බැදුම්කර හොරු වගේම මේ හොරාත් අත් අඩංගුවට

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බැදුම්කර හොරු වගේම මේ හොරාත් අත් අඩංගුවට



    අල්ලස් ගත් ජනපති කාර්යාල මාණ්ඩලික ප්‍රධානියා සහ දැව සංස්ථාවේ සභාපති රිමාන්ඩ්
    කර්තෘ Sakila Udayakumara 04 May, 2018 | 6:27 AM

    බෙදාගැනිම්:
    COLOMBO (News 1st) – අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

    ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අල්ලසට සහ දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වන බව ය.

    නීතිය ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට වත්මන් රජය යටතේ ඇති කර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳව තමා සතුටු වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

    ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා කොළඹ තරු පහේ හෝටලයක් තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු‍වේ ඊයේ පස්වරුවේදී ය.

    රුපියල් කෝටි 56ක අල්ලසක් ඉල්ලා එය කෝටි 10කට කේවල් කර රුපියල් කෝටි 2ක අත්තිකාරම් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේ ය.

    මේ අතර ඊයේ රාත්‍රියේ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මෙන්න මේ සීන් එක තමයි සිරිසේන කූරියා ගහන්න සහ මරාව අගමැති කරන්න ප්‍රධානතම හේතුව.නැතුව ඌ කියන අන්ත ලිබලරවාදි අන්ත දක්ශින හෝ දූෂිත ආන්ඩුවක් නිසා නම් නෙවෙයි.සිරා ආන්ඩුවට හොර හොරා කිය කිය ආන්ඩුවට ජරාව තවරා තවර මිනිහා බොහොම ශුද්දවන්තයෙක්, පිරිසිදු දේශපලනඥයෙක් අවංකයෙක් විදිහට රටට පෙන්නගෙන හිටියා.නමුත් මේ පගා කේස් එක නිසා එයාගේ ජනාධිපති කාර්යමන්ඩල ප්‍රධානියා අතටම අහු උනා.අනිත් එක උන් දෙන්නා පගාව උන් දෙන්නට ගත්තනම් පගාව ගත්ත තැන ඕක ගනන් කරන්න ඕනි නෑ.ආරක්ෂිතව ගෙදර ගිහින් ගනිනවානේ.මොකද ගාන හරියට තිබ්බොත් වැඩේ කරනවා.නැත්නම් ගාන ඩුවෙන් නම් ඉතිරි ගාන ඩ්දෙනකම් කරන්නේ නෑ.මුන් දෙන්න ගන්නේ වෙන එකෙක්ට.මොකද එතන ගනින්නෙ නැතුව ඇවිල්ලා කෝටි දෙකට කෝටියක් තිබ්බොත් දුන්න එකා කියයි අනේ සෑර් මම ගානම දුන්නා.අරුන් දෙන්න ගහගන්න ඇති කියලා.ඒක ඇරෙන්න වෙන කිසිම හේතුවක් නෑනේ