බීපු_බීම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කාපු කෑම නොව බීපු බීම මෙන්න..! මෘග චෞර යුගයේ මහින්දගේ මාසයක වතුර බිල ලක්ෂ 13 කටත් වැඩියි.

Let_me_come_power_for_pay_13laks_Waterbill.jpg




රාජපක්ෂ රෙජීමය රට යටත් කරගෙන සිටි මෘග චෞර පාලන කාලය තුලදී ජනාධිපති මන්දිරයේ වතුර බිල මසකට ලක්ෂ 13 කටත් වැඩි බැව් නව යහපාලන ආණ්ඩුව විසින් සොයා බලද්දී හෙලි වී ඇත.
ඒ අනුව ගිය වසරේ (2014) නොවැම්බර් මාසයේ වතුර බිල -රු. 13,24,226.26 කි
(රුපියල් දහතුන් ලක්ෂ විසි හතර දහස් දෙසිය විසිහයයි ශත විසිහයකි)

2014 දෙසැම්බර් මාසයේ වතුර බිල - රු. 10,37,650.21 කි
( රුපියල් දස ලක්ෂ තිස් හත්දහස් හයසිය පනහයි ශත විසිඑකකි)

යහපාලන ආණ්ඩුව ජනවාරි 8 වෙනිදා පත් වීමත් සමග 2015 ජනවාරි මාසයේ ජනාධිපති මන්දිරයේ වතුර බිල රු. 45,238.30 ක් දක්වා (රුපියල් හතළිස් පන්දහස් දෙසිය තිස් අටයි ශත තිහක් දක්වා) මිලියන ගණනින් අඩු වී තිබේ.
ඉහත නොවැම්බර් මාසයේ වතුලර බිල ලංකා බැංකුවේ චෙක්පත් අංක 608926 මගින්ද, දෙසැම්බර් මාසයේ වතුර බිල ලංකා බැංකුවේ චෙක් පත් අංක 647120 මගින්ද, ජනවාරි මාසයේ වතුර බිල ලංකා බැංකුවේ චෙක් පත් අංක 647205 මගින්ද ගෙවා තිබේ.
ඊයේ අගමැතිවරයා සංඝයා වහන්සේලා හමුවූ අවස්ථාවේදී කියා සිටියේ හිටපු ඒකාධිපතියා විසින් ජනාධිපතිවරයා ලෙස මිලදී ගත් වාහන ගැන සොයා බැලීමට සිදුව ඇත්තේ වාහන ආනයනය කරුවන්ගෙන් විමසා ජනාධිපති කාර්යාලයට කොපමණ වාහන විකුණා තිබේදැයි විමසීමෙන් මිස ජනාධිපති කාර්යාලයේ ඒ ගැන වාර්තා නොමැති බවයි.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට වසර 9 ක් තිස්සේ රාජපක්ෂ රෙජීමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුකර ඇති දූෂණ සහ අනීතික ක්‍රියා සෙවීම සඳහා එහි සේවකයෝ දිවා රාත්‍රී නොතකා මේ දිනවල වැඩ කරති. එක් නිලධාරියෙක් කියා සිටියේ උදේ 6.30 ට වැඩ අරඹන පිරිස රාත්‍රී 8.30 පමණ දක්වාම රාජකාරි කරන බවයි. මේ තත්ත්වයෙන්ම අල්ලස් හා දූෂණ කොමිසමේ නිලධාරීහුද රාජකාරි කරති. එහි නව අධ්‍යක්ෂ ජෙනරාල් වරිය සේවයට පැමිණෙන්නේ උදේ 6.30 ට ය. රාත්‍රී 9.00 ට දුරකථන ඇමතුමක් දුන්නද ඇය කාර්යාලයේ වැඩ කරමින් සිටින්නීය. සියළු නිලධාරීන්ගේ නිවාඩු මාස දෙකකට අවලංගු කර තිබේ. නිලධාරීන්ද විශාල කැප වීමකින් ක්‍රියා කරන බව එහි විමර්ශන නිලධාරියකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
බූරුවන් කිහිප දෙනෙක් පමණක් තප්පු ලෑවාට මහජනතාව යහපාලනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරති.
 
  • Like
Reactions: Mr. Shan

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
meeta - Dilwale
 

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    බූරුවන් කිහිප දෙනෙක් පමණක් තප්පු ලෑවාට මහජනතාව යහපාලනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරති.

    සිරාම කතාව ඕයි..:P:P:P