බැසිල්ට ඩුබායි යන්න නොදෙයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Emirates flight එකෙන් Dubai යන්න ආපු කපුටා ඇතුලු පවුලම Airport එකෙන් ආයෙ හරවලා යැව්ව මගීන්ට සහ ගුවන්තොටුපලේ සේවකයන්ට බොහොම පිං. ✈️ ❌😌

    OOyZQIq.jpeg


    Source

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා ‘සේද මාවත’ මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද (12) අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

    ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර, අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බවයි ඔවුන් කියන්නේ. ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල පවසන්නේ අද දින ගනු ලැබූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය යලි දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

    පසුගිය ජුනි මස 06 වෙනිදා සිට 20 වෙනිදා දක්වා මෙරට පැවති හර්තාල් සමය තුළ ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ (VIP Lounge) සහ සේද මාවත (Silk Route) රාජකාරී කටයුතු වලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වී සිටීමට පියවර ගෙන තිබුණා.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යන්න දෙන්වකො අයියෝ
    යන එකේ අවුලක් නෑ. යන්න කියන්නෙ සමන්‍ය මිනිස්සු එක්ක සාමාන්‍ය පර්‍යන්තයෙන්
     
    • Like
    Reactions: Mugen