බිත්තරය නැතිව කුකුළු පැටවෙක් ඉපදෙයි

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බිත්තරය නැතිව කුකුළු පැටවෙක් ඉපදෙයි

    මව් මරා උපන් කුකුළු කුමරා

    images.jpeg



    බිත්තරය නැතිව කුකුළු පැටවෙක් ඉපදෙයි...

    කුකුළු පැටවුන් උපත ලබන්නේ බිත්තරවලින් බව කවුරුත් දන්නා සාමාන්‍ය සිදුවීමකි. එහෙත් ශ්‍රී ලංකාවේ වැලිමඩ ප්‍රදේශයේ කිකිළියක විසින් බිත්තරයකින් තොරව පැටවකුට උපත ලබාදීම පිළිබඳව මෙම පුවත වාර්තා වේ.


    දින 21 ක කාලයක් කිකිළියගේ කුස තුළම රැකීමට බඳුන් වූ බිත්තරය, අවශ්‍ය කරුණු සම්පූර්ණ වූ පසු කුස තුළම පුපුරායාමෙන් අනතුරුව කුකුළු පැටවා උපත ලබා ඇති බව සඳහන්ය. අංග සම්පූර්ණව වැඩී සිටි කුකුළු පැටවා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවුවද පැටවාගේ උපතින් පසු කිකිළිය මරණයට පත්ව ඇත.

    කිකිළියගේ සිරුර පිළිබඳව වැලිමඩ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී පී. ආර්. යාපා මහතා විසින් පරීක්ෂණ පවත්වා තිබේ. කුකුළු පැටවා උපන් එම සරු බිත්තරය කිකිළියගේ ප්‍රජනන පද්ධතිය තුළ වර්ධනය වී ඇතත්, එම බිත්තරය රැකීමට ලක්වන තුරු කිකිළියගේ සිරුර තුළම රැඳී පැවතී ඇති බව හෙතෙම අනාවරණය කරගෙන ඇත.

    කිකිළියගේ සිරුර පිළිබඳව කළ මරණ පරීක්ෂණයේ දී සිරුර අභ්‍යන්ත‍රයේ සිදුවූ තුවාල මරණයට හේතුව වී ඇති බවට ‍හෙළි වී තිබේ.


    via:hotandfastnews
     

    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    Dan biththareda kikilida mulin awe kiyana prashnetath uththarayak thiyenawane?
    Biththarenam newei :P
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    sirawatama bn kauda kiyala hoyaganna barida? tag karanawa pissek wage:no::no::no::no::(:(:(

    ස්ට්‍රෝබරියගේ fake ටික. ඌ දැන් post නොදා කරන්නේ හැම thread එකේම tag දාගෙන යන එකයි. උබට මතකද no limit truth කියලා එකෙක් හිටියා ඌ තමයි ඔය.