මේ තියෙන්නෙ බටින් මෂ්රූම්, මේවට බොත්තම් බිම්මල් ගජමුතු බිම්මල් කියලත් කියනවා.

මේවා සමාන්‍ය පරිසර තත්ව යටතේ වගා කරන්න බෑ මොකද ඒ සදහා උෂ්ණත්වය සෙල්ශියස් අංශක 15ත් 18ත් අතර තියෙන්න ඔනේ වගේම නිසි පරිදි කාබන්ඩයොක්සයිඩ් වගේම ආන්ද්රතාවයත් පවත්වාගෙන යන්න ඔනේ.

මේ හින්දා බටින් මෂ්රූම් වගා කරන්න වෙනම කූල් රූම් වගේම ස්වංක්‍රියව කාබන්ඩයොක්සයිඩ් , ආන්ද්‍රතාවය පාලනය කරන පද්ධතියක් ඕන වෙනවා.
මෙවනි කූල් රූම් එකක ඉදිරිපසින් ඇතුල්වීමට කුඩා දොරටුවකුත්, පිටුපසින් විශාල ස්ලයිඩින් ඩෝ එකකුත් දකින්න පුලුවන්. කූල් රූම් එක සම්පූර්ණයෙන් පිටත වාතය කිසිවක් අතුලත නොඑන ලෙස සීල් කර තියෙන්න ඕනේ.
බටින් මෂ්රූම් වගා කරන්නේ අනිත් මෂ්රූම් වගේ බෑග් වල නෙමෙයි, රාක්ක වල. කූල්රූම් එකක අතුලත මෙවනි රාක්ක තට්ටු 5ක් හෝ 6ක් දකින්න පුලුවන්. එවැනි තට්ටු සහිත රාක්ක සෙට් දෙකක් එක කූල් රූම් එකක අතුලත් වෙනවා.
වගා මධ්‍ය වන කොම්පෝස්ට් ශ්‍රී ලන්කාවේ නිපදවා ගැනීමට අපහසුයි, එමෙන්ම එසේ නිපදවූවත් ආනයනික වගා මාඬ්ය තරම් සරු නිරෝගි පෙනුමැති අස්වැන්නක් ලබාගැනීමට අපහසුයි. එමනිසා වගා මාඬ්ය පවා ආනයනය කරනු ලබනවා.
ශ්‍රී ලන්කාවේදි කොම්පෝස්ට් නිපදවා ගැනීමට පිදුරු අමුද්‍රව්‍යක් ලෙස භාවිත කරන්න පුලුවන්.දැනට ශ්‍රී ලංකාවේ බටින් මෂ්රූම් වානිජ වියාපෘතියක් ලෙස ආයතන දෙකක් කුරුණැගල හා අබේවෙල ප්‍රදේශයේ සිදුකරනු ලබනවා. මූලික ආයෝජනය සදහා ලක්ශ 400 - ලක්ශ 600ත් අතර මුදලක් වැයකිරීමට අවශ්‍ය අතර බටින් මෂ්රූම් ග්රැම් 200ක පැකට් එකක් රුපියල් 350කට
කාගිල්ස්/කීල්ස් වැනි ප්‍රධාන සුපිරි වෙලදසැල් වලින් ගන්න පුලුවන්.
බටින් මෂ්රූම් අස්වැන්න පැකට් තබා ගත හැකි කාලය දින 3ක් 4ක් පමන වෙනවා. එම නිසා නිතරම වෙලදපොලේ තරමක හිගයක් තියනවා කියන්නත් පුලුවන්. මේ හිගය මග හැරවීමට ටින් කල බටින් මෂ්රූම් චීනයෙන් ආනයනය කරනු ලබනවා. බටින් මෂ්රූම් ටින් එකක් රුපියල් 400කට වෙලදපොලෙන් ගන්න පුලුවන්
Last edited:


I can write everything about mushrooms beginning to the end, I choose බටින් becoz low-class people very rarely eat බටින් & some ppl never heard of බටින්. but as you can see it is useless just like this thrad. haha.
