බුගාටි මෝටර් රථ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බුගාටි මෝටර් රථ



    බුගාටි මෝටර් රථ ඉතිහාසය

    බුගාටි ඔටෝමොබයිල්ස් එස්.ඒ.එස් යනු ලෝකයේ හොඳම ඉහළ කාර්‍ය්‍යයසාධන සුඛෝපභෝගී මෝටර් නිෂ්පාදකයන්ගෙන් එකකි.සමාගම විසින් නිෂ්පාදනය කරන සියලුම මෝටර් රථ ඔවුන්ගේ,පන්තිය ශෛලිය,කාර්‍ය්‍යයසාධනය සහ සුවපහසුව සඳහා කීර්තිමත් වේ.බුගාටි ඉතිහාසය ආරම්භයේ සිට සමාගම වඩාත්ම මිල අධික සුඛෝපභෝගී ස්පෝර්ට් මෝටර් රථ නිපදවීම සඳහා වූ කීර්තියක් ලබාගෙන ඇත.

    බුගාටි මෝටර් රථ ඉතිහාසය වර්ෂ 1900 දක්වා ඈතට දිවයයි. එතොරේ බුගාටි(Ettore Bugatti)නව පෙට්‍රල් එන්ජින් සොයාගැනීම නිසා ඔහුගේම වාහනයක් නිර්මාණය කිරීමට තීරණය කල අතර වසරකට පසුව ඔහු ජාත්‍යන්තර ප්‍රදර්ශණයට ගුලිනෙල් සහෝදරයන්ගේ (Gulinelli brothers)උදව් උපකාර ඇතිව තම පළමු 'Bugatti' මෝටර් රථය ඉදි කළේය. එතොරේගේ එම රථයේ ඉදිකිරීම් සහ සැලසුම් සඳහා T2 ත්‍යගයට හිමිකම්කීය.

    ඔහුගේ පළමු මෝටර් රථයෙය් සාර්ථකත්වයට සහ කීර්තිය පත් ඔහුගේ මෝටර් රථ නිෂ්පාදනය කිරීමට හැකි දැයි ඇසීමට ඩේ ඩිට්රිච් සමාගම(De Dietrich Compan)සමාගම ළඟට ගියේය.සුළු අභියෝග කිහිපයකට මුහුණ දීමෙන් පසු අවසානයේ බලපත්‍රය හිමි වූ අතර එම අවස්ථාවේ දී බුගාටිගේ වයස අවුරුදු 21 ක් වූ බැවින් ඔහුගේ පියා ඔහු වෙනුවෙන් කොන්ත්රාත්තුව අත්සන් කරන ලදී.කෙසේ වෙතත් වසර කිහිපයකට පසු කොන්ත්රාත්තුව අවලංගු කරන ලදී.

    මේ කාලය තුළ දී එතෝරේ බුගාටි,එමී මැතියස්(Emi Mathias) හා එක් වීමට තීරණය කල නමුත් එම කොන්ත්රාත්තුව ද වැඩි කල් පැවතුනේ නැහැ.එම කොන්ත්රාත්තුවෙන් ද එතෝරේ එළියට ඇ‌ද දැමුවද ඔහුගේම නිෂ්පාදන බලාගාරයක් විවෘත කිරීමේ ඔහුගේ සිහිනය ලුහුබැඳ ගියේය.ඒ අනුව 1909 දී ඔහු ඩී විස්කායා(De Vizcaya)ගේ මූල්‍ය උදව් ඇ‌තිව ප්‍රංශයේ මොල්ස්හෙයිම් ඇල්සාස් හි 'Automobile Ettore Bugatti' සමාගම පිහිටුවන ලදී.

    1910 දී බුගාටි බලාගාරය සඳහා පළමු යන්ත්‍රය සවි කළේය.ඒ නිසා සමාගම ඉක්මනින් මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කිරීමට හැකි විය.ඒ‌ අනුව සම්පූර්ණ කාර් පහක් එම වසරේ ඉදිකරන ලදී.එම වසරේ දී එතෝරේ ගේ සහයකයා වූ අර්නස්ට් ෆෙඩ්රිච්(Ernest Fredrich)බෝහෝ රේස් තරඟ සඳහා සහභාගීවූ අතර මෙම රේසිං තරඟ වල සාර්ථකත්වය බුගාටි මෝටර් රථ සමාගමේ ආරම්භය සලකුණු කළේය.

    1911 දී Bugatti 10 මාදිලිය සමග එම වසරේ ප්‍රංශ ග්‍රෑන් ප්‍රික්ස් ඇතුළු තරඟ කිහිපයක් ජයග්‍රහණය කළේය.එම වසරේදීම Bugatti හා Peugeot රථ කොන්ත්රාත්තුවකට ඇතුල්වී Model 19 එන්ජිමක් සමඟ Bebe Peugeot මෝටර් රථ නිෂ්පාදනය කළේය.වසර දෙකකට පසු බුගාටි යුද්ධය වෙනුවෙන් ගුවන් යානා එන්ජින් නිෂ්පාදනය ආරම්භ කළ අතර මෙම සමාගම ප්‍රාග්ධනය සහ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වැඩිපුර සේවකයින් බඳවා ගන්නා ලදී.

    යුද්ධය අවසන් වන විට බුගාටි මොල්ස්හෙයිම් බලාගාරයේ කම්කරුවන් 1,000 කට වඩා වැඩි විය.1920 දී බුගාටි 29/30 රේස් කාර් හඳුන්වා දෙමින් වොයිටෘට්ස් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ශුරතාවය දිනාගත් අතර Model 35 ඇලුමිනියම් ස්පෝර්ක් වීල් භාවිතා කළ පළමු බුගාටි මෝටර් රථ නිෂ්පාදනය විය.කෙසේ වෙතත් 1930 සමාගමට දුෂ්කර කාලයක් විය.

    ස්ථාවර ශක්තිමත් මූල්‍ය පදනමක සිටි සමාගම රැලි කාර් සහ දුම්රිය නිෂ්පාදනය ආරම්භ කරන ලද අතර සේවකයින් වැඩ වර්ජනයක් කරන තෙක් සමාගමසාර්ථකව ක්‍රියාත්මක විය.1936 දී බුගාටි සමස්ත ශ්‍රම බලකායම වැඩ කිරීම ප්‍රතික්ෂේප කල අතර වැටුප් වැඩිවීමක් හා යහපත් සේවා කොන්දේසි ඉල්ලා සිටියේය.එතෝරේ කෝපාවිෂ්ට වූ අතර වැඩ වර්ජන ඉල්ලීම් පෞද්ගලිකවම භාරගෙන සිය කාර්‍ය්‍යාලය පැරිස් වෙත ගෙන යන ලදී.බුගාටි ඉතිහාසයේදී 1930 දශකය අවසාන භාගය වන විට සමාගම නැවත මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේය.එතෝරේ බුගාටි ලී මෑන්ස්(Le Mans)තරඟ සඳහා සහභාගී වී වැදගත් ජයග්‍රහණ ගෙන දුන්නේ ද මේ කාලය තුළ දී ය. කෙසේ වෙතත් එම සතුට දිගු කලක් පැවතුණේ නැත.එතෝරේ පුත් ජේඩ් බුගාටි රිය අනතුරකින් මිය ගියේය.

    දැනටමත් සමාගමේ මූල්‍ය අර්බුදය තුළ සහ සිය පුත් ජේඩ් ගේ මරණය එතෝරේ සම්පූර්ණයෙන්ම දුර්වල කළේය.මේ නිසා ඔහුට මොල්ස්හෙයිම් බලාගාරයේ ඇති මතභේද සහ එය විසඳීමට නොහැකි වූ අතර ඒ‌ නිසා අලුත් කාර් නිෂ්පාදනයක් කල නොහැකි විය.වර්ෂ 1947 දී එතෝරේ පෙනහළු රෝගයෙන් මියගිය අතර ව්‍යාපාර තවදුරටත් පහත වැටුණේය.
    බුගාටි සමාගම එහි අවසන් බුගාටි මෝටර් රථය 1952 දී පැරිස් මෝටර් රථ ප්‍රදර්ශණයෙන් පසුව බුගාටි සිය මෙහෙයුම් පවත්වාගෙනයාමේ මතභේදයට තුඩුදුන්නේය.

    වර්ෂ 1955 දී රෝලන්ඩ් බුගාටි ඇ‌තිවී තිබූ මතභේදයන්ට Type 251 රේස් කාරය හඳුන්වා දීම මගින් එම සමාගම යළි ඇති කිරීමට උත්සාහ කළේය.කෙසේ වෙතත් බලාපොරොත්තු වූ අපේක්ෂා ඉටුනොවීම නිසා මෝටර් රථ නිෂ්පාදනය නතර විය.1960 බුගාටි මෝටර් රථ නිෂ්පාදන සඳහා හිස් කාලයක්(Blank Period)වූ අතර ගුවන් යානා එන්ජින් සහ අමතර කොටස් නිෂ්පාදන මෙහෙයුම් දිගටම කරන යාම සඳහා හිස්පැනෝ-සූයිසා(Hispano-Suiza)වෙත සමාගම අලෙවි කරන ලදී.

    1987 දී ඉතාලි ව්‍යවසායකෙකු වන රොමානෝ අර්තෝලි(Romano Artioli)විසින් බුගාටි වෙළඳ නාමය අත්පත් කර ගෙන ඇති අතර 'Bugatti Automobili SpA' ලෙස එය නැවත නම්කර ඇ‌ත.වසර දෙකකට පසු නව බුගාටි කාර් සඳහා Lamborghini Countach සහ Lamborghini Miura concepts සැලසුම් සංකල්ප නිර්මාණකරුවන් විසින් ඉදිරිපත් කරන ලදී.පසුව නව සමාගම 1992 දී ඔවුන්ගේ පළමු මෝටර් රථය වන නිෂ්පාදනය වන Bugatti EB 110 GT හඳුන්වා දෙන ලද අතර එය මෙතෙක් නිෂ්පාදනය කරන ලද ඉතා උසස් සපෝර්ට් මෝටර් රථය ප්‍රචාරය කරන ලදී. කෙසේ වෙතත් දුර්වල වාසිදායක තත්වයන් හේතුවෙන් 1995 දී බුගාටි මෙහෙයුම් නැවතත් නතර කිරීමට සිදු විය.වසර තුනකට පසු වොක්ස්වැගන් ඔටෝගෲප් විසින් බුගාටි වෙළඳ නාමය අත්පත් කර ගෙන 'Bugatti Automobiles S.A.S' ලෙස එය නැවත නම්කළේය.මෙම නව සමාගම EB118, EB218, සහ 18/3 Chiron ඇතුලු විවිධ සංකල්ප ගණනාවක් හඳුන්වා දෙන ලදී.

    2005 දී බුගාටි සමාගම විසින් 1990 ගණන්වල අග භාගයේ සහ 2000 මුල් කාළයේ දී හඳුන්වාදුන් සංකල්පවල මිශ්‍ර බවක් දක්නට ඇති Veyron 16.4 නිකුත් කරන ලදී.මෙම රථය ක්ෂණිකවම සාර්ථක බවට පත් වූ අතර ඒකක 420 ක් එකක් යුරෝ 1,225,000 ක මිලකට 2013 වනවිට අලෙවි කරන ලදී.

    දැනට බුගාටි ඉහළ ප්‍රංශ මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එකක වන අතර එය Volkswagen AG පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස සුඛෝපභෝගී සුපිරි පැළැන්තියේ සන්නාමය ලෙස ක්‍රියාත්මක කර ඉදිරිපත් කරයි.මීට අමතරව සමාගම එහි ම අනුබද්ධ සමාගම් දෙකක් ලෙස එනම් Bugatti Engineering GmbH සහ Bugatti International S.A. ලෙස ක්‍රියාත්මකවේ.

    විශේෂ තොරතුරැ

    * Bugatti Veyron 16.4 ලීටර් 8.0 අශ්ව බල 1200 එන්ජිම සිසිල් කිරීමට රේඩියේටර් 12 ඇ‌ත.

    * Bugatti Veyron හි ඉන්ධන ටැංකිය පමණක් වෑල්ඩින් කිරීමට සමපූර්ණ දින 8 කට වඩා දින ගත වන අතර මීට අමතරව එක් රේඩියේටරයක් නිපදවීමට කිරීමට පැය 15 කට වඩා වැඩි කාලයක් ගතවේ.

    * Bugatti Veyron මෝටර් රථයේ සැකිල්ල ප්‍රධාන කොටස් තුනකට ඇ‌ණ14 කින් පමණක් එකට එකතුකර අති අතර මෝටර් රථයේ ඉතිරි සියල්ල වෑල්ඩින් කර ඇත. මෙම මෝටර් රථයේ එන්ජිම සේවා කිරීම සදහා සමස්ත පසුපසම ඉවත් කල යුතුය.

    * Bugatti Veyron මෝටර් රථ සඳහා අනෙකුත් මෝටර් රථ සඳහා භාවිතා නොකරන විශේෂ මිචිලින් PAX වර්ගයේ ටයර් අවශ්‍ය කරන අතර එහි පිටු පස ටයරක පළල අඟල් 14.5 ක් බැවින් සහ ටයර් වීල් රිම් එකට බද්ධකර සවිකර ඇ‌ති නිසා ටයර් මාරැ කිරීම සඳහා මෝටර් රථය ප්‍රංශය වෙත නැව් ගත කිරීමට සිදුවේ.ඒ‌ සඳහා ඩොලර් 70,000 කට වඩා අධික මුදලක් වැය කිරීමට සිදුවේ.

    * Bugatti Veyron එහි උපරිම වේගයේදී එහි පෙට්‍රල් ටැංකිය විනාඩි 12 ක් තුල සම්පූර්ණයෙන්ම අවසන් වේ.

    * Bugatti Veyron එහි උපරිම වේගය පාලනය කිරීමට සිදුව ඇ‌ත්තේ අන් කිසිවක් නිසා නොව උපරිම වේගයේ අවසාන මොහොතේදී එහි ටයර පුපුරා යන බැවිනි.

    * Bugatti Veyron මෝටර් රථය පැ.කී 0-60 දක්වා වේගවත් කිරීමට යන කාලයට(තත්පර2.8 කි)වඩා පැ.කී 60-0 දක්වා වේගය අඩු කිරීමට ගත වන කාලය අඩුය.

    * Bugatti Veyron රථය එහි උපරිම වේගයේ දී විනාඩියට වායු ලීටර් 47,000 පරිභෝජනය කරන අතර එය සාමාන්‍ය මිනිසෙක් දින 4 ක් ආ‌ස්වාස කරන වායු ප්‍රමාණයටත් වඩා වැඩිය.

    ඔබ බුගාටි ඉතිහාසය දැක ගැනීමට හැකි වන පරිදි ඔවුන් බොහෝ දුෂ්කරතා හා මුල්‍ය ගැටලුවලට මුහුණ දී තිබේ.මෙහෙයුම් අහිමි වූ පසු පවා සමාගම නැවත නැගීසිටි අතර විශ්වසනීය සහ ගුණාත්මක අතින් ඉහළම සුඛෝපභෝගී රේස් කාර් නාමයක් ලෙස බුගාටි මෝටර් රථ අද ලෝකයේ ඉදිරියෙන්ම සිටීමට සමත්ව ඇ‌ත.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    08/10/2017
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    43eeb827d24e8da94fc831356bcd5284--bugatti-chiron-ce-qui.jpg


    :love::love::love:
     

    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    Good One.

    Small Correction.

    Veyron 16.4 has only 1,000 Break Horse Power. It's the Veyron SS has 1,200 BHP

    The quad turbo W16 actually produced 3,000 horse power out of which 2,000 HP was wasted as heat and for friction.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    LokuKaluwa:22328969 said:
    Good One.

    Small Correction.

    Veyron 16.4 has only 1,000 Break Horse Power. It's the Veyron SS has 1,200 BHP

    The quad turbo W16 actually produced 3,000 horse power out of which 2,000 HP was wasted as heat and for friction.

    ඒ හීට් වේස්ට් හෝස්පවර් එක කොහොම හරි කරලා ගොඩ දාගත්තානම් සුපිරි නේ