බැටළුවො ගාණ​

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඔන්න එකෝමත් එක කාලෙක (ඊයෙ පෙරේද වගේ) ගොපල්ලෙක් තමන්ගෙ බැටළුවො ටික පිට්ටනියක අත ඇරලා ගහක් යට වාඩි වෙලා උන් දිහා බලාගෙන හිටියා. ඔන්න ඒ වෙලාවෙ ඒ පිට්ටනිය ලඟින් යන පාරෙ ආවා අළුත්ම අළුත් Porsce කාර් එකක්.

    කාර් එකෙන් බැස්සෙ Armani ඇඳුමක් ඇඳපු, Cerruti සපත්තු දාපු, Ray-Ban සන් ග්ලාස් දාපු, TAG Heuer ඔරලෝසුවක් අතේ බැඳල​, Pierre Cardin ටයි එකකුත් දාපු මහත්තයෙක්.

    මෙතන ඉන්න බැටළුවො ගාණ මම හරියටම කිව්වොත් මට මෙතන ඉන්න එක බැටළුවෙක් දෙනවද​?
    කාර් එකෙන් බැස්ස මහත්තයා ගොපල්ලගෙන් ඇහුවා.
    ගොපල්ල තමන් ගෙ විශාල බැටළු රංචුව දිහා බලලා කිව්වා “පුළුවන් නම් කියන්න​” කියලා.

    කාර් එක ලඟට ගියපු මහත්තය තමන් ගෙ HP Envy 14-2002 computer එකෙන් නාසා වෙබ් අඩවියට ගිහින් බැටළුවො ඉන්න පිට්ටනියෙ GPS scan එකක් කෙරුවා. විනාඩි පහළවක් විතර computer එක ලඟට වෙලා මහත්තය කරන වැඩේ දිහා ගොපල්ලා බලාගෙන හිටියා.

    මෙතන බැටළුවො 1578ක් ඉන්නවා..
    මහත්තය ගොපල්ලට කිව්වා.

    මහත්තයා හරි, මෙතන ඉන්න බැටළුවො ගාණ හරියටම කිව්ව නිසා දැන් මම දුන්න පොරොන්දුව ඉටු කරන්නම්, මහත්තයා මගේ බැටළුවෙක් ගන්න​.
    ගොපල්ල කිව්වා.
    මහත්තයත් එතන හිටිය සතෙක් අල්ලගෙන ගිහින් කාර් එකේ ඩිකියට දැම්මා..

    මම මහත්තයගෙ රස්සාව හරියටම කිව්වොත් මගෙන් ගත්ත සතා මට ආපහු දෙනවද​?
    ගොපල්ලා ඇහුවා
    හා, පුළුවන්නම් කියනව බලන්න​….

    මහත්තයා ගණන් පරීක්‍ෂකවරයෙක්!

    කොහොමද මනුස්සයෝ ඒක දැනගත්තේ?

    හරි ලේසියි මහත්තයා, මහත්තය මෙතනට බලෙන්ම ආවා, ඊලඟට ම​ම දන්න දෙයක් ගැන මට කියන්න මගෙන් අයකිරීමක් කෙරුවා, මහත්තයට මගේ රස්සාව ගැන තේරෙන්නෙත් නෑ.

    දැන් කරුණාකරලා මගේ බල්ලව මට ආපහු දෙනවද​?