බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් බේරාගැන&

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් බේරාගැන&

    මහබැංකු බැඳුම්කර සිද්ධියට අගමැති රනිල් වික්‍ර‍මසිංහගේ සම්බන්ධය සාක්ෂි සහිතව හෙළිදරව්කර තිබියදී ඒ සාක්ෂියේ සඳහන් කරුනු මගහැර රනිල් චෝදනාවෙන් ගැලවීමට පියවර ගත්තේ දූෂණ විරෝධී පතාක යෝධයා වූ හඳුන්නෙත්ති ය. එපමණක් නොව, දඩයම්කරු ගලවා දඩ බල්ලාට පමණක් චෝදනා එල්ල කරමින් තම පරම නිර්භීත වාර්තාව එලි දක්වා සමාජයේ හොඳ හිත දිනාගන්නට ද මේ චෞර සහායකයා සමත් විය.

    දැන් ඔහු තම නීතීඥයාද සහභාගීකරගෙන බැඳුම්කර වංචාවේ අපරාධමය වරද රනිල්ගේ කරමත වැටීම වැළැක්වීම සඳහා මෙහෙයුමක් අරඹා ඇත. ඒ ජනාධිපතිවරයා විසින් මේ වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයාට කරුනු ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගන්නා බව පැවසීමත් සමග ය.නීතිපතිවරයා විසින් කරුණු අධ්‍යයනය කර අගමැතිවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කළහොත් විමර්ශන කටයුතු ආරම්භ කළහොත් අගමැති රනිල්ගෙන් ප්‍ර‍ශ්න කිරීමටත් ඔහුව චූදිතයෙකු බවට පත් කිරීමටත් සමහරවිට අත්අඩංගුවට ගැනීමටත් අවස්ථාව ඇති බව රනිලුත් හඳුන්නෙත්තිත් හොඳින්ම දනිති. මේ යොමු කිරීම කරනුයේ ජනාධිපතිවරයා විසින් වන බැවින් සහ දැන් ඇතුව තිබෙන දේශපාලන සීතල යුද්ධයේ තරම අනුව මේ අවධානය සුළුවෙන් තැකිය නොහැකි බව දෙදෙනාම අවබෝධ කරගෙන ඇතුවාට සැක නැත.

    එනිසා දැන් ඔහු යෝජනා කරනුයේ මේ හොරකම නීතිපතිට යොමු නොකොට ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට අපරාධ යුක්ති විනිශ්චය කොමිසමක් ස්ථාපිත කරන ලෙසටය.මෙවැනි කොමිසමක් අප රට ඉතිහාසයේ මීට පෙර ඇතs කළේ 71කැරැල්ල සම්බන්ධයෙනි. දැනු ජවිපෙ කරනුයේ තම අතීතය සහ විජේවීර පවා භාවිතා කරමින් එකී ඉතිසාහයත් විජේවීරත් විනාශ කළ එජාපයම ආරක්ෂාකිරීමය. එවන් කොමිසමක් යනු තවත් වසර හතරකට වඩා කල් මැරිය හැකි යාන්ත්‍ර‍ණයක් බව ජවිපෙ හොඳින්ම දනී. ජවිපෙට අවශ්‍ය වනුයේ ඊළග මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය දක්වා රනිල් වික්‍ර‍මසිංහට එරෙහිව චෝදනාවක් ගෙනඒම වැළැක්වීමටය. මේ කොමිසම් යොජනාව ඒ වෙනුවෙනි. මේ යෝජනාව නිසා හඳුන්නෙත්ති පවා හෑල්ලුවන බව ජවිපෙට අදාල නොවේ. මන්දයත් තවත් විමර්ශනයක් යනු කොaප් වාර්තාවෙන් මීට අදාල විමර්ශන නිසි පරිදි සිදු කළ නොමැත යන අදහසක් ඉස්මතු කරන්නක් ද වන බැවිනි.

    සිදුවීම් මෙසේ සිදුවනුයේ අනුර දිසානායක විසින් විජේවීරගේ ප්‍ර‍තිපත්තිය දැක්ම යල්පැනගොස් ඇති බවට අදහස් දක්වන අතරතුරදී ය. තම ඉතිහාසයත් සමාරම්භකයාත් පිළිබඳ ලජ්ජා වන ජවිපෙ නූතන නායකත්වය විසින් දැන් කළ යුතුව ඇත්තේ එහි නමත් ලකුණත් මාරු කරගෙන මොඩ් වීමය. ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවට එජාප විමුක්ති පෙරමුණත් සීනුව වෙනුවට අලි බෙට්ටත් යොදාගත හැක. ජවිපෙ ලකුණ අලිබෙට්ට වූ පසු අනුරලා විජිතලා සහ හඳුන්නෙත්තිලා ඒවා කමින් එහි සරණ පනුවන් ලෙස ඔවුනට අදාල නිසි පෙනුමෙන් ම හඳුනාගත හැකි වනු ඇත. එය අදීන ඉතිහාසයක් ඇති ජවිපෙටත් එහි නිමැයුරු විජේවීරයන්ටත් කළහැකි ඉහළම සහ අවසන් ගෞරවය වනු ඇත.



    මෙහෙම දෙයක් වෙනවද සහෝ ?
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    raw
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් සැප ඇති... ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න පුළුවන්.
     

    Similar threads