නිකං හිතන්න රටවල් දෙකක් යුද්ධ කරනවා..ලෝකෙම ඒ දිහා බලං ඉන්නවා...එක්කෙනෙක් මුලු ලෝකෙන්ම අහිංසක තාලෙට උදව් ඉල්ලද්දි අනිත් එකා "අපිට නං ගානක්වත් නෑ" ලීලාවෙන් තමයි ඒ යුද්දෙ කරන්නෙ..එහෙව් මොහොතක ඒ ආඩම්බරකාරයාගෙන් කවුරුහරි ණයක් ඉල්ලනවා කියන්නෙ ...එයාට නොදී ඉන්න කොහොමත් බැරි වෙනවා...මොකද යුද්දෙ නිසා තමන් දුර්වල වෙලා කියන හැඟිම එයාට ලෝකේ කාටවත් පෙන්නන්න ඕනෙ නැහැ ... අනික ණය ඉල්ලන්නෙ නමට හරි තව රටක්... මේ අල්ල පනල්ලෙ ඔච්චර දෙයක් කල්පනාවට එන්න නං ඉතින් මොල හතක්වත් තියෙන්න ඕනෙ...
