බිත්තර සහ සැල්මොනෙල්ලා බැක්ටීරියාව
මොකද්ද මේ සැල්මොනෙල්ලා කියන්නේ?
සැල්මොනෙල්ලා යනු ආහාර විෂ වීම් වලට හේතු වන බැක්ටීරියාවකි. බොහෝමයක් අසාදිත පුද්ගලයින් තුළ පැය 12ත් 72ත් අතරදී උණ, පාචනය, උදරයේ මස්පිඩු පෙරලීම වැනි රෝගී තත්වයන් වර්ධනය වෙයි. කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන් වගේම වියපත් පුද්ගලයින්, පිළිකා, දියවැඩියාව සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල පුද්ගලයින් මෙම බැක්ටීරියා ආසාදනයට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉතාම වැඩියි.
ලංකාවේ විතර ද මේ ප්‍රශ්නේ? පිටරටක ජීවත් වන්නේ නම් ඒ බිත්තර වල මෙහෙම නැද්ද?
නැහැ. සුළුතරයක් වූ යුරෝපා රටවල් කිහිපයක හැර අනෙක් සෑම රටකම සැල්මොනෙල්ලා ආශ්රිත ආසාදන දැකිය හැකියි.
සැල්මොනෙල්ලා වර්ධනය වීමට හේතුව ඒ රටවල ඇති අපිරිසිදුකම ද?
නැහැ. එකම හේතුව බොහෝ රටවල සැල්මොනෙල්ලාවට එරෙහිව බැක්ටීරියානාශක (antibiotics) කිකිළියන් ගේ වතුරට හෝ කෑමට එකතු නොකිරීමයි.
සැල්මොනෙල්ලා බිත්තර වල පමණක් නොව මාළු සහ කුකුල් මස් වලද දකින්න පුළුවන් බැක්ටීරියාවක්. විදෙස් රටවල හරක් මස් වැනි දෑ rare හෝ medium-rare ලෙස (රතු පාටට, සම්පූර්ණයෙන් පිස නොගෙන) කෑවත් කිසිවිටෙක කුකුල් මස් එසේ නොකන්නේ සැල්මොනෙල්ලා ආසාදන වළක්වා ගැනීමටයි. කිසියම් ආපනශාලාවක නිසි ලෙස පිසනොගත් කුකුල් මස් ලබාදීම බොහෝ රටවල නීතිමය පියවර ගත හැකි ප්‍රශ්නයක්.
හැම බිත්තරයකින්ම ආසාදනයක් ඇති වෙන්නේ නැහැ. සමීක්ෂණ වලට අනූව බිත්තර 10,000කින් එකක් සැල්මොනෙල්ලා බැක්ටීරියාව සහිත විය හැක. ඒ නිසා විශේෂයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල අය; අවුරුදු පහට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි අය, ගර්භණී කාන්තාවන්, පිළිකා සහ දියවැඩියාව ඇති අයට බිත්තර දෙද්දී කහ මදය ගලන්නේ නැති ලෙස සම්පුර්ණයෙන් පිස ගන්න.
කොහොමද බිත්තර වලට සැල්මොනෙල්ලා එන්නේ?
බිත්තරය එනවා වගේම කිකිළිගෙම තමයි. අප තුළ බැක්ටීරියා බොහොමයක් ඉන්නවා වගේම කිකිළියන් තුළත් එහෙමයි. ඒ අතරින් එක් බැක්ටීරියාවක් තමයි සැල්මොනෙල්ලා කියන්නේ. සැම කිකිළියක් තුළම සැල්මොනෙල්ලා ඇති බව මා මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ. එත් කුකුළන් සහ කිකිළියන් තුළ ඉතා ලේසියෙන් සැල්මොනෙල්ලා ආසාදන ඇති විය හැක.
නැවුම් බිත්තර, ඉරි නොගැසුණු සහ පළුදු නොවූ අළුත් බිත්තර වල පවා සැල්මොනෙල්ලා බැක්ටීරියාව තිබෙන්න පුළුවන්. මෙයට ප්‍රධානතම හේතුව බිත්තර කටුවේ සවිවර (ඇසට නොපෙනන කුඩා සිදුරු) ස්වභාවයයි.
බිත්තර ශීතකරණයේ දැමිය යුතුමද?
බිත්තර ප්‍රෝටීන් බහුල ආහාරයක්, මස්, මාළු වගේ. ඒ නිසා බැක්ටීරියා වර්ධනය වීම වළක්වා ගැනීමට ශීතකරණයක තැබීම වඩා සුදුසුයි. මස් වලට වඩා බිත්තර නරක් වීම ප්‍රමාද වෙන්නේ බිත්තර කටුව නිසා. අඩු උෂ්ණත්වයකදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩු නිසා නරක් වීම ප්‍රමාද වෙනවා. ඇතැම් යුරෝපා රටවල කුකුල් farms වල බැක්ටීරියානාශක ක්‍රම භාවිතා කරන නිසා කාමර උෂ්ණත්වයේ කාලයක් තබා ගන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ එවන් ක්‍රම අනුගමනය නොකරන නිසා බිත්තර ශීතකරණයේ තැබීමයි සුදුසු. ඇමෙරිකාවත් එවන් රටක්.
ශීතකරණයේ තිබුණු බිත්තර එළියේ තිබ්බාට කමක් නැද්ද?
තවත් වැදගත් කරුණක් වන්නේ ශීතකරණයේ තැබූ බිත්තර කාමර උෂ්ණත්වයේ දිගු කාලයක් නොතැබිය යුතුයි. වායුගෝලයේ ජාලවාෂ්ප ඝනීභවනය වී, ජල බින්දු බිත්තර කටුව පුරා පැතිරුණු විට, කටුවේ කුඩා සිදුරු හරහා බැක්ටීරියා ගමන් කිරීමට පහසු වෙනවා. මේ කරුණ නිසාම බිත්තර ශීතකරණයේ දොරේ තැබීමත් සුදුසු නැහැ.
මේ නිසා සැල්මොනෙල්ලා ආසාදනයක් වලක්වා ගැනීමට
1. බිත්තර කහ මදය සහ සුදු මදය හොඳින් පිස ගන්න. කුඩා දරුවන් සහ ගර්භණී කාන්තාවන් half-boiled සහ bulls-eye runny eggs ආහාරයට ගැනීමෙන් වළකින්න.
2. මිලදී ගන්නා බිත්තර ශීතකරණයේ තිබේදැයි විමසා බලන්න. මිලදී ගෙන සති දෙකක් අැතුළත ආහාරයට ගන්න.
3. ගෙදරදී සැමවිටම බිත්තර ශීතකරණයේ කල් තබාගන්න.
4. කටුව පුපුරා ගොස් ඇති බිත්තර ආහාරයට ගැනීමෙන් වළකින්න.
5. ශීතකරණයේ තබාගත් පිසින ලද බිත්තර ආහාරයට ගැනීමෙන් වළකින්න.
6. කුකුළු කොටුවක් ඇත්නම් කුඩා ළමුන් (අවුරුදු 5ට අඩු), අවුරුදු 65ට වැඩි පුද්ගලයින් සහ ගර්භණී කාන්තාවන් ඉන්දුරස් කොට තබන්න.
7. සැම විටම ආහාර පිසිනවිට භාජන, කුස්සියේ උපකරණ, උඳුන, ආහාර පිසින ප්‍රදේශය වගේම ශීතකරණයත් සබන් හෝ වෙනයම් සුදුසු පිරිසිදුකාරකයක් යොදා නිතර පිරිසිදුවට තබා ගන්න.
8. උයන්න පෙර සහ පසු සබන් යොදා දෑත් පිරිසිදු කරගන්න.
9. කඩෙන් මිලදී ගන්නා බිත්තර සෝදන්න එපා පිහිදලා ශීතකරණයේ දමන්න. වතුර සමඟ ගැටීම ආසාදනයන් වලට ඇති ප්‍රවණතාවය වැඩි කරනවා.
10. ආසාදනයක් ගැන සැකයක් තිබේනම් වෛද්‍ය උපදෙස් පතන්න.
11. ඒ වගේම බිත්තර දාපු බිස්කට් පුඩින්, cookie dough ice cream, Caesar salad dressing, meringue, mousse, mayonnaise, තිරමිසු කේක් වගේ අමු බිත්තර අඩංගු විය හැකි දෑ ගැන සැලකිලිමත් වන්න.
සැල්මොනෙල්ලා යනු ආහාර විෂ වීම් වලට හේතු වන බැක්ටීරියාවකි. බොහෝමයක් අසාදිත පුද්ගලයින් තුළ පැය 12ත් 72ත් අතරදී උණ, පාචනය, උදරයේ මස්පිඩු පෙරලීම වැනි රෝගී තත්වයන් වර්ධනය වෙයි. කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන් වගේම වියපත් පුද්ගලයින්, පිළිකා, දියවැඩියාව සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල පුද්ගලයින් මෙම බැක්ටීරියා ආසාදනයට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉතාම වැඩියි.
නැහැ. සුළුතරයක් වූ යුරෝපා රටවල් කිහිපයක හැර අනෙක් සෑම රටකම සැල්මොනෙල්ලා ආශ්රිත ආසාදන දැකිය හැකියි.
නැහැ. එකම හේතුව බොහෝ රටවල සැල්මොනෙල්ලාවට එරෙහිව බැක්ටීරියානාශක (antibiotics) කිකිළියන් ගේ වතුරට හෝ කෑමට එකතු නොකිරීමයි.
සැල්මොනෙල්ලා බිත්තර වල පමණක් නොව මාළු සහ කුකුල් මස් වලද දකින්න පුළුවන් බැක්ටීරියාවක්. විදෙස් රටවල හරක් මස් වැනි දෑ rare හෝ medium-rare ලෙස (රතු පාටට, සම්පූර්ණයෙන් පිස නොගෙන) කෑවත් කිසිවිටෙක කුකුල් මස් එසේ නොකන්නේ සැල්මොනෙල්ලා ආසාදන වළක්වා ගැනීමටයි. කිසියම් ආපනශාලාවක නිසි ලෙස පිසනොගත් කුකුල් මස් ලබාදීම බොහෝ රටවල නීතිමය පියවර ගත හැකි ප්‍රශ්නයක්.
බිත්තරය එනවා වගේම කිකිළිගෙම තමයි. අප තුළ බැක්ටීරියා බොහොමයක් ඉන්නවා වගේම කිකිළියන් තුළත් එහෙමයි. ඒ අතරින් එක් බැක්ටීරියාවක් තමයි සැල්මොනෙල්ලා කියන්නේ. සැම කිකිළියක් තුළම සැල්මොනෙල්ලා ඇති බව මා මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ. එත් කුකුළන් සහ කිකිළියන් තුළ ඉතා ලේසියෙන් සැල්මොනෙල්ලා ආසාදන ඇති විය හැක.
නැවුම් බිත්තර, ඉරි නොගැසුණු සහ පළුදු නොවූ අළුත් බිත්තර වල පවා සැල්මොනෙල්ලා බැක්ටීරියාව තිබෙන්න පුළුවන්. මෙයට ප්‍රධානතම හේතුව බිත්තර කටුවේ සවිවර (ඇසට නොපෙනන කුඩා සිදුරු) ස්වභාවයයි.
බිත්තර ප්‍රෝටීන් බහුල ආහාරයක්, මස්, මාළු වගේ. ඒ නිසා බැක්ටීරියා වර්ධනය වීම වළක්වා ගැනීමට ශීතකරණයක තැබීම වඩා සුදුසුයි. මස් වලට වඩා බිත්තර නරක් වීම ප්‍රමාද වෙන්නේ බිත්තර කටුව නිසා. අඩු උෂ්ණත්වයකදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩු නිසා නරක් වීම ප්‍රමාද වෙනවා. ඇතැම් යුරෝපා රටවල කුකුල් farms වල බැක්ටීරියානාශක ක්‍රම භාවිතා කරන නිසා කාමර උෂ්ණත්වයේ කාලයක් තබා ගන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ එවන් ක්‍රම අනුගමනය නොකරන නිසා බිත්තර ශීතකරණයේ තැබීමයි සුදුසු. ඇමෙරිකාවත් එවන් රටක්.
තවත් වැදගත් කරුණක් වන්නේ ශීතකරණයේ තැබූ බිත්තර කාමර උෂ්ණත්වයේ දිගු කාලයක් නොතැබිය යුතුයි. වායුගෝලයේ ජාලවාෂ්ප ඝනීභවනය වී, ජල බින්දු බිත්තර කටුව පුරා පැතිරුණු විට, කටුවේ කුඩා සිදුරු හරහා බැක්ටීරියා ගමන් කිරීමට පහසු වෙනවා. මේ කරුණ නිසාම බිත්තර ශීතකරණයේ දොරේ තැබීමත් සුදුසු නැහැ.
මේ නිසා සැල්මොනෙල්ලා ආසාදනයක් වලක්වා ගැනීමට
1. බිත්තර කහ මදය සහ සුදු මදය හොඳින් පිස ගන්න. කුඩා දරුවන් සහ ගර්භණී කාන්තාවන් half-boiled සහ bulls-eye runny eggs ආහාරයට ගැනීමෙන් වළකින්න.
2. මිලදී ගන්නා බිත්තර ශීතකරණයේ තිබේදැයි විමසා බලන්න. මිලදී ගෙන සති දෙකක් අැතුළත ආහාරයට ගන්න.
3. ගෙදරදී සැමවිටම බිත්තර ශීතකරණයේ කල් තබාගන්න.
4. කටුව පුපුරා ගොස් ඇති බිත්තර ආහාරයට ගැනීමෙන් වළකින්න.
5. ශීතකරණයේ තබාගත් පිසින ලද බිත්තර ආහාරයට ගැනීමෙන් වළකින්න.
6. කුකුළු කොටුවක් ඇත්නම් කුඩා ළමුන් (අවුරුදු 5ට අඩු), අවුරුදු 65ට වැඩි පුද්ගලයින් සහ ගර්භණී කාන්තාවන් ඉන්දුරස් කොට තබන්න.
7. සැම විටම ආහාර පිසිනවිට භාජන, කුස්සියේ උපකරණ, උඳුන, ආහාර පිසින ප්‍රදේශය වගේම ශීතකරණයත් සබන් හෝ වෙනයම් සුදුසු පිරිසිදුකාරකයක් යොදා නිතර පිරිසිදුවට තබා ගන්න.
8. උයන්න පෙර සහ පසු සබන් යොදා දෑත් පිරිසිදු කරගන්න.
9. කඩෙන් මිලදී ගන්නා බිත්තර සෝදන්න එපා පිහිදලා ශීතකරණයේ දමන්න. වතුර සමඟ ගැටීම ආසාදනයන් වලට ඇති ප්‍රවණතාවය වැඩි කරනවා.
10. ආසාදනයක් ගැන සැකයක් තිබේනම් වෛද්‍ය උපදෙස් පතන්න.
11. ඒ වගේම බිත්තර දාපු බිස්කට් පුඩින්, cookie dough ice cream, Caesar salad dressing, meringue, mousse, mayonnaise, තිරමිසු කේක් වගේ අමු බිත්තර අඩංගු විය හැකි දෑ ගැන සැලකිලිමත් වන්න.
සැල්මොනෙල්ලා ආසාදනය වුනු බිත්තර හඳුනාගන්නේ මෙහෙමයි...
උපුටාගැනීම,
ඈන් සනෝජි සමරක්කොඩි
උපුටාගැනීම,
ඈන් සනෝජි සමරක්කොඩි