ඔය හලාල් සහතික සීනුයි, ගෝත්‍රික නීති ඇතුලත් ෂරියා නීතියයි, දැන් ඉස්ලාම් බැංකුකරණයයි අපේ ලංකාවට එපා කියලා තමයි මාත් කියන්නේ. ඇයි අප්පා මෙච්චර කල් මෙහෙ මුස්ලිම් මිනිස්සු හලාල් සහතික නැති කෑම කෑවේ නැද්ද? සාමාන්‍ය බැංකුවල සල්ලි දැම්මේ නැදද? උලමා සංවිධානේ ඔය ඕනේ නැති මගුල් බෝකරනවට මොකක් හරි නීතිමය පියවරක් කවුරුහරි ගන්න ඕනේ. ඉස්සර ඔය මුස්ලිම් කාන්තාවෝ මුණ එහෙම කළු රෙද්දකින් වහගෙන ගියේ නෑනේ. දැන් ඇස් දෙකත් දැලකින් වහගෙන යන්නේ. අනේමන්ද බන් මොනවා වෙලාද කියලා. අපේ සිංහල එවුනුත් ඉතින් සිංහලයින්ට විතරක් අයිති රට කියන ඒවා නවත්තගන්න ඕනේ. ඒවගේන් අපි තවත් දුරස් වෙනවා විතරයිනේ. මේක හැමෝටම අයිති රටක්. හැමෝටම නිතිය, සංවර්ධනය පොදු වෙන්න ඕනේ. අන්තගාමිත්වයට එරෙහි ගන්න ක්‍රියාමාර්ගයක් නීත්‍යානුකූලව ගන්න ඕනේ. කොහෙද ඉතින් උඩ තැන්වල ඉන්න මිනිස්සුන්ගේ ඇස් වැහිලානේ.