උපන් බිමේ වූ
පසද, දියද, හිරු කිරණද උරාබී, වැඩී,
උපන් බිමෙහිම,
මුල් අදින්නට, ඵල දරන්නට,
එහි උන්ට
අස්වනු බෙදන්නට
පැතූ දහසක් වෘක්ෂයෝ
අකාලයේ අද තුරු ගොමුව අතැර
නොදත්, නොඇසූ, නොතෙත්
ක්ෂේම භුමි සොයා යන්නට
විකල්ප නොමැතිවම මග කැපූ
කෘර මුග්ධ අධමයිනි
තොපිට සාප වේවා!
වන පෙතට සමුදෙන සහුර්දයන්ට
සුභ පතන්නට නොව
යලි එන්න දොර හරින්න
නුවණ අපට පහල වේවා!
පසද, දියද, හිරු කිරණද උරාබී, වැඩී,
උපන් බිමෙහිම,
මුල් අදින්නට, ඵල දරන්නට,
එහි උන්ට
අස්වනු බෙදන්නට
පැතූ දහසක් වෘක්ෂයෝ
අකාලයේ අද තුරු ගොමුව අතැර
නොදත්, නොඇසූ, නොතෙත්
ක්ෂේම භුමි සොයා යන්නට
විකල්ප නොමැතිවම මග කැපූ
කෘර මුග්ධ අධමයිනි
තොපිට සාප වේවා!
වන පෙතට සමුදෙන සහුර්දයන්ට
සුභ පතන්නට නොව
යලි එන්න දොර හරින්න
නුවණ අපට පහල වේවා!