බිඳෙන රැයඳුර 🌹

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    බිඳෙන රැයඳුර ගලන අරුනැල්ලේ

    සිඹින නිලඹර නැගුන කඳුරැල්ලේ

    රැගෙන බිඟුසර හමන පවනැල්ලේ

    නිසල විල්තෙර සැදුන සෙවනැල්ලේ

    පිපෙයි පියකරු රෝස කුසුමක් නිවී සැනසිල්ලේ



    දහස් ගව් දුර සුවඳ දෙවමින්

    දහස් මල් මැද රුවට දිලෙමින්

    පිපෙයි පියකරු රෝස කුසුමක් නිවී සැනසිල්ලේ



    දසත සුවදින් පුබුදුවා ඒ

    සිහිල් මද නල හා වෙලී

    සුමුදු සුදු ලා පෙති විදා ඒ

    සොඳුරු සුදු පැහැයෙන් දිලී

    බඹර මී මැසි කැල ඇදී ඒ

    සුවඳ මකරන්දය පිරී

    නිසල විල්තෙර සැදුන සෙවනැල්ලේ

    පිපෙයි පියකරු රෝස කුසුමක් නිවී සැනසිල්ලේ



    කුමර සමනල සිත බැඳී ඒ

    පුසුඹ මුවරද ඉව වැටී

    රුසිරු වත මල සලිත වී ඒ

    නුහුරු රස පහසක බැඳී

    කුසුම නිකැලැල් පරවුනා ඒ

    කඳුළු පිණි පෙති මත රැඳී

    නිසල විල්තෙර සැදුන සෙවනැල්ලේ

    පිපුනු පියකරු රෝස කුසුමේ හිඳී ලතැවිල්ලේ



    බිඳෙන රැයඳුර ගලන අරුනැල්ලේ

    සිඹින නිලඹර නැගුන කඳුරැල්ලේ

    රැගෙන බිඟුසර හමන පවනැල්ලේ

    නිසල විල්තෙර සැදුන සෙවනැල්ලේ

    පිපුනු පියකරු රෝස කුසුමිය හිඳී ලතැවිල්ලේ



    දහස් ගව් දුර සුවඳ දෙවමින්

    දහස් මල් මැද රුවට දිලෙමින්

    පිපුනු පියකරු රෝස කුසුමිය හිඳී ලතැවිල්ලේ




    ගායනය : කමල් අද්දර ආරච්චි

    පද රචනය : කේ. ඩී. නිකලස්

    සංගීතය : සරත් දසනායක
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo