බුද්ධ චරිතයෙන් ඔබේ දිවියට.

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බුද්ධ චරිතයෙන් ඔබේ දිවියට.

    මේක මට එව්වෙ මෙන්න මේ මුහුණුපොත් සමූහයේ සාමාජිකාවක්.(නම කියන්න ඕන නෑනේ?)
    http://www.facebook.com/group.php?gid=107024734673




    තම රූපයට බුදුරජාණන් වහන්සේ නිග්රහ කරන ලදැයි මාගන්ධියා බැමිණි දුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි උරණ වූවාය. ඕ ධූර්තයන්ට අත්ලස් දී කොසඹෑ නුවරට වැඩි බුදුරජාණන් වහන්සේ ට අසභ්ය ලෙස බැණ වදිමින් හිංසා කිරීමට පෙළඹුවාය. මේ හිරිහැරවලින් මිදීම සඳහා මෙනුවර හැර වෙනත් ප්රදේශයකට යමුයි ආනන්ඳ තෙරණුවන් කියා සිටියදීත් බුදුරජාණන් වහන්සේ කිසිත් කම්පාවට පත් නොවී ශාන්තව ඒ සියල්ල ඉවසා සිටියහ.

    මිනිස් කමත්,චාම් සරල ජීවිතයත්, උසස් චින්තනයත් අගය කළ බුදුරජාණන් වහන්සේ සාධාරණයට ගරු කළහ. සමානාත්මතා ගුණයෙන් යුක්ත වු සේක. රාහුල කුමරුන්ටත් දෙව්දත් තෙරුන්ටත් බුදුරදුන් තුළ පැවතියේ සමාන වූ මෛත්රයකි. කුල භේද නොසලකා සුදුස්සාට සුදුසු තැන ලබාදීමට උන්වහන්සේ ඉදිරිපත්වූහ. කිසිවිටෙකත් අගතිගමී නොවූහ. වරක් අම්බපාලි නම් නගර ශෝභනිය සිය නිවසේ දානයට වඩිනා ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළාය. බුදුරදුන් එම ආරාධනය පිළිගෙන තිබියදී විශාලා මහනුවර ලිච්ඡවි රජවරු ද බුදුරජාණන් වහන්සේට දානට සඳහා ආරාධනා කළාහ. එහෙත් ලිච්ඡවීන්ගේ ආරාධනය භාරනොගත් බුදුරජාණන් වහන්සේ අම්බපාලියගේ දානයට වැඩම කළහ.

    නිරහංකාර භාවය බුදුරජාණන් වහන්සේ තුළ වැවති උදාර මිනිස් ගුණයකි. කිඹුල්වත් නුවර පිය රජු හා ඥාතින් දැකීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේ පිරිවරි දහවල් දානය සඳහා පිඬු සිඟා වැඩියහ. මේ අසා ලැජ්ජාවට පත් වූ සුදෝවුන් රජතුමා ස්වාමිනී, අපගේ වංශයේ අය කිසිදිනක සිඟා ඇවිද්දෝ නොවෙති. එබැවින් මෙසේ සිඟා වැඩීමෙන් අපගේ මහා සම්මත රජ පවුලට නින්දා අපහාස නොපමුණු වන්නැයි ඉල්ලා සිටියේය. එහෙත් රජතුමාට කරුණු පැහැදිලි කර දුන් බුදුරජාණන් වහන්සේ ඒ පිළිවෙත අත් නොහළහ. වරක් ගොසිංහ වනය අසලින් වඩිනා බුදුරජාණන් වහන්සේට එම උයනට පිවිසීමට සිත් විය. උයනේ දොරටුව අසලට වැඩම කළේ බුදුරජාණන් වහන්සේ බව හඳුනා නොගත් දොරටු පාලකයා ඒ සඳහා බුදුරජාණන් වහන්සේට අවසර නොදුන්හ. තමන් බුදුරදුන් යැයි පවසා උයනට ඇතුළු වීමට උත්සාහ නොගත් බුදුරජාණන් වහන්සේ නිසි අවසරය ලැබෙන තුරු නිහතමානීව දොරටුව අසලට වී ඉවසා සිටියහ.

    යමෙකුගේ දක්ෂතාත්, උසස් වීමත් දැක සතුටු වන මිනිසුන් ඉතා අල්පය. මේ උතුම් මිනිස් ගුණය ද බුදුරජාණන් වහන්සේ තුළ නොඅඩු පැවතුනි. වංශය ,කුලය තමන්ගේ කම ආදිය නොසලකා දක්ෂතා ඇති ශ්රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ප්රශංසාවට ලක් වූහ. වරක් නන්දක ඔබ ඉතා මැනවින් ධර්ම දේශණා කළා, යනුවෙන් ප්රසංශා කළහ.

    සියලු සත්ව ප්රජාව කෙරෙහි බුදුරජාණන් වහන්සේ ක්රියා කළේ සැබෑ උතුම් මිනිසෙකු ලෙසිනි. උසස් මිනිසා නම් කවරෙක්ද, කිනම් ගුණාංග දියුණු කරගත් තැනැත්තා උතුම් මිනිසෙකු වේද යන්න බුදුරජාණන් වහන්සේ අදර්ශයෙන් ම ලොවට හෙලි කළහ. අපිද උන්වහන්සේ අනුව යමින් උතුම් මිනිස් ගුණ අපේ ජීවිත වලට සම්බන්ධ කර ගනිමු.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හොද පණිවිඩයක්.

    අට ලෝ දහමින් කම්පා නොවී සිටීම බුදුන් වහන්සේගේ උතුම් ලක්ෂණයක්. අපහාස කරද්දිත් ප්‍රශංසා කරද්දිත් එක විදිහටමයි බාර ගන්නෙ. වරක් උන් වහන්සේ හමුවට පැමිණි අන්‍යාගමික බමුණෙක් කැත විදිහට බැන්නා. උන්වහන්සේ ඒ බමුණගෙන් ඇහුවා තමුන් කෙනෙකුගෙ ගෙදරට ගෙනිහින් දුන්නු තෑගි බෝග ඒ අය ගත්තෙ නැත්නම් මොකද කරන්නෙ කියල. ඒව මමම බාර ගන්නවා කියල බමුණ කිව්වා. ඔබේ අපවාද මම බාර ගන්නෙ නැහැ. ඒවා ඔබම බාර ගන්න කියල බුදුන් වහන්සෙ වදාළා.

    අපේ ජීවිතවලටත් මේවයින් ටික ටික හරි පුරුදු කරගන්න පුලුවන්නම් කොච්චර වටිනවද? අපහාසනම් මෙහෙ නිතරම කෙරෙනවනෙ. ඔය විදිහට ඉන්න පුරුදු වෙන්න ඕනෙ.:lol:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මමත් දැන් හිතා ගත්ත එලකිරි එකේදිත් මේවා පිලිපදින්න.
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    බොහොම පින් මිතුර, මේ කරුණු පල කිරීම ගැන... :)

    මමත් දැන් හිතා ගත්ත එලකිරි එකේදිත් මේවා පිලිපදින්න.

    ඉතා වටිනා අදහසක්...

    තෙරුවන් සරණයි!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මමත් දැන් හිතා ගත්ත එලකිරි එකේදිත් මේවා පිලිපදින්න.

    ඔන්න ධම්මානුසාරී ශ්‍රාවකයගෙ ලක්ෂණ. :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔන්න ධම්මානුසාරී ශ්‍රාවකයගෙ ලක්ෂණ. :yes:


    මගෙ කටින් එක එක ඒව පනින්න යනව. ඒත් මම ඒ අදහස් මැඩගෙන ඉන්නව.:nerd: