බිරිඳගෙන්_ආයාචනයක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බිරිඳගෙන්_ආයාචනයක්

මාලදිවයින: අත්අඩංගුවේ සිටින ලාංකිකයාගේ බිරිඳගෙන් ආයාචනයක්



151107071214_maldives_police__640x360_bbc_nocredit.jpg


සිය සැමියා බැලීමට මාලදිවයින් බලධාරීන් නීතිවේදියෙකුට පවා අවසර දී නැති බව පවසන චාන්දනී මධුරංගි ජයතුංග 'කිසිවෙකුටත් වරදක් නැති, අහිංසක' සිය සැමියා බේරා ගැනීම පිණිස මැදිහත්වන්නැයි ඉල්ලා සිටියේ අඬු කඳුලින් යුතුවයි

පසුගිය ඔක්තෝබර් මාසයේ අග භාගයේ සිට මාලදිවයින තුළ අත්අඩංගුවේ පසුවන සිය සැමියා කිසිදිනෙක අවියක් අත දරා නැති බව පවසන ලහිරු මධුශංක ගේ බිරිඳ, ඔහු නිදහස් කරගැනීම සඳහා උපකාර කරන මෙන් ආයාචනා කරන්නීය.
ඔක්තෝබර් 22 වැනි දින ඔහු මාලදිවයින බලා ගියේ කුමන්ත්‍රණයකට සහභාගි වීමට නොව රැකියාවක් සොයා බවයි, චාන්දනී මධුරංගි ජයතුංග බීබීසී සංදේශයට කියා සිටියේ.
එදින මාලදිවයිනට ලඟා වූ අවස්ථාවේ ගුවන් තොටුපොලේදී ඔහු හමුවීමට නියමිතව සිටි තැනැත්තා නොපැමිණි බැවින් ඉන් දින කිහිපයකට පසු යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට සැරසුණු අවස්ථාවේ ගුවන් තොටුපොලේදී ඔහු අත්අඩංගුවට පත් වී ඇති බවත් ඇය සඳහන් කළාය.
ඉන් අනතුරුව මාලදිවයින් බලධාරීන් විසින් ඔහුට සිය පවුලේ සාමාජිකයන් ඇමතීමට ලබා දී තිබෙන්නේ 'සෑම දින පහළොවකටම වරක් විනාඩි පහක කාලයක්' පමණයි.
"මොනාද තාත්තේ මම කරලා තියෙන්නේ? මට මම ගෙනාපු රෙදි ටික විතරයි තාත්තේ දැන් තියෙන්නේ. මේගොල්ල මොකටද මාව අරන් තියෙන්නේ කියල එයා අහනවා."
ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයකට සැරසුන ස්නයිපර් වෙඩික්කරුවකු බවට මාලදිවයිනේ බලධාරීහු ඔහුට චෝදනා කරති.
'ස්නයිපර්'

සිය සැමියා පොලිසියේ හෝ හමුදාවේ සේවය කළා දැයි සිය නිවසට පැමිණි ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් විමසූ බව පවසන චාන්දනී මධුරංගි: "එයා ඉතින් එහෙම ඉඳල නෑනේ, එයාට අවුරුදු 27 යි. එයා ඩ්‍රයිවිං ජොබ් එකක් හැර වෙන ජොබ් එකක් කරලා නැහැ," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළාය.

151104103120_maldives_president_yameen_624x351_ap.jpg


මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමේ ප්‍රයත්නයකට සම්බන්ධ වූ බවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු චෝදනා ලබා සිටිති

"කල්ලියක් හදන්න ආව කියල කියනවලු. ස්නයිපර් (වෙඩික්කරුවකු) කියල චෝදනා කරලා තියෙනව. මෙයා ඉතින් ස්නයිපර් කෙනෙක් වෙන්න යුද හමුදාවේ හරි පොලිසියේ හරි ඉන්න ඕනනේ. මෙයා එහෙම කෙනක් නෙවෙයිනේ."
එවැන්නක් පිළිබඳව කිසිදු සාක්ෂියක් බලධාරීන්ට හමු වී නැති බව පවසන ලහිරු මධුශංක ගේ බිරිඳ, සිය සැමියා කර තිබෙන එකම වරද ගුවන් තොටුපොලේදී ඔහු භාරගැනීමට නියමිතව සිටි පුද්ගලයා එහි නොපැමිණීම බව අවධාරණය කරන්නීය.
"මාව ගුවන් තොටුපළෙන් අරගන්නවා කියපු එක්කෙනා මාව ගෙන්න ගෙන මොකක් හරි දේකට මාව පාවල දීලද?'' ලහිරු මධුශංක දුරකතනය ඔස්සේ පවසා තිබේ.
ආයාචනයක්

සිය සැමියා බේරා දෙන මෙන් විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඇය සඳහන් කළාය.
සිය සැමියා බැලීමට මාලදිවයින් බලධාරීන් නීතිවේදියෙකුට පවා අවසර දී නැති බව පවසන චාන්දනී මධුරංගි ජයතුංග 'කිසිවෙකුටත් වරදක් නැති, අහිංසක' සිය සැමියා බේරා ගැනීම පිණිස මැදිහත්වන්නැයි ඉල්ලා සිටියේ අඬු කඳුලින් යුතුවයි.
"එයා වැරදි කරන කෙනෙක් නෙවෙයි. අනේ මහත්තයෝ පුළුවන් උදවුවක් කරන්න."
මේ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහේශිනී කොලොන්නේ සංදේශයට කියා සිටියේ, ලහිරු මධුශංකට දැනටමත් නීතිඥ සහාය ලබා දී තිබෙන බවයි. තානාපති නිලධාරීන්ටද ඔහු හමුවීම සඳහා අවස්තාව සලසා දී ඇති බව සඳහන් කළ ප්‍රකාශිකාව වැඩිදුර විස්තර හෙළි කළ නොහැකි බවත් සඳහන් කළාය.
කරුණු සොයා බලා පසුව ප්‍රතිචාරයක් පළ කරන බවයි මාලදිවයිනේ විදේශ ඇමතිනී දුන්යා මවුමූන් සංදේශයට කියා සිටියේ.
ලහිරු මධුශංක හැරුණුවිට ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමේ චෝදනා ලැබූ තවත් ශ්‍රී ලාංකිකයෙකු ඇප මත නිදහස් කර ඇති නමුත්, ඔහුට රටින් පිටවීම තහනම් කර තිබේ.
 

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    meheth horen inna maladivayin kaarayo allala hire dammanam podi awadanayakwath dina ganna thibba.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉස්සර රන්ජන් ලොක්ක ඔය වගේ කේස් වලට බලෙන් ප්ලග්වෙලා දැඟලුවනේ... ඒ මහත්තය දැන් ඒව කරන්නෙ නැද්ද...? මේ දවස්වල ලංකාවේ නැද්ද...? දැක්කෙ නැහැ රූප පෙට්ටියෙවත් ඉන්නව.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    whats with this abdulla and sri lankans? Why do they think sri lankans are assassins?