බුද්ධාගමට ප්‍රමුඛ තැන නොදෙයි නව ව්‍යවස්‌

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    බුද්ධාගමට ප්‍රමුඛ තැන නොදෙයි නව ව්‍යවස්‌

    10155322611966934

    එරික්‌ ගාමිණි ජිනප්‍රිය
    වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන වගන්තියෙන් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්‌ථානය වෙනස්‌ කිරීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මඟින් විකල්ප 7 ක්‌ යෝජනා කර ඇති බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවැසීය.
    මෙම විකල්ප 7 මඟින් සෙසු ආගම් ද බුද්ධාගමට සමාන කිරීමක්‌ සිදුවන බැවින් බුද්ධාගමට මෙතෙක්‌ හිමිවූ ප්‍රමුඛස්‌ථානය ලබාදීම අහෝසි වන බව පවසන ඒ මහතා ඒ පිළිබඳව තවදුරටත් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ ලාල් විඡේනායක මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටු වාර්තාව එළි දැක්‌වීමෙන් පසුව එයට එරෙහිව මතුවූ විරෝධය සමනය කර ගැනීම සඳහා මහානායක හිමිවරුන්ට බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය ආරක්‍ෂා කරන බවට ලබාදුන් ප්‍රතිඥව මෙම අතුරු වාර්තාවේ සඳහන් විකල්ප 7 මඟින් කඩකර ඇති බවයි. මනෝහර ද සිල්වා මහතා ඒ පිළිබඳව තවදුරටත් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ එංගලන්තය, ඉතාලිය, ගී්‍රසිය, නෝර්වේ යන රටවල ව්‍යවස්‌ථාවල පවා එම රටවල ප්‍රධාන ආගමට ප්‍රමුඛස්‌ථානයක්‌ දී ඇති බවත් මෙරට තුළදී බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක්‌ ලබාදීම මඟින් සෙසු ආගම්වලට අසාධාරණයක්‌ නොවන බවයි.
    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් යුතු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුව නිර්දේශ කර ඇති බලය බෙදීම මඟින් මෙරට පෙඩරල් රාජ්‍යයක්‌ බවට පත්වන බවත් එම වාර්තාව පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පැවැසීය.