බුකියෙන් උස්සුපු ආතල්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බුකියෙන් උස්සුපු ආතල්

    මේ සීන් එකත් උනේ ඉතින් වෙන කාටද??සුරන්ටම තමයි..

    ඉස්පිරිතාලේ හදවත් රෝග පිලිබද දොස්තරගේ රෑම් එකේ තිබුනු පුටුවක සුරංගයා වාඩි වෙලා ඉන්නවලු..

    සුරංගයා : අනේ දොස්තර මහත්තයෝ මට හිතෙන්නේම මං "මෙරුවෙක්" කියලනේ..

    ඩොකා : අනේ පුතා තරහ වෙන්න එපා..ඔය ලෙඩේ සනීප කරන්න මටනම් බෑ.මොකද මම හදවත් රෝගින් පිලිබදවනේ ඉන්නේ..ඕකට බෙහෙත් ගන්න ඕනේ මානසික දොස්තර කෙනෙක්ගෙන්..

    සුරංගයා : ඒක මම දන්නවා

    ඩොකා : එහෙනම් මොකටද මෙතෙන්ට ආවේ?

    සුරංගයා : මේ මෙතන තියන ලයිට් එලිය දෑකලා ආවේ.....
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ‍ක ඒකමත් එක පන්තියක වුණ සිදුවීමක්.

    ඔන්න ඉංග්‍රීසි මිස් පාඩම පටන් ගත්තා.

    "හැමෝම තමන්ට පුළුවන් විදියට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් හදලා කියන්න ඕනි." ඉංග්‍රීසි මිස් කිව්වා.

    ඉතින් හැම ළමයෙක්ම පුළු-පුළුවන් විදියට වාක්‍යය ගානේ හදලා කිව්වා. උදාහරණ කිහිපයක් කිව්වොත් මෙහෙමයි.

    "Sunil is a good boy."

    "We don't like cricket."

    "I like ice-cream." වගේ ඒවා තමයි කිව්වේ.

    ඔන්න ඉතින් අපේ සිරිපාලගේ වෙලාවත් ආවා.

    සිරිපාලත් උගුරේ රැල් බුරුල් ඇරලා මෙහෙම ආරම්භ කළා.

    "I is ...."

    කෝ සිරිපාලට කතා කරන්න ලැබුණේ නෑ, මිස් බාදා කළා.

    "I is ...." නෙවෙයි සිරිපාල "I am ...."

    සිරිපාල ආයෙත් කියන්න පටන් ගත්තා.

    "I is ...."

    සිරිපාල එකපාරක් කිව්වාම තෙරෙනේ නැදද? "I is ...." නෙවෙයි "I am ....". හැම තිස්සෙම "I" කියන එකත් එක්ක එන්නෙ "am".

    මිස් තව දුරටත් විස්තර කළා.

    ඔන්න ඒ පාර සිරිපාලගේ කට හඬ හීනියට මෙහෙම ඇහුණා.

    "I am the ninth letter in the alphabet..."
     
    • Like
    Reactions: DemonAkalanka