවේදී රථයේ තවත් චීවරධාරියෙකු සහ ගිහියන් දෙදෙනෙකුද සිට තිබේ. මෙම පිරිස අනුරාධපුර පොලිස් ස්ථානයට රැගෙන විත් බැලූම් පරීක්ෂාවකට ද භාජනය කර ඇති අතර මෝටර් රථය පැදවූ චීවරධාරියා මත්පැන් පානය කර සිටි බවට එහිදී සාක්කි සහිතව තහවුරු වී ඇත. බැලූම් පිම්බීම කළ නොහැකි යැයි චීවරධාරියා පොලිසියේ යකා නටා ඇත.
අත්අඩංගුවට ගත් චීවරධාරියා හෝමාගම ප්රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ලෙස කටයුතු කරන 33 වියේ පසුවන පුද්ගලයෙකි. අන්තවාදී අඳ බාල සේනා සංවිධානයේ ක්රියාකාරී චීවරධාරියෙකි. බීමත්ව රිය පැදවීම සහ බලපත්රයක් නොමැතිව රිය පැදවීම මොහුට එල්ල වී ඇති චෝදනා වන අතර සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට අනුරාධපුර පොලිසිය කටයුතු කරයි. අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා පොලිස් ඇප මත මුදා හැර තිබේ.
ඕනෑම ආයතනයක විනය උල්ලංඝනය කරන්නන් සම්ප්රදාය කඩා බිඳ දමන්නන් ඉන් ඉවත් කිරීමේ ක්රියා දාමයක් පවතී. ආයතනයකට බඳවා ගැනීමේ ක්රම වේදයක් තිඛෙනවා සේම එහි නීති රීති සම්ප්රදාය විනය කඩනවානම් ඉන් ඉවත් කිරීමේ ක්රම වේදයක් ද තිබිය යුතුය. නැතිනම් එම ආයතනයන් ගෞරවනීය ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකිය. ශ්රී ලංකාවේ බුද්ධ සාසනයට ද එය වලංගු විය යුතුය. රැකිය යුතු කෝටියක් සංවර ශීලය කඩා බිඳ දමන දුස්සීල භික්ෂූන් උපැවිදි කොට ශාසනයෙන් පන්නා දමන ක්රමවේදයක් තිබිය යුතුය. තවමත් නායක කාරකාදීන් මේ ගැන නොසිතන බැවින් දිනෙන් දින බුද්ධ ශාසනය පිරිහෙන බැව් කණගාටුවෙන් වුව කිව යුතුය. ලන්ඩන් විහාරාමාධිපති චීවරධාරියෙකු දැරියක් දූෂනය කිරීම හේතුවෙන් වසර 7 ක සිරද~ුවමක් විඳී. තවමත් ඔහු සාසනයෙන් ඉවත් කළේ නැත. අද දිනයේ අනුරාධපුරයේ දී මෙන් මෙවැනි අශික්ෂිත චීවරධාරීන් වැඩිවන්නේ ඉහත හේතු නිසාය.
source:- Lanka E news..
More:- http://hirunews.lk/sinhala/50453
http://mirror.lk/
අඳ බාල සේනාවේ චීවරධාරියෙක් අනුරාධපුර පූජා නගරයේ බීමත්ව කාරයක් පදවා පොලිසියට මාට්ටු---------
(ලංකා ඊ නිව්ස් -2012.දෙසැ.30, ප.ව.8.00) අනුරාධපුර පූජා නගරයේ බීමත්ව මෝටර් රථයක් පැදවූ අඳ බාල සේනාවේ විහාරාමාධිපති චීවරධාරියෙකු පොලීසිය අද (30) අලූයම අත්අඩංගුවට ගත්තේ ය. නගර සීමාවේ අධික වේගයෙන් ධාවනය කෙරුණු මෝටර් රථයක් පසුපස ලූහුබැඳ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසල නවත්වා අනුරාධපුර පොලීසියේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබේ. එහිදී හෙළි වී ඇත්තේ අදාල රථය එළවා ඇත්තේ චීවරධාරියෙකු බවත් ඔහු නොසෑහෙන්න බීමත්ව සිට ඇති බවත්ය. එම අවස්ථාවේදී රථයේ තවත් චීවරධාරියෙකු සහ ගිහියන් දෙදෙනෙකුද සිට තිබේ. මෙම පිරිස අනුරාධපුර පොලිස් ස්ථානයට රැගෙන විත් බැලූම් පරීක්ෂාවකට ද භාජනය කර ඇති අතර මෝටර් රථය පැදවූ චීවරධාරියා මත්පැන් පානය කර සිටි බවට එහිදී සාක්කි සහිතව තහවුරු වී ඇත. බැලූම් පිම්බීම කළ නොහැකි යැයි චීවරධාරියා පොලිසියේ යකා නටා ඇත.
අත්අඩංගුවට ගත් චීවරධාරියා හෝමාගම ප්රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ලෙස කටයුතු කරන 33 වියේ පසුවන පුද්ගලයෙකි. අන්තවාදී අඳ බාල සේනා සංවිධානයේ ක්රියාකාරී චීවරධාරියෙකි. බීමත්ව රිය පැදවීම සහ බලපත්රයක් නොමැතිව රිය පැදවීම මොහුට එල්ල වී ඇති චෝදනා වන අතර සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට අනුරාධපුර පොලිසිය කටයුතු කරයි. අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා පොලිස් ඇප මත මුදා හැර තිබේ.
ඕනෑම ආයතනයක විනය උල්ලංඝනය කරන්නන් සම්ප්රදාය කඩා බිඳ දමන්නන් ඉන් ඉවත් කිරීමේ ක්රියා දාමයක් පවතී. ආයතනයකට බඳවා ගැනීමේ ක්රම වේදයක් තිඛෙනවා සේම එහි නීති රීති සම්ප්රදාය විනය කඩනවානම් ඉන් ඉවත් කිරීමේ ක්රම වේදයක් ද තිබිය යුතුය. නැතිනම් එම ආයතනයන් ගෞරවනීය ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකිය. ශ්රී ලංකාවේ බුද්ධ සාසනයට ද එය වලංගු විය යුතුය. රැකිය යුතු කෝටියක් සංවර ශීලය කඩා බිඳ දමන දුස්සීල භික්ෂූන් උපැවිදි කොට ශාසනයෙන් පන්නා දමන ක්රමවේදයක් තිබිය යුතුය. තවමත් නායක කාරකාදීන් මේ ගැන නොසිතන බැවින් දිනෙන් දින බුද්ධ ශාසනය පිරිහෙන බැව් කණගාටුවෙන් වුව කිව යුතුය. ලන්ඩන් විහාරාමාධිපති චීවරධාරියෙකු දැරියක් දූෂනය කිරීම හේතුවෙන් වසර 7 ක සිරද~ුවමක් විඳී. තවමත් ඔහු සාසනයෙන් ඉවත් කළේ නැත. අද දිනයේ අනුරාධපුරයේ දී මෙන් මෙවැනි අශික්ෂිත චීවරධාරීන් වැඩිවන්නේ ඉහත හේතු නිසාය
source:- Lanka E news..
More:- http://hirunews.lk/sinhala/50453
http://mirror.lk/
Last edited: