බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස

    අම්මෝ ඒක..😮😮😝😝👇👇
    මහාචාර්යවරයා දේශනයක් පැවැත්තුවා. අතරමග දි ඔහු ප්‍රශ්නයක් ඇසුවා.
    “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
    දේශන ශාලාවේ එක එක අය විවිධ පිළිතුරු දුන්නා.
    වඩාත් සිත්ගන්නා සුලු පැහැදිලි කිරීම තමයි මේ.
    මේක කළේ රෝමියෝ. Charley Romeo.

    “භාර්යාව රූපවාහිනිය වගෙයි., පෙම්වතිය ජංගම දුරකථනය වගෙයි.”

    “පැහැදිලි කරන්න බලන්න.” මහාචාර්ය තුමා එහෙම කිව්වා.

    දැන් චාලි ගොයියා විස්තර කරනවා ඒ ගැන.
    “ගෙදරදි ටීවී බලනවා නෙ. ඒ වුණාට එළියට යද්දි මොබයිලය අරගෙන යනවා.එක්කෝ පපුවට තුරුළු කරගෙන. එහෙම නැත්තම් කකුලේ ගෑවි ගෑවි ...

    “සමහර වෙලාවට රූපවාහිනිය රස විඳිනවා. ඒ වුණාට මොබයිල් එකත් එක්ක සෙල්ලම් කරනවා.

    “රූපවාහිනිය ගන්න වෙලාවෙදි වියදම් ගියාට, පාවිච්ච් කරන්න පුළුවන් නොමිලේ. ඒ වුණාට ජංගමේට ගෙවන්න ඕන. චුට්ටක් හරි අමතර සේවයක් ලබා ගත්තොත් අමතර ගාස්තු එකතු වෙනවා. ගෙවන්නෙ නැතුව හිටියොත් සේවය අත්හිටුවනවා. ආපහු සේවය ලබා ගන්න ඕන නම් අමතර ගාස්තුත් ගෙවන්න වෙනවා.
    “රූපවාහිනිය ලොකුයි, මහතයි. අනෙක ඒක පරණයි නෙ දැන්.

    “මොබයිලය ඒ වගේ ද? හුරුබුහුටියි, කෙසඟයි, හැඩයි, යන යන තැන අරගෙන යන්නත් පුළුවන්. ඕන නම් වෙන එකකට මාරු කරගන්නත් පුළුවන්. ටී. වී. එකේ කොහෙත් ම ඒ ලක්ෂණ ඇත්තේ ම නෑ.
    “නඩත්තු වියදම් පැත්තෙන් ගත්තා ම, රූපවාහිනිය නඩත්තු වියදම් එක්තරා සීමාවකට පවත්වා ගන්න පුළුවන්. ඒත් ජංගමේ නඩත්තු වියදම් වැඩියි. ඒ වගේ ම ජංගමේ විධාන සැරයි.

    “රූපවාහිනියට දුරස්ථ පාලකයක් තිබුණාට. ජංගමේට එහෙම එකක් නෑ.
    “මේ ඔක්කොටෝ ම වඩා වැදගත් ම සාධකය මෙය යි.

    “ජංගමෙත් එක්ක සංවාද කරන්න පුළුවන්. ඒත් රූපවාහිනියත් එක්ක සංවාද නෑ. අහගෙන ඉන්න විතරයි තියෙන්නෙ. ඔබ කැමති වුණත් නැති වුණත් අහගෙන ඉන්න ම වෙනවා. ඒකේ දෙකක් නෑ.
    හැබැයි රජෝ. රූපවාහිනියේ උසස් ම ගුණාංගය තමයි ‘වයිරස්’ නැති එක. ඒ වගේ ම මොබයිල වලින් වැඩි හරියක් වයිරස් ම තමයි.

    මුල් සටහන - Charley Romeo