බිත්තරයටත් මිල සූත්‍රයක්😳

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බිත්තර සඳහා මිල සූත්‍රයක් දින 03ක් ඇතුළත ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී එහි සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර තිබේ.

    ඒ, එම අධිකාරියේ නිලධාරීන් ඊයේ (19) කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දී යි.

    බිත්තර ආනයනයට ඉදිරිපත් වූ සමාගම් රුපියල් 32යි ශත 05කට බිත්තර ආනයනය කිරීමට කැමැත්ත පළ කර තිබූ බව එහි දී අනාවරණ විය.

    එහෙත් කුරුළු උණ රෝගය හේතුවෙන් බිත්තර ආනයනයට ඉඩ ලබා දිය නො හැකි බව එහි දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කිරීමත් සමඟ කමිටු රැස්වීම උණුසුම් විය.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
     
    • Haha
    Reactions: Truth Hurts