අප ලංකාවේ මේ දවස්වල ප්‍රධාන පාසල් අතර අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ පැවැත්වේ. මේ වන විට බොහෝ නගරවල පාසල් ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිතව ඇත. මහා ක්‍රිකට් තරග ගැන අමුතුවෙන් කිව යුතු නොවන්නේ වසර 100 ට වඩා පැරණි පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වීමට තරම් අපේ රටේ පාසල් ක්‍රිකට් තරඟ ඉතිහාසය දිව යන නිසා. මෙය වසරකට වරක් පාසලේ සිදුකරන සැණකෙළිකි. නැතහොත් මහා මාර්ග සංදර්ශනයකි. නැතහොත් අමු විගඩමක්ද වේ සමහර විට මෙය සත්තකින්ම පාසල් දෙකක් අතර පැවැත්වෙන් ක්‍රිකට් තරගයකි. මෙහි අදහස් වැඩසටහන නිවැරදි වූවද ක්‍රිකට්වලට මුවා වි මහත්වරුන්ගේ ක්‍රිඩාවට මුවා වී අපේ රටේ සිංහල මහත්වරුන්ගේ පුතාලා සිදු කරන නෝටි වැඩගැන දැකීමේ දී ක්‍රිඩාවටද සිදු කරන අවමානයක් දැයි සිතේ.
වර්තමාන සිසුන් හා ආදී සිසුන් සිය පාසලේ මහා ක්‍රිකට් තරඟ පැවැත්වෙන දිනවලට පාසලේ ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමට පෙළගැසෙන්නේ ආඩම්බරයෙනි. මෙම අවස්ථාව ආදී සිසුන්ට සිය මිතුරන් සමඟ කාලය ගත කිරීමට ලැබෙන අපූරු සොඳුරු අවස්ථාවකි. පාසල් නිල ඇඳුම හෝ වෙනත් ඇඳුමක් සහිතව කුමාරයන් මෙන් නගරයේ හැසිරීමට ඇති අවස්ථාව මෙහිදි සිසු දරුවන්ට උදාවේ. අපේ දරුවන්ගේ භාෂාවේ නම් උපරිම ෆන් එකක් ගත හැකි කාලයකි. මෙවරද මහා ක්‍රිකට් තරඟ ජනප්‍රිය පාසල්වල නගරවල පැවැත්වේ.
මෙහි දී දැකිය හැකි කරුණක් වන්නේ, පාසල් සිසුන් බොහෝ පිරිසක් සිය ප්‍රථම මධ්‍යසාර හා සිගරට් අත්දැකීම ලබාගන්නේ මේ පාසල් අන්තර මහා ක්‍රිකට් තරගවලදී වීමයි. එය ඉතිහාසයේ සිට මේ දක්වාම දැකිය හැකිය. පාසල් දරුවන්ට සිගරට්, අරක්කු හා බියර් භාවිතය සතුටුදායක දෙයක් ලෙස හුවාදැක්වීමට මහා ක්‍රිකට් තරග සංස්කෘතිය බෙහෙවින් ඉවහල් වූ බව නම් කිව යුතුමය. සමාගම් පාසල් මහා ක්‍රිකට් තරඟ තුළ යම් ස්ථානයක් තහවුරු කරගැනීමට හැකි වන පරිදි කටයුතු කිරීම දක්නට ලැබේ. පාසල් දරුවන්ට පළමු බියර්, අරක්කු මෙන්ම සිගරට් හෝ ගංජා පාඩමද සිසුන් ඉගෙන ගන්නේ මෙහි දීය.
සිගරට් පැකට් වර්ග අසල වෙළෙද සැල්වලද, දැකිය හැකි අතර ඒවා ලබාදෙන්නට වෙලෙන්දොද කටයුතු කරනවා. කිසියම් පුද්ගලයෙක් විසින් ක්‍රීඩාංගණය තුලට හිතාමතාම සිගරට් ගේන ඕනෑම අයකුට භාවිතා කිරීමට හැකිවන ලෙස තැබීම සිගරට් කර්මාන්තයේ කූට උපායක් වන්නට හැකිය. ලෝකයේ සිගරට් හෝ මද්‍යසාර වැනි දෑ ඵලදායීව අවම කිරීම උදෙසා අනුගමනය කරන ක්රීයාමාර්ග ලෙස සැලකෙන්නේ ඒවායේ මිලගණන් සාමාන්‍ය ජනයාට මිලදී ගැනීමේ හැකියාවෙන් එහා මට්ටමකට ගෙනයාම හා භාවිතයට අපහසු වටපිටාවන් ඇතිකිරීම යන ක්‍රමවේදයි.
අද ලංකාවේ රුපියල් තිස් පහ දක්වා සමහර දුම්වැටිවල මිල ඉහළ දමා ඇති අතර විවිධ නම්වලින් විවිධ ආකාරයෙන් විවිධ මිල යටතේ දේශීය හා විදේශිය දුම්මැටි දැකිය හැකිය. මත්ද්‍රවය භාවිතයෙන් ගත සිත මත්කරවාගන්නාවු දරුවෝ යක්ෂයෝ මෙන් බලා සිටිති. තරගයේ ජය පරාජය විද ගන්නට මෙහි දි නොහැකිය ඒ නිසා පාසල් ක්‍රිකට් තරඟ අවසන් වන්නේ මහා ගැටුමකිනි. පොලිසිය ක්‍රීඩා පිටියට එන්නටද කදුළු ගෑස් ගෙන එන්නට ද සිදුවන අවස්ථා අප දැක තිබේ.
කිසිදු මාර්ග නිතියක් ගනන් ගන්නේ නැතුව රියදුරු බල පත්‍ර ඇතිව හෝ නැතුව අධිවේගයෙන් මර හඬ තලාගෙන කෑකෝ ගහගෙන ගමන් කරන්නේ ප්‍රධාන මාර්ගවලය. එවිට මෙම මාර්ග බදුගෙන ඇත්තේ මේ පාසල් සිසුන්ය. තම ගෙදර වාහනය හෝ තම ඥාතියකුගේ වාහන දෙමාපියන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්නේ ගන්නා පාසල් දරුවෝ තම තමාගේ පාසලේ කොඩිය ප්‍රදර්ශනය කරමින් පාර පුරා යන්නේ අනෙක් රියදුරන්ටද, මගින්ටද හිරිහැර වන ආකාරයෙනි. විවිධ සංගිත භාණ්ඩ ද,විවිධ වෙස් මුහුණු හා කාන්තාවන්ගේ හෝ ගැහැණු ළමුන්ගේ විළාසිතා සහිතව ඇඳුම් වලින් සැරසී ගමන් කරන්නේ තමාට අම්මා කෙනෙක් සහෝදරියක් සිටිනවා ද කියා පවා අමතක කරවන ඉතාම අසෝභන ආකාරයෙනි.
සමහර සිසුන් සිය දෙමාපියන්ගේ මුදල් වලින් ඒ සියළු අවශ්‍යතා සපුරා ගන්නවා ඇතැයි සිතිය හැකිය. මෙවන් අවස්ථාවන් වලදී කිසිසේත්ම අරක්කු හෝ බියර්, සිගරට් බීමට කිසිදු අවශ්‍යතාවක් නැතිව මහා ක්‍රිකට් තරගයට සාභාගී විමට පැමිණි බොහෝ සිසුන්ට පවා ඒවා බොන්න සිද්ද වෙන වටපිටාවක් දැකිය හැකිය.
අද වන විට මෙම තත්වය තවත් වඩා වර්ධනය වී ඇති බවක් පෙනේනට තිබෙන්නේ ආදී සිසුන්ට වෙන්කර ඇති ප්‍රදේශයේ බියර් හා අරක්කු භාවිතයට පහසුකම් සපයා ඇති නිසයි.
මේවන විට,මහ පාරේ අපේ පාසල් දරුවෝ තොරාගන්නේ, ට්‍රක්, හද්ද පරණ ලොරිබාග, ඉස්සහින් මල් වඩමක් ගහලා, කොල අතු ඉති දමලා මහ වනයක් සිදු කරන්නේය. පපරේ සංගිතයෙන් ප්‍රදේශයම දෙවනත් වන්නටද කරන්නටද අපේ පාසල් දරුවෝ වග බලා ගනිති.
මෙහි දී පොලිසියට හෝ ආරක්ෂක අංශවලට කල හැකි දෙයක් නොමැත. ඒ මේ දරුවෝ ලොක්කන්ගේ දරුවෝය. ධනපතියන්ගේ දරුවෝය නීතිය ක්රීයාත්මක කළ හොත් පොලිස් නිලධරිවන්ගේ තරුපටි ගැලවෙන බව අප සමඟ නගරවල සේවයේ නියු පොලිස් නිලධාරිහු පැවසුහ.එය සත්‍යයකි.
අනෙක් හිංසාකාරි මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවද තර්ජනයක් වන්නාවු කතාන්දරය වන්නේ නගරයේ විදුලි කණුවල උස ගොඩනැගලිවල,මෙන්ම අහස පොළව කදු මුහුද ජලාශ ආදියෙහි නැඟ තම තමන්ගේ පාසල්වල කොඩි ගැට ගසන්නට වීමයි. මෙහි දී සිදුවන අනතුරු වාගේම සමහර පොදු දේවල හා පොදු ස්ථාන අපවිත්‍ර කිරීම හා කඩා බිද දමා කටයුතු කරන්නට ද මේ පාසල් ළමයින් කටයුතු කරති. එයට විරෝධය දැක්වුව හොත් අමු කුණු හර්පයෙන් සංග්‍රයක් සිදුකරන්නට අපේ රටේ වැදගත් පාසල්වල වැදගත් දෙමාපියන්ගේ සමහර වැදගත් නොවු දරුවන්ගේ සමහර දරුවෝ කටයුතු කරති.
පාසල් අතර සුහද ක්‍රිකට් තරඟ වලින් ඇති වන සුහද වලි සාමාන්‍යයෙන් පාසල් අතර සුහද ක්‍රිකට් තරඟාවලි පවත්වන්නේ පාසල් අතර සුහදත්වය වැඩි දියුණු කිරීම සඳහා වුවත් අද නම් ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ව තිබේ. හැම තරඟයක් අවසානයේම පාසල උදෙසා ගහගැනීමට යාම සාමාන්‍ය සිරිතය. ඇත්තටම ගහ ගැනීම තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන දේ ලැබෙනවද,ආතල් එකක් ගන්න ගහ ගැනීම, ආවේගය පිට කිරීම,සාධාරණයක් උදෙසා සටන් කිරීම,පාසල් කාලය තුල ඇති වන රණ්ඩු බොහොමයක් බිග් මැච් හෝ ආදර සම්බනධතාවයක් පාදක කරගත්ත ඒවාය.එය පුංචි සිද්ධියකි.
මේ බිග් මැච්වල ද ඇති වචන කිහිපයකි. පරිප්පුවන් ,ඇරෝ එකක් ඇරෝ ලණුව උඩින් ඇරෝ ය. බෝලරයා වානරයා ය. කීපරයා බෝක්කුවා ය. ලෑල්ලේ ආදි දේය.
බිග් මැච් සංස්කෘතිය අප විසින් නිවැරදිව හඳුනාගත යුතුය. නැතිනම් බිග් මැච් ඉතිහාසයකට කළු පැල්ලම් එල්ල වනු ඇත. ඒ නිසා බිග් මැච් යහපත් සංස්කෘතියක් බිහි කිරීමට උත්සාහ කරමු. කෙසේ වෙතත් අවුල් වියවුල් මැද අප මේවරද පාසල් බිග් මැච් බලමු.
සටහන – රත්ගම රොෂාන් පියතිලක