බැඳුම්කර වංචාව නොතේරෙන අයට එය සරළව මෙන්න...!

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,144
    7,010
    113
    බැඳුම්කරයක් යනු කුමක්ද ?

    සරළව කිව්වොත් රජයට දිගු කාලීන (අවු. 2 සිට -30 දක්වා) ණය ලබා ගන්නා උපකරණයක්. රජයට සල්ලි නැත්නම් රජය මහ බැංකුව හරහා බැදුම්කර නිකුත් කරනවා. මහජනතාව අතේ තියන සල්ලි රජය විසින් ණයට ගන්නවා. ඒ කියන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක් වගේ එකක් කියලා හිතන්නකෝ. ඒවා මිලදී ගන්න මිනිස්සුන්ට වගේම බැංකු වලටත් පුලුවන්. ඒවට පොලියක් ගෙවනවා. ඒ නිසා බැදුම්කර මිලදී ගන්න මිනිස්සුන්ට හෝ බැංකුවකට ඒක ආයෝජන මාර්ගයක්.

    බැංකු ඇයි මේ බැදුම්කර මිලදී ගන්නේ? සමහර විට ඔබ එහෙම හිතනවා ඇති. බැංකු ශාඛා වලට ලැබෙන තැන්පතු ණයට දීලනේ එයාලා ලාභ ලබන්නේ. ඉතිං එයාලා ණය දෙනවා ලාභ ලබන්න හිතාගෙන. ණය දීලා ඉවර උනාට පස්සේ තවත් සල්ලි ඉතිරි වෙලා තිබුනොත් ඒවා නිකන්ම සේප්පුවේ තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා ඒ මුදල් බැදුම්කර වල ආයෝජනය කරනවා. බැදුම්කර කියන්නේ අවුරැද්දට වැඩි කල් පිරීමක්‍ සහිත ඒවා. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවුරැද්දකට වඩා අඩු කල් පිරීමක් තියන ඒවා.

    ඉතිං අමල් (A) කියන කෙනා රැ. ලක්ෂයක් දීලා බැදුම්කරයක් ගත්තා කියමුකෝ. එයාට මහ බැංකුවෙන් සහතිකයක් දෙනවා. කාලය අවුරැද්දක් නම් ඒ අවුරැද්ද අවසානයේ පොලියත් එක්ක ආපහු ගෙවන්න මහ බැංකුව එකඟ වෙනවා. රජයට සල්ලි දෙන නිසා රජය සල්ලි අච්චු ගහලා හරි ඒ මුදල දෙන බව මහජනයා දන්නවා. ඒ නිසා බැදුම්කර වල ආයෝජනය අවධානම අඩුම ආයෝජන මාර්ගයක්. ඒ නිසා ගොඩක් අය බැදුම්කර වල ආයෝජනය කරනවා.

    දැන් අමල් (A) ළඟ බැදුම්කර සහතිකයක් තියනවා. ඒකේ මුහුණත වටිනාකම ලක්ෂයක් කියමුකෝ. මේ බැදුම්කර වලට තියන ඉල්ලුම හා සැපයුම අනුව ඒවා ද්විතීයික වෙළෙඳපොලේ විකුනන වෙලාවේ මුහුණත වටිනාකමට වඩා වැඩි හෝ අඩු මිලක් තීරණය වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් පෙට්‍රල් ඉල්ලුම වැඩි වෙද්දි පෙට්‍රල් මිල වැඩි උනා වගේ තමයි මේවයෙ ඉල්ලුම වැඩි වෙද්දි මිල වැඩි වෙනවා. බැඳුම්කර වල මිල තීරණය වෙන්නෙත් ඉල්ලුම් හා සැපයුම් බලවේග වලට අනූව.

    මහ බැංකුව මේ බැදුම්කර වෙන්දේසියේ විකිණීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ වෙන්දේසිය 100% ක් ස්වාධීන විය යුතුයි. ඒකට බලපෑම් කරන්න මහ බැංකු අධිපතිට අවසර නැහැ. මොකද මහ බැංකු අධිපති කියන්නේ දේශපාලන පත්වීමක් නිසා. ඒවෙනුවට වෙන්දේසිය මෙහෙයවන්නේ නියෝජ්‍ය අධිපති කෙනෙක්. මේක රටක ආර්ථිකයට දැඩිව බලපාන දෙයක් නිසා හරි පරෙස්සමින් කරන වැඩක්. කාටවත් ඇගිලිගහන්න බැරි වෙන්න ඕනෙ විදියට කරන්න ඕනෙ වැඩක්.

    දැන් තමයි නියම කතාව... !!!

    අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට සභාපති වෙලා එනවා. ඔහු සිංගප්පූරැ පුරවැසියෙක්. රටේ මුදල් නෝට්ටු වල අත්සන් තියන්නෙත් මුදල් ඇමතියි මහ බැංකු අධිපතියි නේ. ඉතිං අපේ මුදල් නෝට්ටු වලට අත්සන් තිබ්බේ සිංගප්පූරැ පුරවැසියෙක්. පුදුමයි නේද, පුදුම වෙන්න දෙයක් නෑ. අපේ ලංකාවෙ මෙච්චර කාලයක් සල්ලි බලයයි දේශපාලන බලයයි තියනවා නම් ඕනෙම දෙයක් පුළුවන්. ඉස්සර නම් කියන්නෙ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ජනාධිපති කෙනෙකුට බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගෑනියෙක් කරන්නත් විතරයි කියලා, දැන්නම් ඒකත් පුළුවන්. 😅
    ඉතින් ලංකාවේ මහ බැංකු අධිපති තනතුරට සුදුසු කෙනෙක් හිටියෙම නැද්ද? සිංගප්පූරු පුරවැසියෙක්ව ලොක්කා මහබැංකු අධිපති ලෙස පත් කලේ. ඒක ලොකු ගැටළුවක් ලොක්කාගෙන්ම අහන්න ඕනෙ.

    මහ බැංකුවේ අධිපති කෙනෙක්ගේ පවුලේ අයට බැදුම්කර ගණුදෙනු කරන අතරමැදි ආයතන පවත්වාගෙන යන්න අවසර නැහැ. ඒත් අර්ජුන් මහේන්ද්‍රන් සභාපතිගේ දුව බැන්ද කෙනා, ඒ කියන්නේ අර්ජුන්‍ ඇලෝෂියස්ට ඒ වගේ අතරමැදි ආයතනයක් (ප්‍රාථමික ගනුදෙනුකරුවෙක්) තියනවා. ඒකේ නම Perpetual Treasuries Limited. ප්‍රශ්න පටන් ගන්නේ ඔතනින්….

    ඔන්න අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව සභාපති. මහබැංකුවේ බැදුම්කර විකුනනවා කියලා හිතන්න. අර්ජුන්‍ මහේන්ද්‍රන්ගේ බෑනාත් (ද්විතියික) වෙළඳපොලේ බැඳුම්කර බිස්නස් කරනවා. බැදුම්කර මිල සමහර කාල වලදී අඩු වැඩි වෙනවා. (ඉල්ලුම සැපයුම මත)

    දැන් මේ බැදුම්කර මිල රැ. 1000 ක් උනාට ඒක 1200 ක් දක්වා මිල වැඩි වෙච්ච වෙලාවක්. ඉතිං මහ බැංකුවට දැන් පුලුවන් 1200 ට බැඳුම්කරය විකුනලා ලොකු ලාභයක් ලබන්න. අර්ජුන් මහේන්ද්‍රන් මේ රැ. 1200 බැඳුම්කරය එයාගේ බෑනට රැ. 800 ට විකුණන්න අර බැදුම්කර වෙන්දේසියේ දී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිට බලපෑම් කරනවා. එයාට වෙන්දේසිය පවත්වන ස්ථානයට එන්න අවසර නැතත් එයාගේ දැඩි බලපෑම මත රැ. 1200 බැඳුම්කරය රැ. 800 ට බෑනට දෙනවා. මිලියන ගානක් වටින බැඳුම්කර අවතක්සේරු කරපු මිලකට මහබැංකුවෙන් ලබා දෙනවා මේ විදිහට. ඒ බැඳුම්කර මිලියන ගානම එකක් 1200 ගානේ විකුනනවා බෑනා විසින්. එකකින් රැ 400 ක් දැන් මෑන්ට ලාබයි. බැඳුම්කර මිලියන ගානක් නිසා ලාභය බිලියන ගානක් (මුදල් ලාභය රුපියල් 8,529,964,495.61 (රුපියල් බිලියන 8.5) කි.

    නමුත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසන ආකාරයට ආර්ථිකයට සිදුවී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 145ක්. (145,000,000,000)

    ඒ හේතූන් මත ආර්ථිකයේ පොලී අනුපාතික ඉහල දැමීම මත ඒ අලාභය මහජනතාවගෙන් වක්‍රාකාරයෙන් ආවරණය වීමක් සිදු වුනා. ඒ කියන්නේ ඔයාට මට මේ ණය ගෙවන්න සිදු වුනා. මහ බැංකුවෙන් අනෙක් බැංකු වලට ණය දෙනකොට අය කරන පොළිය වැඩි කරන්න වෙනවා. මහ බැංකුවෙන් සල්ලි මදි බැංකු වලට දැන් වැඩි පොලියට ණය දෙනවා ඔන්න. එතකොට ඒ වැඩි පොළිය ගෙවලා බැංකු වලින් ගන්න සල්ලි වලින් මිනිස්සුන්ට ණය දෙනකොට අය කරන පොළිය වැඩි කරන්න වෙනවා.

    දැන් තේරෙනවද වැඩේ ? මහ බැංකුවේ මේ වංචාව නිසා සාමාන්‍ය මනුස්සයෙක් ණයක් ගන්න ගියාම අය කරන පොලිය වැඩි කරන්න වෙලා. ඒ වගේම බැංකු වල මුදල් තැන්පත් කලාම ගෙවන පොලිය අඩු කරන්න වෙලා.

    ඒ වගේ තමයි මහ බැංකුවේ බැදුම්කර වල ආයෝජනය කරපු සේවක අර්ථසාධක අරමුදලට වෙලා තියෙන්නේ. එයාලට ගෙවන්න හිටිය ගානට වඩා අඩුවෙන් තමයි දැන් ගෙවුවේ. ඒ කියන්නේ මිලියන ගානක් වෙච්ච වැඩ කරන ජනතාවට ගෙවන අර්ථසාධක පොළිය මේ වැඩේ නිසා අඩු වුනා. සිංගප්පූරැ පුරවැසියාගේ බෑනාට බිලියන ගණනක් ලාභ ලබන්න, සාමාන්‍ය වැඩ කරන ජනතාවට ලැබෙන්න නියමිත පොළිය අඩු වුනා. ඒ වගේම ඒ ලාභය ලබන්න මිලියන ගානක් බැංකු වලින් ණය ගන්න එන අයගෙන් අය කරන ණය පොළිය වැඩි වුනා.

    සරළව කියනවා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා ලබපු ලාභය හෙවත් මහ බැංකුව ලබපු අලාභය පියවන්න සාමාන්‍ය ජනතාව මත බර පැටවුනා. 2017 ඉඳන්ම අපි නොදැනුවත්වම මේ පාඩුව ගෙවනවා.

    ඔන්න ඕකයි මහ බැංකු බැදුම්කර වංචාව කියන්නේ.... නැත්නම් මහ දවල් මහ බැංකුවට පැනලා සල්ලි හොරකම් කිරීමක් නෙමෙයි. උපායමාර්ගික වංචාවක්.

    මීට අමතරව, (2005-2021) අතර කාලය තුල සිදු වූ විශාල වංචාවන් කිහිපයක එකතුව,

    • සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
    • සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
    • හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
    • දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
    • CSN වංචාව රුපියල් - 520,000,000
    • සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
    • හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
    • සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
    • ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
    • කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
    • පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
    • CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
    • චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
    • ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
    • CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
    • කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
    • මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
    • ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967

    එකතුව බිලියන 69 කි බිලියනයකට බිංදු 9කි.
    ආසන්න වශයෙන් 69,276,487,000

    එන්න අපි සජිත්, රනිල්, නාමල් සමග එකතු වෙලා රට හදමු!!!

    හැබැයි දැන් ඔන්න ඔයාලට අවස්තාව හම්බෙලා තියනවා මේ දූශිත පාලනයෙන් රට මුදවාගන්න. වැරදි කරපු ප්‍රාදේශීය මංත්‍රීවරුන්ගේ සිට ජනාධිපතිවරු දක්වා රාජ්‍ය නිලධාරීන්ව එතනින් ඉවත් කරන්න. කරන්න තියෙන්නෙ එක දෙයයි මොලේ පාවිච්චි කරලා ඡන්දය භාවිතා කිරීම පමනයි.
    කෙතරම් දරුණු ආක්‍රමණිකයකු වුවද නැපෝලියන් බොනපාට් විසින් කරන ලද පහත සඳහන් ප්‍රකාශය ප්‍රගතිශීලී ලෝකවාසීන් සියලු දෙනාගේ හදවත් දිනාගත්තකි. “අපට ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ නරක මිනිසුන් ප්‍රචණ්ඩක්‍රියා කිරීම නොව හොඳ මිනිසුන් කටවල් වසාගෙන සිටීමය.”

    කොපිකරගන්නවා නම් කතෘ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටිමි.
    -ECONOMICS WITH චනුක දේවින්ද-

    මූලාශ්‍ර - https://www.parliament.lk/si/business-of-parliament/parliamentary-questions?task=question&id=13438
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    429
    469
    63
    එළකිරි, අනුරත් දූර කාලයේදී හොරකම් කලොත් මේකේ දාමු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,945
    79,951
    113
    ආශ්චර්යමත් රටක
    අර්ජුන් මහේන්ද්‍රන්ට හොරා කන්න ඉඩ හදල දීපු එකා ඒක කරල නිකන් අතපිහිදගත්ත වගේ එකක්නෙ මේකෙන් හිතෙන්නෙ.

    එහෙම වෙනවද බන් උබල දන්න විදියට?

    නෑ එහෙම වෙන්නෙ නෑ. උබල සල්ලි ටික අරගෙන වැඩේ සෙට්ල් උනාට පස්සෙ මගේ සිංග අකවුන්ට් එකට මගේ ගාන දාපන් කියල තමයි ඌ උගේ ඩීල් එක ගහන්නෙ.

    එහෙව් පරබල්ලන්ට කියලා රට දියුණු කරවන්න හිතපු තැරි මෝඩම මූසලම හැත්තක් ඉන්නවා 🤮
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,000
    113
    Matara
    Arjuna Mahendran.jpg

    අර්ජුන මහේන්ද්‍රන්ට interpol එකෙනුත් red warning දාල තිබ්බ ඒත් රනිල් සේරම යට ගැහුව ... රනිලුත් හෞල් නෙ ඕකට ... මේ ළඟදි කතාවක් ඇදුණ රනිල් Singapore ගිය වෙලාවක අර්ජුන මහේන්ද්‍රන් එක්ක Lunch ගත්ත කියල ... ඕක Parliament එකෙ ඇද්ද කෞරුහරි ඒත් රනිල් ලිස්සල ගියා ... ඌ කෝමත් කපටියනෙ

    අර්ජුන මහේන්ද්‍ර න් උගෙ නම වෙනස් කරන්ලු ඉන්නෙ Harjan Alexander කියල legal issues වලින් බේරෙන්න 🤥 ( ඉන්නෙ Singapore වල ලු )

    අහ් නඩුවෙ ඉන්න අර්ජුන ඇලෝෂියස්, කසුන් පලිසේන මම හිතන්නෙ release උනා මහේන්ද්‍ර න් නැති නිසා ලංකාවේ නඩුව continue කරන්න බෑ කියල ... ඒත් උන්ට විදේශ ගමන් තහනමක් තියනව මම දන්න විදියට 🤥

    අනුර සටනෙදි කිව්ව අපි ආවාම අර්ජුන මහේන්ද්‍ර න් ලංකාවට ගේනව කියල .... අපි බලමු නෙහ් මොකද වෙන්නෙ කියල 😴🧭🌼
     
    • Like
    Reactions: waca and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    52,945
    79,951
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 238535

    අර්ජුන මහේන්ද්‍රන්ට interpol එකෙනුත් red warning දාල තිබ්බ ඒත් රනිල් සේරම යට ගැහුව ... රනිලුත් හෞල් නෙ ඕකට ... මේ ළඟදි කතාවක් ඇදුණ රනිල් Singapore ගිය වෙලාවක අර්ජුන මහේන්ද්‍රන් එක්ක Lunch ගත්ත කියල ... ඕක Parliament එකෙ ඇද්ද කෞරුහරි ඒත් රනිල් ලිස්සල ගියා ... ඌ කෝමත් කපටියනෙ

    අර්ජුන මහේන්ද්‍ර න් උගෙ නම වෙනස් කරන්ලු ඉන්නෙ Harjan Alexander කියල legal issues වලින් බේරෙන්න 🤥 ( ඉන්නෙ Singapore වල ලු )

    අහ් නඩුවෙ ඉන්න අර්ජුන ඇලෝෂියස්, කසුන් පලිසේන මම හිතන්නෙ release උනා මහේන්ද්‍ර න් නැති නිසා ලංකාවේ නඩුව continue කරන්න බෑ කියල ... ඒත් උන්ට විදේශ ගමන් තහනමක් තියනව මම දන්න විදියට 🤥

    අනුර සටනෙදි කිව්ව අපි ආවාම අර්ජුන මහේන්ද්‍ර න් ලංකාවට ගේනව කියල .... අපි බලමු නෙහ් මොකද වෙන්නෙ කියල 😴🧭🌼

    නම වෙනස් කරන් legal issues වලින් බේරෙන්න පුලුවන් නං හැමෝම නම වෙනස් කරගනියිනෙ බන්
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,000
    113
    Matara
    නම වෙනස් කරන් legal issues වලින් බේරෙන්න පුලුවන් නං හැමෝම නම වෙනස් කරගනියිනෙ බන්
    නම වෙනස් කරපු සීන් එකනම් ඇත්ත බන් ගොඩක් website වලින් report කරල තිබ්බ
    මෙහෙමයි ඉතින් ...
    Internationally Blacklist වෙලා තියන නමක් වෙනස් කරන එකෙන් පොඩි හරි impact එකක් ඇති නෙ ඌට ඒකනෙ වෙනස් කරන්න ඇත්තෙ ....
    🤥
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,780
    47,804
    113
    අර්ජුන් මහේන්ද්‍රන්ට හොරා කන්න ඉඩ හදල දීපු එකා ඒක කරල නිකන් අතපිහිදගත්ත වගේ එකක්නෙ මේකෙන් හිතෙන්නෙ.

    එහෙම වෙනවද බන් උබල දන්න විදියට?

    නෑ එහෙම වෙන්නෙ නෑ. උබල සල්ලි ටික අරගෙන වැඩේ සෙට්ල් උනාට පස්සෙ මගේ සිංග අකවුන්ට් එකට මගේ ගාන දාපන් කියල තමයි ඌ උගේ ඩීල් එක ගහන්නෙ.

    එහෙව් පරබල්ලන්ට කියලා රට දියුණු කරවන්න හිතපු තැරි මෝඩම මූසලම හැත්තක් ඉන්නවා 🤮
    sdBZ2aN.png

    kySBKhv.jpeg


    රනිල්ගෙ ආතල් එක සල්ලි නෙමෙයි.
    ඌට තියෙන්නේ බල තන්හාව.

    චන්දෙට වියදම් කරන, සහය දෙන උන්ට හම්බකරගන්න ඉඩ දුන්නා.
     
    • Like
    Reactions: waca

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,165
    2,506
    113
    ඔය බොරු කතන්දර ෂෝ ගෝඨාත් දැම්මනෙ ඇවිත් .
    කෝ 🤔..... අපිත් කියන්න හොරු අල්ලන්න ✌️
    එක නඩුවක් තියේද 🤣🤣 වේදිකාවල කැගැහුවට බැ.