බුද්ධි_අංශ_ආරක්ෂාව

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බුද්ධි_අංශ_ආරක්ෂාව

    ආරක්ෂාව සම්බන්ධයෙන් යැවු ලිපියක් ගැන විමර්ශනයක්

    පාස්කු ඉරිදා එල්ලවූ ආකාරයේ ප්‍රහාරයක් යලි එල්ලවීමේ හැකියාවක් ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවන ආරක්ෂාවට සම්බන්ධ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    ඔක්තෝම්බර් 02 වෙනිදා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සනින් යුතුව කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක් වෙත මෙම ලිපිය නිකුත් කර ඇති බවයි දැක්වෙන්නේ.

    එම ලිපියෙහි අඩංගු කරුණු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති වාතාවරණයක් තුල මෙම ලිපිය යොමු කර ඇති අතර, ඒ අනුව එම ලිපිය පිළිබඳවත් එම ලිපිය යොමු කරන ලද නිලධාරින් සම්බන්ධයෙන් සහ යම්කිසි කඩාකප්පල්කාරී තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් එම ලිපිය යොමු කරනු ලැබුවද යන්න සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන එම ලිපිය පහතින්

    qq.jpg


    http://nethnews.lk/article/70842
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙහෙම ප්‍රසිද්ද වුනොත් ගහන එකා කොහොමත් පරිස්සම් වෙනවා නේ
    මේවා ලීක් කරන එකා හොයාගන්න ක්‍රමයක් නැද්ද