බුද්ධාගම වැනසීමේ දැවැන්ත ව්‍යාපෘතිය-Rawana trail

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කස්ටිය සැලෙන්ඩර් උනා නේද sj91ගේ ආගමනයත් සමග.....:rolleyes::rolleyes::rolleyes:

    උඩ අහපු ප්‍රශ්න වලට උත්තර දියන් ....:rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ලියුනේ ට්‍රේට යුගයේ..ඕකට පස්සේ තමයි ද්වාපර යුගය එන්නේ...ඊට පස්සේ කලි යුගය.....අපි ඉන්නේ කලි යුගයේ .....ඒ කියන්නේ දැන් තමයි තැන..ඔය සෙල්ලිපි ලියවුනේ
    ?:baffled:

    :rofl::rofl::rofl: ඒ කියන්නෙ රාමායනය දිවසින් දැකල ලියපු එකක් එහෙමද කියන්නෙ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :yes::yes::yes::yes:


    බුදුදහමට කලින් අපි ඔක්කොම හින්දුන්.ඒක තමයි ඇත්ත.මොකද මීට අවුරුදු 7000කට කලින් ලoකාව යාපනෙන් තමිල්නාඩුවට සම්බන්ධ උනා.බුදුදහම විනාශ කරන්නේ මාර්ගපලලාබින්ට ගල් ගහන තොපිලම තමයි...සිදුහත් කුමාරයත් හින්දු


    කොහොමද කියන්නේ ඔක්කොම හින්දුන් කියල ? එහෙම කියන්න තියන මුලාශ්‍ර මොනාද ? ඔය කාලේ atheist උන් හිටිය වෙන්න බැරිද ? ගස් ගල් අදපු උන් හිටිය වෙන්න බැරිද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිහිදු හිමියන්ගේ ආගමනයටත් පෙර බ්‍රාහ්මීය අක්ශර තීබූ බව රාජ් සෝමදේවයන්ගේ කූරගල කැනීමෙන් ඔප්පු වෙලා ඉවරයි.ඒ හින්දා ඔය කතාවත් පට්ටපල් බොරුවක්...:yes::yes::yes:

    ඔව් ඉන්දියාවෙ තිබ්බ තමයි, ඉන්දියාවෙ ආභාශයෙන් ලoකාවෙත් තියෙන්ඩ ඇති... මහින්දාගමනට පෙරත් බුදු දහම තිබ්බ කැලණිය මහියගන වගේ මහ වෙහෙරවල් හැදුවෙ මහින්දාගමනයට පෙර..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    බුදුදහමට කලින් අපි ඔක්කොම හින්දුන්.ඒක තමයි ඇත්ත.මොකද මීට අවුරුදු 7000කට කලින් ලoකාව යාපනෙන් තමිල්නාඩුවට සම්බන්ධ උනා.

    ඒ කියන්නෙ රාවණත් හින්දු :yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rofl::rofl::rofl: ඒ කියන්නෙ රාමායනය දිවසින් දැකල ලියපු එකක් එහෙමද කියන්නෙ



    කව්ද බන් දන්නේ ? SJ වගේ උන් ඒකාලේ හිටියද දන්නේ නෑ ..... විචල්‍යන් සැහෙන ගානක් තියන තැනක මුන් හූනු බිජ්ජක් අල්ලන් මැරෙන්න හදනවා

    වාල්මිකිත් ඕක බැරි වෙලාවත් දිවසින් දැක්කයි කිව්වොත් ...රාවනා කාරය කොයි කාලේ ඉන්න ඇද්ද ?
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒ කියන්නෙ රාවණත් හින්දු :yes::yes:

    ඔව් ඉතින් ශිව ගුරුතුමාව තමයි ඇදහුවේ.. රාවණාගේ ශිව තාන්ඩව ස්තොත්‍රවය තියෙන්නේ එකයි.ශිවත් මෙහේ...
    එකෙන් ඔප්පු වෙන්නේ නෑ මෙහේ දෙමලු හිටියයි කියලා.:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කව්ද බන් දන්නේ ? SJ වගේ උන් ඒකාලේ හිටියද දන්නේ නෑ ..... විචල්‍යන් සැහෙන ගානක් තියන තැනක මුන් හූනු බිජ්ජක් අල්ලන් මැරෙන්න හදනවා

    වාල්මිකිත් ඕක බැරි වෙලාවත් දිවසින් දැක්කයි කිව්වොත් ...රාවනා කාරය කොයි කාලේ ඉන්න ඇද්ද ?


    sj91 ඕවට උත්තර දන්නෙ නැ අඩුම ගානෙ ඌ වල්මිකි උන්න කාලෙවත් දන්නෙ නැ, එක්කො සර්ච් කරල හොයන් එන්නෙ නැතැයි :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඉතින් ශිව ගුරුතුමාව තමයි ඇදහුවේ.. රාවණාගේ ශිව තාන්ඩව ස්තොත්‍රවය තියෙන්නේ එකයි.ශිවත් මෙහේ...
    එකෙන් ඔප්පු වෙන්නේ නෑ මෙහේ දෙමලු හිටියයි කියලා.:yes:

    හරි බන් ශිවත් මෙහෙ ශිවගෙ ගෑනිත් මෙහෙ, රාවණත් මෙහෙ...රාවණ හින්දු ආගම අදහපු එකෙන්, ඉවරයි සරලයි.. රාමත් මෙහෙ රාමගෙ ගෑනිත් මෙහෙ ඉවරනෙ..සරලම සරලයි.. :yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි බන් ශිවත් මෙහෙ ශිවගෙ ගෑනිත් මෙහෙ, රාවණත් මෙහෙ...රාවණ හින්දු ආගම අදහපු එකෙන්, ඉවරයි සරලයි.. රාමත් මෙහෙ රාමගෙ ගෑනිත් මෙහෙ ඉවරනෙ..සරලම සරලයි.. :yes::yes:

    දැන් නම් ඇති වගේ බන්....වැඩක් නෑ නේ...ඔක්කොම මෙහෙ....අපි මොකටද ? :rolleyes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,136
    1
    61,435
    113
    Mother Earth
    ලොක්ක ප්‍රශ්න වගයක් තියනවා...

    1. මේ සෙල් ලිපි කොයි කාලේද බන් ලියවිලා තියෙන්නේ ?
    ගල් යුගයේ
    2. වාල්මිකීගේ පොත් පිංච ලිව්වේ කොයි කාලේද ?
    වහල් යුගයේ
    3. රාවනා හිටියේ කොයි කාලේද ?
    1942 ජපන්නු කොළබට බෝම්බ දාන කාලෙ.
    4. ඒ කාලේ හිටිය මිනිස්සු හැඳින්නුවේ මොන නමින්ද ?
    පොන්නලු
    5. ඒ රාවනා සහ මේ රාවනා හැර වෙනත් රාවනාලා සිටිය හැකිද ?
    ඕන තරම්.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕව රාම ලියල ගියා වෙන්ඩ බැරිද, :rofl::rofl:

    ප්‍රභාකරන් මහින්ද ගැන සෙල්ලිපි ලියයිද ???? :P:P:Pබ්‍රාහ්මීය අක්ෂර සහිත ලිපි බහුතර ක්‍රි.පූ යුගයෙන් එහාට තමයි දිවයන්නේ..මේක පුරාවිද්යාව දන්න ඔන කෙනෙක් දන්න දෙයක්..:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් ඇති වගේ බන්....වැඩක් නෑ නේ...ඔක්කොම මෙහෙ....අපි මොකටද ? :rolleyes:

    :yes::yes:ඒක ඇත්ත , රාවණ කරල තියෙන්නෙ එහා ගමේ උන්න ගෑනියක් උස්සන් ඇවිල්ල, රාම කියන එහා ගමේ එකා මේ ගමට ඇවිල්ල රාවණට ගහල ගැනිව අරන් ගිහින්,...

    අදටත් ඕව මේ රටේ වෙනවනෙ මචෝ..ඒක හින්ද පුදුම වෙන්ඩ දේකුත් නෙමේ.. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රභාකරන් මහින්ද ගැන සෙල්ලිපි ලියයිද ???? :P:P:Pබ්‍රාහ්මීය අක්ෂර සහිත ලිපි බහුතර ක්‍රි.පූ යුගයෙන් එහාට තමයි දිවයන්නේ..මේක පුරාවිද්යාව දන්න ඔන කෙනෙක් දන්න දෙයක්..:yes:

    කාල නිර්ණයක් නැතුව පිලි ගන්ඩ බැ බන්,.කවුද දන්නෙ අර නිස්සoකමල්ල රජ්ජුරුවො හැම තැනම කොට කොටා යද්දි ඕවත් කෙටුවද කියල..අනික මේ එකම රටේ උන්න උන් ගෑනියෙක් බෙදාගන්ඩ බැරුව දැගලුව කියල සෙල්ලිපි ලියන එක මහ නව නින්දාවක්...:sorry::sorry::yes:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිහිදු හිමි අකුරුකලාව මෙරටට ගෙනත් නැතිබව විද්යාත්මකව හෙලිවෙයි.එතකොට කවුද ගෙනාවේ?:shocked:

    49461686_786879381644791_749806607327559680_n.jpg


    1996 දී ලංකාව විල්ස් ලෝක කුසලානය දිනාගන්නා තෙක් ඇතැම් ලෝකවාසීන් ලංකාව කියා රටක් ඇත්දැයිවත් දැන සිටියේ නැත. ලෝක සිතියමේ වූ මේ කුඩා තිතක් සම ලංකාව ඔවුන්ට වටිනාකමක් ඇති බිමක් ලෙස හැඟුණේ නැත. එහෙත් මතක හිටින්නට යමක් කරන්නට ලොකු පොඩි කතා, දුප්පත් පොහොසත් කතා, කිසිදු විටක බලනොපාන වග කියන්නට අප ළඟ අපමණ හේතු සාධක ඇත. ඉන් එකක් ලෙස බොහෝ අභිමානයෙන් ලංකාවේ පුරාවිද්‍යා සොයා ගැනීමක් නම් කළ හැකි බව පවසා සිටිමු.

    මීට අවුරුදු එකසිය විසිපහකට පෙර ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්. සී. පී. බෙල් මහතා විසින් ආරම්භ කරන ලද ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශය අභිමානවත් සොයාගැනීම පිළිබඳ අද ලංකාව පමණක් නොව ලෝක ඉතිහාසය පුදුම වෙමින් පවතී.

    ඔබ ශ්‍රී ලාංකිකයෙක් ද? ඔබ ඉතිහාසයට පෙම් බඳින්නෙක් ද? එසේ නම් අසනු මැන ඔබට ඔබේ හදවත ආඩම්බරයෙන් පුරවාගත හැකි ඒ අරුම පුදුම ඓතිහාසික සොයාගැනීම පිළිබඳව.

    පුංචි දවස්වල අපි ඉගෙන ගත් ඉතිහාසයේ වූයේ අපිට සංස්කෘතියක්, ආගමක්, කලාශිල්ප, අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනය සමඟ ය. එය ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් අප හට ලබා දුන් ත්‍යාගයක් බව ය. ඒ එදා ය. ඒත් අද වනවිට ඒ ඉතිහාස පාඩම් අමතක කළ යුතු ව ඇත. මහාවංසයට ද තම ඉතිහාසය යළි ලියවාගත යුතු කාලය උදා වී ඇත. මන්ද අපිට අක්ෂර කලාව ලැබුණේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ නොව, එය ඊට වසර තුන්සියයකට පෙර ද මෙරට තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති හෙයිනි.

    අපි ඔබෙන් එක් ප්‍රශ්නයක් අසමු. ඔබ කවදාහරි අනුරාධපුරයට ගිහින් තිබේ ද? එහි පිළිතුර "ඔව්" නම් එහි දෙවන පැනය ලෙස ඔබ කවදාහරි අනුරාධපුරයේ ඇතුළු නුවරට ගිහින් තිබේ ද? එහි උත්තරය බහුතරයකගේ ම "නෑ" යන්න බව අපි දනිමු. ඊයේ නොගිය ද අදින් පසු අනුරාධපුරයට යන ඔබට ඇතුළු නුවර නම් වූ ඒ අප රටේ පමණක් නොව, දකුණු ආසියාතික මානව ශිෂ්ඨාචාරය ම පුදුම කළ ඒ බිමට ගොස් එහි උරුමය මනසින් විඳිනා ලෙස ආයාචනා කරමු.

    ක්‍රි. පූ. තුන්වැනි සියවසේ දී මෙරට පාලකයා වු දේවානම්පියතිස්ස රජු වෙතට තම මිත්‍රත්වය පිළිබිඹු කිරීමේ ත්‍යාගයක් ලෙස ධර්මාශෝක රජු විසින් බුදුදහම එව්වේය. ඒ සමඟ මෙරට සංස්කෘතික උරුමයන් ස්ථාපිත විය. මේ අපි උගත් ඉතිහාසය යි. ඒ අනුව අක්ෂර කලාව ද මෙටට දායාද වූ වග යි. මන්ද, බ්‍රාහ්මී අක්ෂර කලාව ධර්මාශෝක රජු යුගයේ දී ඉන්දියාවේ ඇති වූවක් බවට ඉන්දියාව ද පිළිගෙන තිබිණි. එහෙත් මෙරට පුරාවිද්‍යාඥයන්ට එම කතාව බොරු කරන්නට හැකි වූයේ මීට අවුරුදු විසි හතකට එහා දිනයක දී ය. ඒත් ඒ ඇත්ත පිළිගන්නට ඉන්දියාව මැළි වූවේ ඊට සමාන පුරාවිද්‍යාත්මක සාධක ඔවුන්ගේ බිමේ නොමැති වීම හේතුවෙන් ය. ඔවුන් අවුරුදු විසි හතක් පුරා බලා වුන්නේ අප ඉදිරිපත් කළ මතය සනාථ කරන්නට හෝ බිඳ දමන්නට හැකි සාධකයක් ලැබෙන තෙක් ය. සියල්ල කාලයා විසඳුවේ ය. ලොව හොඳ ම විසඳුම් දෙන්නා කාලය වග තවත් වරක් සනාථ කරන්නට හැකි සාධක භාරත දේශයෙන් ද හමු විය. දැන් අපි එම විප්ලවයේ පර්යේෂණ බළකායේ ප්‍රබලයන් සේ ම ප්‍රථමස්ථානය ද දිනාගෙන අවසන ය.

    ඒ විප්ලවයේ මුල, මැද, අග පවසන්නේ නම් එය මෙසේ සිදු විය. ඒ පිළිබඳ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන හා නාණක විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා කරුණු දක්වාලමින් සිටියේ මෙසේ ය.

    මීට වසර විසිහතකට එහා ගිය දිනක මෙරට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේ ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහතා ය. ඔහු තම දෙපාර්තමේන්තු නිලධාරින්ට හැම විට ම නිසි ක්‍රමවේදයකින් යුතු ව පර්යේෂණ කටයුතු සිදු කිරීමට ඇවැසි උපරිම සහාය ලබා දුන්නේ ය. ඒ අනුව එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් උපදේශක තනතුර දැරූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා යටතේ වන පර්යේෂණ කණ්ඩායමක් අනුරාධපුර ඇතුළු නුවර කැණීමක් ආරම්භ කරන්නට විය.

    එම කැණීම් ක්‍රියාවලිය කැණීම් දහතුනකින් සමන්විත විය. ඒ වන විට ඇතුළු නුවර සල්ගහවත්ත කැණීම්, මහා පාලි දාන ශාලාව ආදි කැණීම් ක්‍රියාත්මක විය. මෙම කැණීම්වල දී එහි මතුපිට ස්තරය අඩි තිහක් යටට යනතුරු ම සංස්කෘතික සාධක හමුවන්නට විය. එසේ හමුවන සියලූ සාධකවල කාල නිර්ණය කිරීම සඳහා එම ස්ථර සතු අඟුරු සාම්පල් කාබන් 14 කාල නිර්ණයට ද යොමු කෙරිණි.

    මෙම කැණීමේ පහළ ම ස්ථරය කි. පූ. 900 දක්වා අතීතයකට අයත් බවට පැහැදිලි සාක්ෂි ලැබිණි. මේ සාධක අතර විවිධ සංස්කෘතික අවධීන්ට අයත් සාධක රැසක් හෙළිදරවු වන්නට විය. ඒ අනුව ලෝහමය ඇණ, උසස් තත්ත්වයේ මැටි බඳුන්, ගවයා භාවිත වූ බවට සාධක මෙරට අශ්වයන් සිටි බවට අශ්ව දත්, එසේම එපමණ අතීතයක දී මෙරට ධාන්‍ය වගාව වූ බවට සාධක ද ලැබිණි.

    මේ ඇතුළු නුවර කළ පර්යේෂණ අනුව මුල් ම කාලයේ දී ඇතුළු නුවර අක්කර 35 - 65 ක පමණ වපසරියක් තුළ ව්‍යාප්ත වූ ගම්මානයක් ලෙස ද, එය කි. පූ. 700 පමණ වන විට අක්කර 25 ක් පමණ ද කි. පූ. තුන්වැනි සියවස වන විට එනම්, දේවානම්පියතිස්ස රාජ යුගය වන විට අක්කර දෙසිය පනහක් පමණට ව්‍යාප්ත ව තිබිණි. එය ඉන්දියාවේ නගර සමඟ සසඳන්නේ නම්, උතුරු ඉන්දියාවේ පිහිටා ඇති උජ්ජෙනි හෙවත් උදේනි නගරයට සමාන තත්ත්වයට වර්ධනය වී තිබිණි. එසේම එය තවත් පසුකාලීන වන විට ඉන්දියාවේ දෙවැනි නගරය ලෙස සලකන කෞෂම්බි නගරයේ බලපෑමට ද ලක් වී ඇත.

    එපමණට දියුණු තත්ත්වයක පැවැති අනුරාධපුර ඇතුළු නුවරින් හමු වූ අප්‍රමාණ පුරාවිද්‍යා සාධකය හමු විය. එය වළං කටු කැබැල්ලකි. එය හමු වූයේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් හා කෞතුකාගාර සේවක එසේම කැණීම් කටයුතු භාර ව සිටි පසු කලෙක ලංකාවේ විශිෂ්ටතම පස් ස්ථර සොයා ගැනීමේ විශේෂඥයා වූ ඇල්ෆ්‍රඩ් ද මෙල් අතට ය. එදවස ඔහුගේ ගුරුවරයා වූ මඟ පෙන්වන්නා වූ ආචාර්ය සිරාන් දැරණියගල නම් විශිෂ්ටයා හැම විට ම කැණීම් බිමේ රැදී සිටිමින් පර්යේෂණ මෙහෙය වූ අතර, ඇල්‍ෆ්‍රඩ් ද මෙල් තම ගුරුවරයාට එම වළං කටු කැබැල්ල පිළිබඳ දැනුම් දුන්නේ ය. එය නිරීක්ෂණය කළ ආචාර්ය සිරාන් දැරණියගල මෙහි වූ අක්ෂර හා තාක්ෂණවේදය පර්යේෂණයට බඳුන් කළේය.

    ඔහු සතු වූ විශිෂ්ට දැනුම් පරාසය අනුව මෙම වළං කටු කැබැල්ල විශේෂ වුවක් වග දැන එය කාබන් කාල නිර්ණයට යොමු කළේය. ඒ අනුව ලැබූ ප්‍රතිඵලය නම් මෙම අක්ෂර සහිත වළං කටු කැබැල්ල හෙවත් මැටි බඳුන් කැබැල්ල මෙරට ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වීම ය. ලංකාවේ ඓතිහාසික යුගය ආරම්භ වූයේ කි. පූ. තුන්වැනි සියවසේ සිට යැයි තිබූ මතය බිඳ හෙළමින්, මෙරට ඓතිහාසික යුගය කි.පූ. හයවැනි සියවස දක්වා දිවයන බව සනාථ කරන්නට ඒ අනුව හැකි විය.

    "බිය අනුරධ" නම් භ්‍රාහ්මී අක්ෂර සහිත එම මැටි බඳුන් කැබැල්ල කි. පූ. හය වැනි සියවස හෙවත් කි. පූ. 600 ට පමණ අයත් වග තහවුරු විය. එහි විශේෂත්වය වූයේ ඓතිහාසික යුගය ආරම්භය තීරණය කරනු ලබන්නේ අක්ෂර භාවිතය ඇරැඹීමත් සමඟ වීම ය. මේ අනුව අක්ෂර භාවිතය මෙරට මීටත් පෙර සිට සිදු වූ බව මේ ඔස්සේ තහවුරු වීමත් සමඟ එය මෙම ඓතිහාසික යුගය තවත් අතීතයට රැගෙන යන්නට විය.

    ඉතා කෙටියෙන් සරල ව ප්‍රකාශ කළහොත්, අප මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු සමයේ දී අශෝක රජුගේ අනුග්‍රහයෙන් මෙරටට ගෙන ආ බවට සැලකූ අක්ෂර කලාව, මිහිඳු හිමිත්, දේවානම්පියතිස්ස රජුත්, ධර්මාශෝක රජුත් ඉපදෙන්නට පෙර සිට ම මෙරට භාවිත වූ බව සක්සුදක් සේ තහවුරු වීම ය. එනම්, බුදුන් වහන්සේ ජීවමාන ව සිටි යුගය වන විටත්, ලංකාවේ විසූ ආදි මුතුන්මිත්තන් අක්ෂර භාවිත කර තිබූ බවට තහවුරු වීම යි.

    ආචාර්ය සිරාන් දැරණියගල තම පර්යේෂණ තවදුරටත් නිවැරදි කර ගැනීම උදෙසා එංගලන්තයේ පුරාවිද්‍යාඥයින් වූ එෆ්. ආර්. ඔල්ඩිං ප්‍රමුඛ රොබින් කනින්හැම් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් කැණීම් කොට පරීක්ෂණ පවත්වන්නට විය. ඒ අනුව ඔවුන්ට ද පෙර දී ලද වළං කටුවේ කාලයට ම අයත් ස්ථරවලින් භ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබලි ලැබීමත් සමඟ ඒවා කි. පූ. 450 දක්වා කාලයට අයත්වන බව ය. තවත් එවැනි අක්ෂර සහිත වළං කටු කැබලි අටක් මෙම ඇතුළු නුවරින් සොයා ගැනිණි.

    මේ පිළිබඳ ව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එවකට ඉන්දියාවේ අක්ෂර පිළිබඳ විශිෂ්ටතමයා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා මහාචාර්ය ඉරවදන් මහාදේවන් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවෙන් ද මේ යුගයට අයත් එවන් සාධක ලැබෙන තෙක් ලංකාවේ පර්යේෂණ ප්‍රතිඵල පිළිගත නොහැකි බව ය.

    එහෙත් මේ බව කාලයත් සමඟ බොහෝ දෙනකුට අමතක ව ගිය සිදුවීමක් ව තිබිණි. පසුගියදා ඒ සත්‍යයම වැලි පිසලා නැගිට්ටේය. ඒ අප ඒ හපන්කම කොට අවුරුදු විසිහතකට පසු ය. ඉන්දියාවේ පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. රාජන් විසින් තමිල්නාඩුවේ කොන්ගු ප්‍රදේශයේ වූ කොඩුමනල් හා පෙරුන්තාල් නමැති මෙගලිතික සුසාන කැණීමෙන් භ්‍රාහ්මී අක්ෂර සහිත වළං කටු කැබලි සොයා ගනු ලැබිණි.

    ඒ අනුව ඔවුන් ඒවා කාල නිර්ණය කළ අතර, එම මැටි බඳුන් කැබලි කි. පූ. 490 දක්වා කාලයට අයත් බව පිළිගැනිණි. ඒ අනුව මහාචාර්ය රාජන් විසින් ලංකාව කළ පර්යේෂණයේ වටිනාකම තහවුරු කරන ලදි. මහාචාර්ය ඉරවදන් මහාදේවන්ගේ විශ්වාසය ද තහවුරු විය. දැන් දකුණු ආසියාව ම පිළිගනු ලබන්නේ ධර්මාශෝක අධිරාජ්යයාට පෙර සිට බුදුන් වහන්සේගේ කාලයේ සිට ලංකාවත් ඉන්දියාවත් හ්‍රාහ්මී අක්ෂර කලාව පවත්වාගෙන ගිය බව ය.

    මෙවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද "Anciant Ceylon" අංක 24 කලාපයට ලිපියක් යොමු කරමින් නාමල් කොඩිතුවක්කු මහතා මේ බව ප්‍රකාශයට පත් කොට ඇත. එසේම මේ බිමේ කළ පර්යේෂණ වෙනුවෙන් තම දහඩිය හෙළු සියලූ කම්කරුවන්, පර්යේෂණ නිලධාරින් ඇතුළු පිරිසකට ද හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සිරාන් දැරණියගල මහතා තම ස්තුතිය පුද කර සිටින්නේ ය. එසේම නාමල් කොඩිතුවක්කු මහතා යෝජනා කර සිටින්නේ මෙවන් අමිල උරුමයන් සහිත ඇතුළු නුවර භූමිය පුරාවිද්‍යා ආඥා පනත යටතේ සීමාවන් යොදා ආරක්ෂා කළ යුතු බව යි.

    කවුරුත් සුළුවට සැලකූ ලංකාව අද දකුණු ආසියානු ඓතිහාසික යුගය තවත් අතීතයකට රැගෙන යන්නා වූ ඒ මහා විප්ලවයේ පූර්ව ප්‍රකාශයන් ව අවසන් ය.

    ඒ මහා විප්ලවයේ ඉදිරි කටයුතු සිදු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භාරදූර වගකීම් ද වන්නේ ය. එතෙක් ලංකාවේත්, ඉන්දියාවේත් අතීතය සොයා යන පුරාවිද්‍යාඥයනි, ඔබට අප "මව්බිමේ" සැබෑ උත්තමාචාරය පිළිගන්වා සිටිමු.


    ------------------මෙයට වසර 27කට පෙර, එවකට සිටි පුරාවීද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ශිලා ලේඛණ හා නාණක විද්‍යා අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු යන මහතුන් කරන ලද කැණීමක් ඇසුරෙන් සඳරෑසි සුදුසිංහ මහත්මිය විසින් සකසන ලද ලිපියකි. - 2015 ජූලි මස 19 වෙනි දින මව්බිම පුවත්පත---------------

    :D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය මැටි හට්ටිය ඉන්දියාවෙන් ගෙනාව වෙන්ඩම බැරිද, ලoකාවෙ තියල චීන බඩු හම්බ වෙන්නෙ, ඒවත් මෙහෙ හදලද නැනෙ චිනෙන් ගෙනාපුව ඒ වගේ මැටි හටිටිය ඉන්දියාවෙන් ගෙනාව නැ කියල කියන්නෙ කොහොමද..:rolleyes::rolleyes:


     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය මැටි හට්ටිය ඉන්දියාවෙන් ගෙනාව වෙන්ඩම බැරිද, ලoකාවෙ තියල චීන බඩු හම්බ වෙන්නෙ, ඒවත් මෙහෙ හදලද නැනෙ චිනෙන් ගෙනාපුව ඒ වගේ මැටි හටිටිය ඉන්දියාවෙන් ගෙනාව නැ කියල කියන්නෙ කොහොමද..:rolleyes::rolleyes:



    කොහොමද කියන්නේ උබේ තාත්තා ලoකාවේ කියලා
    ? ඉන්දියාවේ වෙන්න බැරිද ?:rolleyes::rolleyes::rolleyes::D
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    කස්ටිය සැලෙන්ඩර් උනා නේද sj91ගේ ආගමනයත් සමග.....:rolleyes::rolleyes::rolleyes:

    අර උඹ එකපාරක් අයිස්ලන්ඩ් ඔෆ්ද උලව්වක් කියලා පොතක් උස්සං ඇවිල්ලා චාටර් උනා වගේද ?
    එතකොට දැං සුද්දො හොඳයිද උඹට ?
     

    Similar threads