බැන්කී මූන් ශ්‍රී ලංකාව අධ්‍යයනයට සුදානම

aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    බැන්කී මූන් ශ්‍රී ලංකාව අධ්‍යයනයට සුදානම

    528452982bankim3.jpg



    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අභ්‍යන්තර සමාලෝචන කමිටුවේ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් මහතාට භාරදීමට නියමිතව තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෛනික මාධ්‍ය හමුවේ දී මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක මාර්ටින් නේසර්කි සඳහන් කළේ අදාළ වාර්තාව මෙම සතිය අවසානයේදී බැන්කී මූන් මහතාට භාරදීමට නියමිතව ඇති බවයි.

    ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම අවසාන සමයේ සිදුවු සිද්ධීන් පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් මෙම අභ්‍යන්තර කමිටුව පත් කරන ලදී.

    අදාළ සමාලෝචන කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය කෙසේ විය යුතුද යන්න පිළිබඳව සකස් කළ වාර්තාව ඒ අනුව මහලේකම්වරයාට භාරදීමට නියමිතව තිබේ.

    අදාළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් මහතා විසින් අධ්‍යයනය කරනු ඇතැයි ද මාර්ටින් නේසර්කි සඳහන් කළේය.

    ඉදිරියේ දී එම වාර්තාව ප්‍රසිද්ධ කිරීමට නියමිත බව ද ඔහු පැවසුවේය

    source : - http://sinhala.adaderana.lk/news.php?nid=29144