බැටලුවෝ හා විශේෂඥ උපදේශක

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බැටලුවෝ හා විශේෂඥ උපදේශක

    අපි නොහිතන විදියට අපිව මුලා කිරීම


    එක තරුණයෙක් ඉන්නවා බැටලුවෝ බලාගන්න. දවසක් මේ තරුණයා බැටලු රංචුව දක්කන් යන අතරේ හොද නවීන මෝටර් රථයක් තරුණයා ලගින් නවත්වනවා. ඒකෙන් බහිනවා හොදට ඇද පැලදගත්තු තරුණයෙක්.
    '' මං ඔහේගේ ඔය විශාල බැටලු රංචුවේ ඉන්න බැටලුවෝ ගාන හරියටම කීවොත් ඔහේ මට මම කැමති බැටලුවෙක් දෙනවද ? " අහනවා.
    බැටලුවෝ බලාගන්න තරුණයා වැඩේට මනාප වෙනවා.
    අර කාර් එකෙන් ආපු තරුණයා තමන්ගේ ලැප්ටොප් එක අන්තර්ජංජාලෙට සම්බ්නධ වෙලා චන්ද්‍රකා මාර්ගයෙන් එක එක ගැජමැටික් විස්තර අරන් පිටු බර ගාන පි්‍රන්ට් අවුට් තොගයක් අරන් පිරිස්සලා කියනවා.
    '' ඔහේගේ බැටලුවෝ ගාන 320 යි" කියලා.
    ටිකක් පුදුමෙන් අර නවීන පන්නේ තරුණයා දිහා බලන බැටලු තරැණයා,
    පොරොන්දු උනු පරිදි බැටලුවෙක් තෝර ගන්න දෙන්නවා.
    හොද පෘෂ්ට්මත් බැටලුවෙක් අල්ලන් කාර් එකට දාගෙන යන්න හදදි අර බැටලු තරැණයා ,.
    '' මම ඔහෙයිගේ රස්සාව හරියට කීවොත් ඔහෙයි මට ගත්තු බැටලුවා අාපිට දෙනවද" අහනවා.
    අර තරැණයා කැමති වෙනවා.
    " ඔහේ විශේෂඥ උපදේශකයෙක් "
    බැටලු තරැණයා පිලිතුරැ දෙනවා.
    පුදුමයට පත්වෙන අර කාර් එකේ ආපු තරැණයා අහනවා
    '' ඔබ කොහොමද ඒක හරියට දැනගත්තේ "
    බැටලු තරැණයා පිලිතුරු දෙනවා.
    '' * ඔබ ආවේ අනවසරෙන්. ඔබට අවශ්‍ය ලෙස ඔබ කෙරේ අවධානය යොමු කරවමින්.
    * අනෙක ඔබ මට කියා දුන්නෙත් මම දන්න දෙයක්මයි මටම ආපිට.
    ඉතිං අනවසරෙන් ඇවිත් මම දන්න දේම මට දෙසාබාන ඔහේ විශේෂඥ උපදේශකයෙක් මිස වෙන කවුරු වෙන්නද? "
    අර කාර් එකේ ආ තරැණයා ලැජ්ජාවෙන් බිම බලා ගන්නවා.
    බැටලු තරැණයා නැවතත් කියනවා.
    '' ආ දැන් එහෙනම් ඔය කාර් එකට දා ගත්තු මගේ බැටලුවෝ බලා ගන්න බූල් බල්ලා මටම ආපිට දුන්නම් හොදයි නේද ? "


    ------------------------------------------------------


    එක එක කාලෙට රහත් උනා කියා ගන්න ඇත්තෝ ටී.වී වල ඇඩ් දාගෙන,
    තාප්පවල පෝස්ටර් ගහගෙන , බුකියේ පේජ් අටවන් වැඩට ෆොටෝෂොප් බලකාවල් හදන් අනවසරෙන් අපි ගාවට එනවා. ඇවිත්,
    අපිත් අහලා තියෙන බුදුහාමුදුරුවන්ගේ බුදු බණ අපිටම ආපිට තමන්ගේ වගේ කියනවා.
    බුදු බණ වෙනුවට ග්‍රහ අපල , අංජනම් එලි, කොඩි වින , නැකත් ගැන විතරක් අහලා තියෙන මිනිස්සුනම් අර බුදු බණ රහත් උනෝ කියන ගොයියන්ගේම බණ කියලා හිතන් සාධු කාර දිදී ඒ අලුත් රහතුන් පස්සේ යනවා හරියට බැටළුවෝ බව්වෝ අදුරගන්න බැරිව වගේ..



    Rohan Prageeth ගේ ලිපියක් බුකියෙන් උපුටා ගන්න ලදී