බුධ්ධිමත්තු රටවල් කරනකොට මෙහෙමයි
දරුවන් අතර කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක්.. රිජ්වේ ආර්යා රෝහල සූදානම් කරයි..
April 23, 2021 at 5:30 pm | lanka C news![]()
තරුණ සහ ළමා පරපුර අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වීම හේතුවෙන් ඒ ගැන විශේෂ අවධානයෙන් පසුවන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. විජේසුරිය මහතා සඳහන් කළේය.
ඉකුත් දින කිහිපයේදී කොරෝනා ආසාදිතයන්ගේ වර්ධන වේගය ඉහළ ගොස් ඇතැයි ලැබුණු වාර්තා අනුව දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂ සූදානමින් සිටින බවද ඔහු පැවසීය.
මේ වන විට රිච්වේ ආර්යා රෝහලේ කොරෝනා ආසාදිත කිසිදු දරුවකු ප්‍රතිකාර නොලබන බවත් ආසාදිත දරුවන් රෝහලට ඇතුලත් වුවහොත් ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂ ප්‍රතිකාර ඒකක පවා සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
කොරෝනා වෛරසය වැළඳී මීට පෙර ප්‍රතිකාර ලැබූ සියලුම දරුවන් සුව වී රෝහලින් පිටව ගොස් ඇති බවත් එක් දරුවෙකු පමණක් මියගිය බවත් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසීය
කොරෝනා මහා රැල්ලකට රජය සූදානම් වේ.. ඔක්සිජන් රැස් කරයි.. ICU වැඩි කරයි.. ගත් දැඩි තීන්දු මෙන්න…..
April 21, 2021 at 10:02 pm | lanka C news![]()
පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රටතුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක් ඇතිවී තිබෙන බැවින් එය පාලනය කිරීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව (21) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය.
මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් නියෝජනය කරයි.
මෙහිදී,
• දැඩි සත්කාර ඒකක වල ඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.
• දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීම.
• කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම.
• ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.
• කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සදහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම.
• PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීම.
• නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම.
• විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම.
යන කරුණු පිළිබඳව මෙම සාකච්චාවේදී තීරණ රැසක් ගන්නා ලදී.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.
මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය අමාත්‍යංශය
