බිහිසුණු ක්‍රීඩා දැනගන්න ඕනද ???

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    බිහිසුණු ක්‍රීඩා දැනගන්න ඕනද ???

    පුරාණ ලෝකයේ දැකගත හැකි වූ ඇතැම් ක්‍රීඩා අතිශයින් බිහිසුණු ය. ඒවායෙන් සමහරක් වර්තමානයේදී ද වෙනස් ස්වරූපවලින් දක්නට ලැබේ. පහත දැක්වෙන්නේ එවන් බිහිසුණු ක්‍රීඩා දහයක් පිළිබඳ කෙටි විස්තරයකි.

    bihi1.jpg

    1.ගොන් පොර ක්‍රීඩාවේ ඉතිහාසය ලෝකඩ යුගය දක්වා දිව යයි. එය මිනෝවානු ක්‍රීට දූපතේ වැසියන්ගේ ප්‍රියතම ක්‍රීඩාවක් විය. එහෙත් අද දක්නට ලැබෙන ගොන් පොර ක්‍රීඩාව මෙන් නොව එහිදී ක්‍රීඩකයන් නිරායුධව ගොනුන් සමඟ සටන් වැදිය යුතු වූයේ අං පහරින් බේරීම සඳහා ඌ මතින් පිනුම් ගසමිනි. :P:P:P:P:P:P

    bihi2.jpg

    2.පැන්ක්‍රේෂන් පුරාණ ග්‍රීක ඔලිම්පික් උළෙලවල දැකගත හැකි වූ ක්‍රීඩාවකි. මෙය බොක්සිං සහ මල්ලවපොර යන දෙකේම සංකල්නයක් විය. ඇස්,කන්, නාස් උගුල්ලා දැමීම සහ සපාකෑම හැර සෙසු සියලු ආකාරවලින් පහරදීම කළ හැකි විය. :nerd::nerd::nerd::nerd:

    bihi_3.jpg

    3.නව්මචියා යනුවෙන් හැඳින්වූයේ පුරාණ රෝමානු කොලෝසියමේ පැවැත්වූ දැවැන්ත මුහුදු ග්ලැඩියේටර සටන් ය. ජුලියස් සීසර් අධිරාජ්‍යයා වරක් ඔරු හයසියයක් පුරවා මේ සටන් සඳහා ග්ලැඩියේටර්වරුන් ගෙන ආවේය. පරාජිතයන්ට අත් වූයේ මරණයයි. :shocked::shocked::shocked::shocked:

    4. අද වන විට කඹ ඇදීම සැලකෙන්නේ විනෝදාත්මක ක්‍රීඩාවක් ලෙස වුවත් පුරාණ වයිකිං යුගයේදී එය එසේ නොවීය. කඹ ඇදීමේදී යොදාගත් කඹය එකල නිර්මාණය වූයේ සත්ව හම්වලිනි. පරාජිතයන්ව පුළුස්සා මරා දමනු ලැබීය. :shocked::shocked::shocked:

    5. ධීවර පොරය ලෙස හැඳින්වූ පුරාතන ක්‍රීඩාව දැකගත හැකි වූයේ නයිල් ගඟ ආශ්‍රිත ව ය. පුරාණ ඊජිප්තු ජාතිකයන් කණ්ඩායම් සෑදී මේ ක්‍රීඩාවේ යෙදුණහ. ඔරු දෙක එක ළඟින් යාත්‍රා කරන විට ප්‍රතිවාදී ධීවරයන්ට හබල්වලින් පහර දී ජලයට දැමීම සිදුවිය. එසේ ජලයට වැටුණු වුන් නතර වූයේ කිඹුල් කටේ ය. :(:(:(:(

    6. කුෂ්ති මල්ලවපොර පුරාණ ඉන්දියාවේ අතිශය ජනප්‍රිය විය. මඩ වළක සිදුකරන මෙහි ජය පරාජය තීරණය වූයේ ප්‍රතිමල්ලවයා බිම දැමීමෙනි. ඉන්දියාවේ මෙය අද ද දැකගත හැකි ය. ගුස්ති ඇල්ලීම ලෙස ද හඳුන්වයි. :baffled::baffled::baffled:

    7.තරහුමාරාදිවීම යනුවෙන් වූ ක්‍රීඩාවක් පුරාණයේ මෙක්සිකානු කාන්තාරය ආශ්‍රිත ව පැවත්විණි. මෙහිදී දින 2ක් හෙවත් පැය 48ක් ඇතුළත සැතපුම් 200ක් දුර දිවිය යුතු විය. තරගකරුවන් අතරින් තරගය අවසන් කළේ අල්පයකි. බොහෝ අය අධික වෙහෙස නිසා මියගියහ. :nerd::nerd:

    bihi4.jpg

    8.පෙලෝටා පුරෙපෙචා යනු මධ්‍යම අමෙරිකාවේ පිහිටා තිබූ පිරමිඩාකාර පිට්ටනියකි. එය හොකී ක්‍රීඩාවට සමාන විය. එහෙත් පුරාණ මායා නීතිය අනුව මෙහිදී අනිවාර්යයෙන් ම යොදාගත යුතු වූයේ ගිනි තැබූ බෝලයකි. :shocked::shocked::shocked:

    bihi5.png

    9. ඇෆ්ගනිස්ථානයේ ජාතික ක්‍රීඩාව බුස්කාෂි ය. එහිදී මිය ගිය හෝ හිස නැති එළුවකුගේ මළ කඳ අසරුවන් විසින් පැහැරගැනීම සිදුකරයි’ :):):):)

    10. එන්ගුනි නමැති ක්‍රීඩාව ප්‍රචලිතව වූයේ අප්‍රිකාවේ සුලු ගෝත්‍රිකයන් අතර ය. එහිදී දඬු දෙකකින් ක්‍රීඩකයන් සන්නද්ධ වූහ. එකක් පහරදීම සඳහා ය. අනෙක ආරක්ෂාව සඳහා ය. ශක්තිමත්ම ක්‍රීඩකයා සොයාගැනීම සඳහා එක දණ්ඩකින් අනෙකාට නොකඩවා පහර දීම සිදු විය. :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: randitha chathumal

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    කුෂ්ති මල්ලවපොර පුරාණ ඉන්දියාවේ අතිශය ජනප්‍රිය විය. මඩ වළක සිදුකරන මෙහි ජය පරාජය තීරණය වූයේ ප්‍රතිමල්ලවයා බිම දැමීමෙනි. ඉන්දියාවේ මෙය අද ද දැකගත හැකි ය. ගුස්ති ඇල්ලීම ලෙස ද හඳුන්වයි. :baffled::baffled::baffled:
    lol මේක කොහොමද දරුණු වෙන්නේ ලොල්
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    tx bro !

    කුෂ්ති මල්ලවපොර පුරාණ ඉන්දියාවේ අතිශය ජනප්‍රිය විය. මඩ වළක සිදුකරන මෙහි ජය පරාජය තීරණය වූයේ ප්‍රතිමල්ලවයා බිම දැමීමෙනි. ඉන්දියාවේ මෙය අද ද දැකගත හැකි ය. ගුස්ති ඇල්ලීම ලෙස ද හඳුන්වයි. :baffled::baffled::baffled:
    lol මේක කොහොමද දරුණු වෙන්නේ ලොල්
    :baffled::baffled::baffled: :-)

    RePost බුවා;15530029 said:
    රුප ටිකක් දාල හදල ගත්ත නම් එලම තමයි සහෝ.....
    ඔන්න දැම්මා

    RePost බුවා;15530031 said:
    වටේ යන්නලු බන්....
    අවුලක් නැ මචන් තැන්ක්ස්.