බුද්ද සාසනයේ දන් දීම සීයට කෝටි ගානක පොලියක් තියෙන බෑන්කුවක්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    onmaxdt ස්කෑම් එකක් කියල තේරුම් ගන්න ඔච්චර හෑල්ලක් ඕන යැ.

    එක එක බ්‍රෑන්ඩ් එකේ ආගමුත් එහෙම තමා :yes:

    ඔයාටයි මටයි හෑලි ඕනෙ නැහැ තමා. නමුත් මුදල් සම්බන්ධව, ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධව ඉන්ටෙලිජන්ස් අඩු, මේ දේවල් වලට එක්ස්පෝස් වෙලා අත්දැකීම් නැති අයෙක්ට ඒක එහෙම ද? ඒ අයට උදව්කිරීමක් විදිහට හෑලි ලියන එක යහපත් නැති ද?

    එක්කො කරලා බලන්නම වෙනවා නැතිනම් තවකෙනෙක් කරන පැහැදිලි කිරීමක් පිලිගන්න වෙනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    ඔයාටයි මටයි හෑලි ඕනෙ නැහැ තමා. නමුත් මුදල් සම්බන්ධව, ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධව ඉන්ටෙලිජන්ස් අඩු, මේ දේවල් වලට එක්ස්පෝස් වෙලා අත්දැකීම් නැති අයෙක්ට ඒක එහෙම ද? ඒ අයට උදව්කිරීමක් විදිහට හෑලි ලියන එක යහපත් නැති ද?

    එක්කො කරලා බලන්නම වෙනවා නැතිනම් තවකෙනෙක් කරන පැහැදිලි කිරීමක් පිලිගන්න වෙනවා.

    ලබන ආත්මෙ සීයට කෝටි ගානක් පොළිය ලැබෙනව කියන එක "කරල බලන්නෙ" කොහොමද?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ලබන ආත්මෙ සීයට කෝටි ගානක් පොළිය ලැබෙනව කියන එක "කරල බලන්නෙ" කොහොමද?

    භාවනාවෙන්. සාමඤ්ඤඵල සූත්‍රය ඒ කියන්නේ, ශ්‍රමණ ජීවිතයෙන් ලැබිය හැකි ඵල සූත්‍රය ට අනුව,

    ශ්‍රාවකයෙකුට චේතෝපරියඥානය, පුබ්බේනිවාසානූස්සති , දිබ්බචක්කු ආදී ඥානයන් දියුණු කරගැනීමෙන් යම් අත්දැකීමකුත්, ඒ තුලින් ඉන්ෆර් කරන්නත් පුලුවන්. විශේෂයෙන් දිබ්බචක්කු ඥානයෙන්. තමා හෝ අන්‍ය සත්වයන් ඒ ඒ අය කරන ලද කර්ම අනුව උප්පත්තිය ලබන ස්ථාන දකින්න හැකියාව ඇති කරවනවා.

    එහෙමත් නැතිනම් බුද්ධත්වය ලැබීම තුළින් කර්ම විෂය පූර්ණ ලෙස අවබෝධ කරන්නත් පුලුවන්. (ඉහත හැකියාවයි බුදුවරයෙකුගෙ හැකියාවයි පටලවගන්න එපා.කර්මය මෙහෙමයි මෙහෙමයි කියලා පූර්ණ විග්‍රහයක් කරගන්න හැකියාවක් පවතින්නේ බුදුවරයෙක් සතුවයි.)

    Edited

    ඉහත ආත්ම සියට කෝටි ගානක් පොලිය ලැබෙනවා කියන එක වෙනුවට සිල්වතුන්ට, ගුණවන්තයන්ට දන්දීම බොහෝ කාලයක් යනතුරු ප්‍රතිවිපාක දෙන දෙයක් කියන එක දැනගන්නෙ කොහොමද කියන එකට ග්‍රීන්තන්ඩර් ප්‍රියයි යුක්ති සහගතයි කියල හිතනව.
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දානය කියන්නෙ තණ්හාව ක්ෂය කිරීමේ පලවෙනි පඩිය. අතීත සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ඔය දාන සීල භාවනා කියන අංග තුන පිළිවෙලට ජන ජීවිතයට බද්ධ කරලා තියනවා. සමහරු ඒ බද්ධකිරීමේ තේරුම අතහැරලා කරන ස්වාභාවයක් තමා අද දක්නට තියෙන්නෙ. එකේ හොඳ තමා නොදැනුවත්ව හරි තෘෂ්ණාව නසන්න යොමුවෙන එක. නරක තමා ඇයි මේක කරන්නේ කියන අර්ථය ඉදිරි පරම්පරා වලට කියාදීගන්න දායාද කරන්න නොහැකි වීම.

    බුදුහාමුදුරුවො මුලින්ම දේශනා කරපු ධම්මචක්ක සූත්‍රයෙ තණ්හාව ක්ෂය කරන ක්‍රම හැටියට තියෙන්නෙ දාන සීල භාවනා කිව්වොත් පිළිගන්නවාද? ඒක එතන තියෙන්නේ කොටස් හතරකට බෙදල. ඒකයි බැලූ බැල්මට පෙනෙන්නෙ නැත්තේ.

    "And this, monks, is the noble truth of the cessation of stress: the remainderless fading & cessation, renunciation(චාගෝ), relinquishment (පටිනිස්සග්ගෝ), release (මුත්තී), & letting go (අනාලයෝ) of that very craving.
    - ධම්මචක්කපවත්තන සූත්‍රය.

    Renunciation එහෙමත් නැතිනම් චාගෝ කියන්නෙ දානය. Relinquishment එහෙමත් නැතිනම් පටිනිස්සග්ගෝ කියන්නෙ වැලකී සිටීම/නොකර සිටීම. ඒ කියන්නෙ සීලය. Release එහෙමත් නැතිනම් මුත්තී කියන්නෙ සමථ සමාධිය. Letting go එහෙමත් නැතිනම් අනාලයේ කියන්නෙ නොඇලී සිටීම. ඒ කියන්නෙ විපස්සනා සමාධිය. ඒ අවසාන දෙක එකතු කරලා තමා භාවනා කියන්නෙ. ඉතින් ඔය තුන (හතර) පිළිවෙලින් යන්න අවශ්‍යයි නිවන සාක්ෂාත් කරන්න.

    අන්න ඒ නිසයි බෞද්ධ භික්ෂුව දානය වර්ණනා කරන්නෙ. ඒ නිසා අපි කරන්න ඕනේ දානයට ගැරහීම නෙමෙයි. බෞද්ධයන් විදිහට දානය කුමක් සඳහාද කියන එක තේරුම් අරන් දානය සිදු කිරීමයි.
    මම අහල තියෙන්නෙ නිවනට මාර්ගය සීල සමාධි ප්‍රඤ්ඤා කියල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    භාවනාවෙන්. සාමඤ්ඤඵල සූත්‍රය ඒ කියන්නේ, ශ්‍රමණ ජීවිතයෙන් ලැබිය හැකි ඵල සූත්‍රය ට අනුව,

    ශ්‍රාවකයෙකුට චේතෝපරියඥානය, පුබ්බේනිවාසානූස්සති , දිබ්බචක්කු ආදී ඥානයන් දියුණු කරගැනීමෙන් යම් අත්දැකීමකුත්, ඒ තුලින් ඉන්ෆර් කරන්නත් පුලුවන්. විශේෂයෙන් දිබ්බචක්කු ඥානයෙන්. තමා හෝ අන්‍ය සත්වයන් ඒ ඒ අය කරන ලද කර්ම අනුව උප්පත්තිය ලබන ස්ථාන දකින්න හැකියාව ඇති කරවනවා.

    එහෙමත් නැතිනම් බුද්ධත්වය ලැබීම තුළින් කර්ම විෂය පූරණ ලෙස අවබෝධ කරන්නත් පුලුවන්. (ඉහත හැකියාවයි බුදුවරයෙකුගෙ හැකියාවයි පටලවගන්න එපා.කර්මය මෙහෙමයි මෙහෙමයි කියලා පූර්ණ විග්‍රහයක් කරගන්න හැකියාවක් පවතින්නේ බුදුවරයෙක් සතුවයි.)

    Sounds easy enough 😁
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මම අහල තියෙන්නෙ නිවනට මාර්ගය සීල සමාධි ප්‍රඤ්ඤා කියල.
    බෙදලා විවරණය කරන ක්‍රමයේ වෙනසක්, විවිධ පුද්ගල සන්තාන අනුව අනුගත වීමක් විනා මාර්ගයේ හෝ ගමනාන්තයේ වෙනසක් නෙමෙයි.

    උදාහරණයකට මෙහෙම ගන්න.

    බුදුහාමුදුරුවො යම් තැනක අපේ මේ අත්දැකීම් රාශිය (සත්ව පුද්ගලත්වය) නාම-රූප වලින් පැහැදිලි කාරනවා. සමහරක් තැනදි ස්කන්ධ පහකින් පැහැදිලි කරනවා, තවත් තැනකදි ආයතන දොලහකින් පැහදිලි කරනවා. තවත් තැනකදි ධාතු දහ අටකින් පහදනවා. අභිධර්මයට ගියොත් සිත් පනස්දෙකයි ආදී විදිහටත් බෙදලා දක්වනවා. නමුත් ඒ හැමතැනම විග්‍රහ වෙන්නෙ අපේ අත්දැකීම. පැහැදිලි කරලා ඒත්තු ගන්වන්න හදන්නේ ත්‍රිලක්ෂණය. අවබෝධ කරවන්න හදන්නේ නිවන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    FD danna barida
    පුළුවන්, මේ තියෙන්නෙ ප්ලෑන්ස්. ආත්ම 100 ඉඳන් අනන්ත වෙනකං තියෙනවා

    QMVjuaj.png