බෑංකින් මූන්ලාගේ යටි අරමුණ කුමක්‌ද?

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    බෑංකින් මූන්ලාගේ යටි අරමුණ කුමක්‌ද?

    බෑංකින් මූන් විසින් 2010 ජුනි මස පිහිටුවන ලද විශේෂඥ මඬුල්ල විසින් එළිදක්‌වා ඇති වාර්තාව ගැන සිංහල පාඨකයාට ද මේ වන විට කිසියම් අවබෝධයක්‌ ඇතුවා නිසැකය. එසේ වුවද ඒ අධම වාර්තාවෙන් බෑංකින් මූන් ප්‍රධාන බටහිර අධිරාජ්‍යවාදී බලවේග අපේක්‍ෂා කරන්නේ කුමක්‌ද ඔවුන්ගේ යටි අරමුණ කුමක්‌ද යන්න ගැන නිරවුල් අවබෝධයක්‌ බොහෝ දෙනකුට නොමැති බව පෙනේ. ඒ යටි අරමුණ ගැන අපේ දේශපාලන විශ්ලේෂකයන් කතා නොකරන්නේ ඒ ගැන අවබෝධයක්‌ නොමැතිකමින්ද එසේ නැත්නම් ඒ යටි අරමුණට තමන් අතින්ද කිසියම් පොහොර දැමීමක්‌ දැන හෝ නොදැන කෙරී ඇති බැවින් ද යන්න ප්‍රහේලිකාවකි. කෙසේ වුවද ඒ යටි අරමුණ වටහා නොගෙන බෑංකි මූන්ගේ මේ කුපාඩි කූට කුමන්ත්‍රණයට විරුද්ධ වීම නිරර්ථක ව්‍යායාමයක්‌ ලෙස අපි දකිමු. මේ ලිපියෙන් අදහස්‌ කරනු ලබන්නේ ඒ සැඟවුණු යටි අරමුණ අපි දකින අයුරු පහදා දීමයි. ඒ සඳහා අදාළ වන කරුණු කීපයක්‌ පළමුව දැක්‌වීම ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.

    1. බෑංකින් මූන් විසින් 2010 ජුනි මාසයේ මේ විශේෂඥ මණ්‌ඩලය පත්කරන ලද්දේ නීත්‍යනුකූල පදනමක පිහිටා නොවේ. එවැන්නක්‌ පත්කිරීමේ බලය ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයට හෝ මානව හිමිකම් සුරැකීමේ කවුන්සිලයට පමණි. බෑංකින් මූන් මේ මඬුල්ල පත්කළේ ඒ ආයතනවල අනුමැතිය ලබාගෙන නොවේ. එය හුදෙක්‌ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රධාන ශ්‍රී ලංකාවට එරෙහි රටවල අවශ්‍යතාවය අනුව මෙන්ම ඔවුන් පිනවීම සඳහා ද ඔහු විසින් ඉටුකරන ලද්දකි. සිය රැකියාව තව සැරයක්‌ ලබාගැනීමට නම් මූන්ට එසේ ඔවුන් පිනවීම අනිවාර්ය වෙයි.

    2. මේ මණ්‌ඩලයට බෑංකින් මූන් පත්කළ තිදෙනාම කොටි හිතවත්තු වෙති. එහි ප්‍රධානියා වන මාර්සුකි ඩරුස්‌මාන් නමැති ඉන්දුනීසියානු හිටපු ඇටෝනි ජෙනරාල්වරයා කොටින්ට එළිපිටම හිතවාදී වූ පුද්ගලයෙකි. මීට පෙර මෙහි පැවැති කොමිසමකට සහභාගි වූ ඔහු ආපසු ගියේ ශ්‍රී ලංකා රජයට බැන වදිමිනුයි. මූන් පත්කළ දෙවැන්නා වන ස්‌ටීවන් රුට්‌නර් නමැති ඇමරිකන් ජාතිකයා මේ රට තුළ අප්‍රිකානු වර්ගවාදය වැනි දෙමළ විරෝධයක්‌ ඇතැයි ප්‍රකාශ කර ඇති පුද්ගලයෙකි. තෙවැන්නා වන යෑස්‌ටින් සුකී යුරෝපා සංගමයට සේවය කරන ඒ මගින් යෑපෙන ඇන්ජීඕකාරියක්‌ වෙයි. මොවුන්ගෙන් ලැබෙන වාර්තාව කෙබඳු එකක්‌ද යන්න බෑංකින් මූන් මුල සිටම දැනසිටින්නට ඇත.

    3. මේ විශේෂඥ මණ්‌ඩලයට සොයා බලනු පිණිස යොමුකරන ලද්දේ තිස්‌ වසරක්‌ පුරා මේ රට විනාශ කළ, පොළොව නූසලන අපරාධ කළ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදී ක්‍රියාදාමය නොව, ප්‍රභාකරන් පැරදවීම සඳහා අපගේ හමුදා දියත් කළ අවසාන සටනයි. එය කොටියා තිස්‌ වසරක්‌ තුළ කරන ලද මහා අපරාධ මනුෂ්‍ය ඝාතනවලින් ඔහු නිදහස්‌ කර සියලු වරද අපගේ හමුදා මත පැටවීම සඳහා යොදාගන්නා ලද නින්දිත කූට උපක්‍රමයකි.

    4. මේ විශේෂඥ මණ්‌ඩලය පිහිsටවන විට බෑංකින් මූන් කියා සිටියේ මෙය හුදෙක්‌ තමාට උපදෙස්‌ දීම සඳහා හෝ පිහිටුවනු ලබන මඬුල්ලක්‌ බවයි. එය කිසි ලෙසකින් වරදකරුවන් සෙවීම සඳහා හෝ ශ්‍රී ලංකා රජයට එරෙහිව චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කිරීම සඳහා පිහිටුවන්නක්‌ නොවන බවයි, ඔහු කියා සිටියේ. ඔහුගේ ඒ කියමන ලෝකයා රැවටීම පිණිස කරන ලද්දක්‌ බව දැන් සනාථ වී ඇත.

    5. කොටින්ගේ ව්‍යාජ පෙත්සම් 4000 ක්‌ පදනම් කරගෙන සාදන ලද ඉතා ප්‍රබල දරුණු චෝදනා පත්‍රයක්‌ බෑංකින් මූන්ගේ මේ මඬුල්ල විසින් දැන් ඉදිරිපත් කර තිබේ. ඒ අතරම ජනාධිපතිවරයා විසින් පත්කර ඇති ඛඛRC කොමිසම ව්‍යාජ රැවටිල්ලක්‌ ලෙස ඔවුන් විසින් අවලංගු කර තිබේ. යුද අපරාධ චෝදනා රජයට විරුද්ධව ඉදිරිපත් කර ඇති අතර ඔවුන් විසින් යෝජනා කීපයක්‌ ඉදිරිපත් කර ඇත. ඉන් ප්‍රධානම යෝජනාව නම්, යුද අපරාධ කර ඇද්ද, මානව හිමිකම් කඩකර ඇද්ද යනාදිය සොයා බලනු වස්‌ අන්තර් ජාතික කොමිසමක්‌ පත්කළ යුතු බවයි. මෙසේ පත්කරනු ලබන කොමිසම මගින් ඉදිරිපත් කරන චෝදනා මත (මානව හිමිකම් කවුන්සලය මගින්) ජනාධිපති ප්‍රධාන යුද නායකයන් යුද අධිකරණයක්‌ වෙත ඉදිරිපත් කිරීම මේ වාර්තාවෙන් අපේක්‍ෂිත අරමුණ වෙයි.

    මේ වාර්තාව මුල්කරගෙන ජනාධිපති ප්‍රධාන නායකයන් යුද අධිකරණයක්‌ වෙත වහාම ඉදිරිපත් කරන ලෙස බලකරන උද්ඝෝෂණයක්‌ දැනටම රුද්‍රකුමාරන්ගේ ඊළාම් රජය (ඔඨඔE) විසින් ආරම්භ කර තිබේ.

    මෙහිදී අප විසින් ඇසිය යුතු ප්‍රශ්නය නම් මේ රපෝර්තුව මුල්කරගෙන බෑංකින් මූන්ට අපේ නායකයන් යුද අධිකරණයක්‌ වෙත යොමුකළ හැකිද යන්නයි. මෙය කළ නොහැකි බව හො¹කාරවම දන්නා පුද්ගලයා බෑංකින් මූන් විය යුතුයි. එවැන්නක්‌ කළ හැක්‌කේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ අනුමැතිය, අවසරය මත පමණි. ඒ අනුමැතිය ලබාගත නොහැකි බව බෑංකි මූන් හො¹කාරවම දනී. ආරක්‍ෂක මණ්‌ඩලයේ සංයුතිය ගැන දන්නා කාට වුවද එය ඉර හඳ සේ පැහැදිලි විය යුතුය. ඇමරිකාවට බ්‍රිතාන්‍යයට කොතරම් අවශ්‍ය වුවද චීනය, රුසියාව ඉන්න තෙක්‌ එවැනි අවසරයක්‌ ලබාගත නොහැකි වනු ඇත.

    එසේ නම් බටහිර අධිරාජ්‍යවාදීන් බෑංකිsන් මූන් ලවා මේ විශේෂඥ මණ්‌ඩලය පත්කර මෙවැනි චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කර ඇත්තේ කුමක්‌ නිසාද? බෑංකින් මූන් ප්‍රධාන ඔවුන්ගේ අරමුණ යටි අරමුණ නිසි අයුරු වටහා ගැනීමට නම් මේ ප්‍රශ්නය පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අත දැමූ මුල් අවධියේ 2009 මැයි මාසයේ ඔවුන් කළ ප්‍රකාශත් ඉන් වසරකට පසු බෑංකින් මූන් හැසිරී ඇති ආකාරයත් අපගේ අවධානයට යොමුවිය යුතුයි.

    2009 මැයි මාසයේදී - ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමූ අවස්‌ථාවේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ තුනක්‌ නිකුත් කරන ලදී. ඉන් පළමුවැනි ප්‍රකාශය කරන ලද්දේ මැයි 13 දායි. එය නිකුත් කරන ලද්දේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසිනුයි. එයින් කියෑවුණේ ශ්‍රී ලංකා රජය ගන්නා ලද පියවර නීත්‍යනුකූල බවයි. නිවැරැදි බවයි. ශ්‍රී ලංකා රජය නිර්දෝෂී බවයි. දෙවන ප්‍රකාශය නිකුත් කරන ලද්දේ මැයි මස 23 දායි. එය බෑංකින් මූන් මෙහි පැමිණ සිදුවන දේ ඇසින් දැක, ජනාධිපති සමඟ කරන ලද සාකච්ඡාවකින් අනතුරුව නිකුත් කරන ලද්දකි.

    එහිදී බෑංකින් මූන් කියා සිටියේ ත්‍රස්‌තවාදය මැඬලීමෙන් පසු රජය ගන්නා ක්‍රියාදාමය ඔහුගේ පැසසුමට ලක්‌වන බවයි. ,ඹභ seජරුඒරහ ටැබැර්ක eංචරුssed saඑසිෙaජඑසදබ දබ එයෑ චරදටරුss aකරුadහ ප්de ඉහ එයෑ ටදඩඑ, තෙවැනි ප්‍රකාශය නිකුත් කරන ලද්දේ මැයි මාසයේ 27 දා ජිනීවා නුවරදී පවත්වන ලද මානව හිමිකම් කවුන්සලයේ විශේෂ සමුළුවකදීයි. එහිදීද කියෑවුණේ ශ්‍රී ලංකා රජය සිය ස්‌වෛරීභාවය, භෞමික අඛණ්‌ඩතාවය රැකගනු වස්‌ ගන්නා ලද ක්‍රියාමාර්ගය කවුන්සලය අනුමත කරන බවයි. ,රුsචැජඑ දෙර එයෑ sදඩැරුසටබසඑහල එeරරසඑදරස්‌ක සබඑeරටරසඑහ aබා සබාeචැබාeබජැ දෙ Sරස ඛ්බන් aබා සඑs sදඩැරසටබ රසටයඑs එද චරදඑeජඑ සඑs ජසඑසzeබි aබා එද ජදපච්ජඑ එeරරදරසිප, කොටින් කියතොත් මේ ප්‍රකාශ තුනෙන්ම හෙළි කළේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රාජ්‍යය ගෙන ඇති ක්‍රියාමාර්ගය අනුමත කරන බවයි, අගයන බවයි.

    මෙසේ ප්‍රකාශ කර හරියටම අවුරුද්දකට පසු 2010 ජුනි මාසයේ මීට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක්‌ බෑංකින් මූන් විසින් ගන්නා ලද්දේ ඇයි? කොටි හිතවතුන් තිදෙනකු ලවා, ශ්‍රී ලංකා ජනාධිපති යුද අධිකරණයක්‌ වෙත යොමුකරන ආකාර වාර්තාවක්‌ ලබාගන්නේ ඇයි?

    පසුගිය දිනක ටයිම්ස්‌ පුවත්පතට මේ අරභයා ලිපියක්‌ ලියා ඇති හිටපු තානාපතිවරයකු, විදේශ අමාත්‍යාංශ ලේකම්වරයකුව සිටි මා මිත්‍ර නිහාල් රොද්‍රිගෝ මහතා මෙය වටහාගත නොහැකි පුදුමාකාර ක්‍රියාවක්‌ බව සඳහන් කර තිබෙනු මම දුටුවෙමි.

    මා දකින අයුරු මේ ගැන පුදුම වීමට කිසිම හේතුවක්‌ නොමැතියි. බටහිර බලවතුන් විසින් නටවනු ලබන බෑංකින් මූන් නමැති මේ රූකඩයා මේ පියවර ගත්තේ නියම හේතුවක්‌ උඩයි. එනම් 2009 මැයි සිට 2010 ජුනි දක්‌වා හරි අවුරුද්දක්‌ ගතවනතුරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ඔවුන් අපේක්‍ෂා කළ දේ ඉටු නොකළ නිසායි. එනම් 13 වැනි සංශෝධනය මගින් හෝ ඊට එහා යන මඟකින් හෝ මේ රට බෙදා වෙන්කිරීමට, ඊළාමයක්‌ හදා දීමට කටයුතු නොකළ නිසායි. අවුරුද්දක්‌ කල් දී එය ඉටු නොකළ මහින්ද රාජපක්‍ෂ බියවද්දා, ගෙල සිරකර මේ කටයුත්ත දැන්වත් කර ගනු සඳහායි බෑංකින් මූන් මේ පියවර ගෙන ඇත්තේ.

    මේ අවුරුද්ද තුළ බටහිර බලවතුන්, ඉන්දියාවත්, මේ රට තුළ ඉන්නා උන්ගෙන් යෑපෙන බැළයනුත් තොරතෝංචියක්‌ නැතිව කියා සිටියේ කුමක්‌ද? ඉන්දියාව සිය දූතයන් එවා රට බෙදා වෙන්කරන ලෙස කියා සිටියේ ප්‍රභාකරන්ගේ මළකඳේ උණුසුම යන්නටත් පෙරයි. ඉන්පසු මෙහි පැමිණි හැම ඉන්දියානු දූතයෙක්‌ම කියා සිටියේ අපට ඇති එකම විසඳුම රට බෙදා වෙන්කර දීම බවයි. පසුගියදා ඔභධ බැළයන් ඉන්දියාවට කැඳවා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ ලවා කෙසේ හෝ ඊළාමය ලබාගත යුතු බවයි. බටහිර බලවතුන් විසින්ද සිය තෝල්කයා බවට පත්කරගන්නා ලද්දේ ඉන්දියාවයි. එපමණක්‌ නොව මෙහි පැමිණි ඇතැම් බටහිර නියෝජිතයන් මහින්ද රාජපක්‍ෂ මේ බෙදාදීම කළහොත් ඔහුට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනා ඉවත් කරගන්නා බව ද පැවැසූ සැටි අපි දුටිමු. බෑංකින් මූන්ගේ මේ වාර්තාවෙන් ද එය අනියම් අයුරින් අඟවා තිබේ. ජනවාර්ගික ප්‍රශ්නයට මෙතෙක්‌ නුදුන් විසඳුම වහා දිය යුතු බව එහි එක්‌ තැනක සඳහන් කර ඇතෘ

    මෙවර මෙසේ තර්ජනය කොට යුද අධිකරණය වෙත ගෙන යන බවට අඩන්තේට්‌ටම් කිරීම මගින් බෑංකින් මූන් රූකඩයා කරනු ලබන්නේ මහින්ද රාජපක්‍ෂ මෙතෙක්‌ නොකළ දේ ඔහු ලවා කරවා ගැනීමයි. රට බෙදා වෙන්කිරීමයි. ඔහුට අවශ්‍ය සහාය දීම පිණිස රොබට්‌ බ්ලෙක්‌ සහ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ද ඉදිරිපත් වී ඇත. මේ වාර්තාව නිකුත් කිරීමට ඔන්න මෙන්න කියා ගෝලීය ද්‍රවිඩ සංවිධානයේ සභාපති එස්‌. ඡේ. එමානුවෙල් දේවගැතිතුමා කැඳවා ඔහු සමඟ සාකච්ඡාවක්‌ බ්ලෙක්‌ විසින්a පවත්වා තිබේ. එහිදී එමානුවෙල් දේවගැතිවරයා විසින් දිගින් දිගටම කියා ඇත්තේ දෙමළ ඊළාමය ලබාදෙන ලෙසයි. මේ රැස්‌වීමෙන් පසු බ්ලේක්‌ විසින් ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රයේ වූ අභූත චෝදනා බොහෝ දෙනකු දකින්නට ඇත.

    බාගෙවිට බටහිර බලවතුන් මහින්ද ලවා රට බෙදා වෙන්කිරීම සඳහා යොදාගනු ලබන අන්තිම තුරුම්පුව මෙය විය හැකියි. ඔවුන්ගේ අඩන්තේට්‌ටම්වලට යට වී මහින්ද රාජපක්‍ෂ ඒ කටයුත්ත කරනු ඇතිය යන විශ්වාසය ඔවුන් තුළ තදින් ඇති බව පෙනේ. මුලදී බෑංකින් මූන්ගේ පැනල් එකට ලොකුවට විරුද්ධ වී පසුව ඔවුන් සමඟ හොර මඟුල් කෑමට සූදානම් වූ සැටි බෑංකින් මූන්ලාට පෙනෙන්නට ඇත. ජී. එල්. පීරිස්‌ එහි ගොස්‌ ඒ විශේෂඥ කමිටුවට, එල්. එල්. ආර්. සී. එක සමඟ කටයුතු කළ හැකි යෑයි යෝජනා කිරීම ආදිය ඔවුන්ගේ විවේචනය තහවුරු කිරීමට හේතුවන්නට ඇත.

    කරුණු මෙසේ නම් අපට අද මුහුණදීමට ඇති ප්‍රශ්නය කුමක්‌ද? එය එතරම් වටහාගත නොහැකි ප්‍රශ්නයක්‌ නොවේ.

    බටහිර බලවතුන්ගේ තර්ජන ගර්ජනවලට බය වී යටත් වී රට බෙදීමට බලය බෙදීමේ නාමයෙන් රට බෙදීමට අප සූදානම්ද නැද්ද යන්නයි අපට මුහුණදීමට ඇති ප්‍රශ්නය.

    බටහිරයන්ගේ තර්ජනවලට තුට්‌ටුවකට මායිම් නොකළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේ අලුත්ම තර්ජනයට අවනත නොවන බව යටත් නොවන බව අපි හො¹කාරවම දනිමු. එසේ අවනත වීම කොටින් සමඟ තිස්‌ වසරක්‌ සටන් කොට බේරාගත් රට, ජාතිය පාවාදීමක්‌ බව එතුමා දනියි. එබැවින් මේ අවස්‌ථාවේ අප විසින් කළයුත්තේ එතුමාට අවශ්‍ය සහාය, ධෛර්යය සියලු දේශපාලන වාද භේද නොතකා එතුමාට ලබාදීමයි, එතුමා පිටුපසින් එකා මෙන් නැගිට සිටීමයි. එය අප විසින් ජාතියේ නාමයෙන් මෙවේලෙහි ඉටුකළ යුතු පරම යුතුකම වෙයි.

    ආචාර්ය ගුණදාස අමරසේකර
     
    Last edited:

    Ozzman

    Active member
  • Jul 5, 2008
    634
    71
    28
    HELL
    Bottom line - Sri lanka is a 3rd world country and there is no way Sri Lanka is going to match with United Nations....
    The best thing is to do is 1st wait til the full report is published and see if there are any reasonable and fair suggestions that we can put to work....
    Harsh truth is Madamulana chandi parts will only make things worse