බියර් කන්ටේනරයක් පෙරළෙයි
Source: http://nethfm.com/article/100441
කොළඔ සිට බදුල්ලට බියර් ප්‍රවාහණය කරමින් තිබු කන්ටේනර් රථයක් බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ හාලිඇළ බොගහමඩිත්ත ප්‍රදේශයේදි අද (17) පෙරවරුවේ පෙරළි ගියා.
මාර්ගයේ වැරදි මංතීරුවේ ධාවනය වු යතුරුපැදිකරුවෙකු බේරා ගැනීමට උත්සහ කිරිමේදී කන්ටේනර් රථය පෙරළී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අනතුර සිදු වී සුළු මොහොතකින් බදුල්ල පොලිසියේ නිළධාරින් අදාළ ස්ථානයට පැමිණ එම ස්ථානයේ රැස්ව සිටි පිරිස් ඉවත් කර කන්ටේනර් රථයට ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ කන්ටේනර් රථයේ රියදුරා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.