දවසක් එක් පුද්ගලයකු කුබුරට යනකොට ඔහු අසලින්ම සද්දයක් ඇසිලා තිබෙනවා. බලනකොට විශාල නයෙක් දැකල. ඔහු දෙපාරක් හිතුවේ නැහැ එහෙම්මම අතේ තිබුණු උදැල්ලෙන් නයාට ගැහුවා. නමුත් නයා ඒ පාර කාගෙනම ඔහුට ගහන්න පැනල තිබෙනවා. ඔහු පැත්තකට පැනල බේරුනත් නයා ඔහු පසුපස පන්නගෙන ඇවිත්. අර පුද්ගලයා උදැල්ලත් විසිකරලා දුවන්න පටන් අරන්. ඔහු අවසානයේදී ගසකට නැගල අනිත් අයට ඇහෙන්න කෑගසන්න පටන් අරන්. දැන් නයා ගස මුලටම ඇවිත් ඉන්නවලු. සද්දේ ඇහිච්ච අනික් අය දුවගෙන එනකොට නයා ගස මුල මියගිහින්. පස්සේ බලද්දී නයාට උදැල්ලෙන් ගහපු පාරට නයා දෙකට කැපිලා ඒ කැපිච්ච කොටස තමයි ඔහු පසුපස එළවන් ඇවිත් තියෙන්නේ. සිද්දියට මුහුණපෑවේ මගේ ඥාතියෙක්.