Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහි සදහන් බහුතරයක් කරුණු සමග මම එකග වෙනවා. නමුත් ඇතැම් කරුණු ඔබ පවසා ඇති පරිදිම සිදු වූ බව නිශ්චිතවම පැවසිය නොහැකියි. මෙය කියවන කෙනෙක් ඒ කරුණුම සත්‍ය යැයි සිතා මුළා වීම වැළක්වීම උදෙසා මේ කරුණු ටික කියන්නම්.

පළමු කරුණ නම් මහාවීර ජෛන ආගමේ නිර්මාතෘ නොවීමයි. මහාවීර විසින් ජෛන ආගම තත්කාලීන සමාජය තුළ ප්‍රචලිත කරනු ලැබීය. ජෛන ආගමේ දී ජෛන දහම දේශනා කළ ජෛන ශාස්තෘවරු 23 දෙනෙක් පිළිබද කියැවේ.24 වෙනියා ලෙස මහාවීර හදුන්වනු ලබයි. මෙය බුද්ධාගමේ අටවිසි බුදුවරුන්ගේ සංකල්පයට සමානය. නමුත් බුදු දහමේ දි බුදුවරු පහළ වන කාල පරාසය කල්ප ගණනින් වෙන් කර ඇත. එනම් අතිදීර්ඝය. එහෙත් ජෛන දහමෙහි දි ශාස්තෘවරු පහළ වීමට එතරම් දීර්ඝ කාලයක් ගත වී නොමැත. මහාවීර (නිගණ්ඨ නාථ) පහළ වන්නේ ඔහුට පෙර සිටි "පාර්ශ්වනාථ" නම් ජෛන ශාස්තෘවරයාගේ අභාවයෙන් වසර 250ක් ඉක්ම ගිය පසුවය.

එසේ නම් නිගණ්ඨ නාථට පෙර සිටම ජෛන ආගම පැවතියේ ද? ඔව් පැවති බවට සාධක පවති. මොනවද ඒ සාධක? එහිලා පැරනිතම සාධකය ඍග් වේදයෙන් හමුවේ. එනම් ජෛන ආගමේ සූවිසි තීර්ථංකරයන්ගෙන් ආදිතමයා වන ඍෂභදේව පිළිබදව ඍග්වේදයේ සදහන් වීමයි(10 වන මණ්ඩලයේ 12 වන් සූක්තයේ 166 වන ඍච් එක) එසේම තවත් වැදගත් සාධකයක් වන්නේ විෂ්ණු පුරාණය තුළ ද ඔහු පිළිබද සදහන් වීමයි. ඊටත් එහා අතීතයට ගිය කල්හි මොහෙන්ජෝදාරෝ සහ හරප්පා කැනීම් වලදි හමු වූ නිරුවත් මානව රූප වලට අයිතිවාසිකම් කියන්නට හැකි එකම භාරතීය ආගම ජෛන ආගම වීමද සුළුවෙන් තැකිය හැකි නොවේ.

දෙවන කරුණ නම් මහාවීර අවබෝධ කර ගත්තා යැයි පැවසෙන "කේවල් ධ්‍යානය" වනාහී ප්‍රථම ධ්‍යානය යැයි හැදින් වීමයි. සම්පූර්ණයෙන්ම සාවධ්‍ය මතයක් යයි සිතමි. මන්ද යත්, ජෛන ආගම තුළ කේවළ ධ්‍යානය/ ඥානය යනු සත්‍යය, දණ්ඩනය, ආත්ම දමනයේ හා දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ උපරිම තලයට ලගාවීම ලෙස හදුන්වා තිබීමයි. ප්‍රථම ධ්‍යානය ලබා ගනීමට දැඩි වෘත අනුගමනය කළ යුතු නොවන බව පැහැදිලිය. එකල ප්‍රථම ධ්‍යානය ලැබූ ඍෂිවරු විශාල වශයෙන් විසූ බව බෞද්ධ කෘති තුළින් වුව පැහැදිළි වේ. උද්දකරාම පුත්තාදීහූ වූ කලී නේවසංඤ්ඤානාඤ්ඤායතනය වැනි අරූපාවචර ධ්‍යාන පවා උපදවාගෙන සිටි ඇදුරෝය. කේවල ඥානය වූ ජෛන ආගමට ආවේනික වූවකි. බෞද්ධයන්ට බුද්ධත්වය යම්සේ ද ජෛනයන්ට කේවල ඥානය එබදුය.

තෙවැනි කරුණ නම් ජෛන ආගම තුල අවිහිංසාවාදය පමණක් අතීතයේ පැවති බව පැවසීම හා පසු කාලීනව කර්මය හා ආත්මය පිළිබද සංකල්ප පහළ වූ බව පැවසීමයි. මේ පිළිබද් පවසීමට ගියහොත් මෙය දීර්ඝ වෙන බැවින් කරුණු කිහිපයක් පමණක් කියමි. ජෛන තවුසන් කෙළෙස් තවන කතා කොතෙකුත් බෞද්ධ ග්රන්ථ තුළ හමුවේ. කෙලෙස් (කර්මයෝ) තැවීම ලෙස ඔවුන් අනුගමනය කලේ අත්තකිලමතානු යෝගයයි. කර්මයක් විශ්වාස නොකලේ නම් ශරීරයට අධික දුක් දෙමින් පෙර කළ කර්ම තැවීමට ඔවුහු උත්සහ කළේ ඇයි? ආත්මයක් පිළිබද ඔවුන් විශ්වාස නොකළේ නම් විමුක්තිය ලගා කර ගන්නේ කුමක් සදහාද?

සතර වෙනි කරුණ නම් ජෛන පිටක ග්රන්ථයෝ ඔබ සිතන තරම් පශ්චාත් කාලීන නැත. චන්ද්‍රගුප්ත රජ දවස ජෛන ධර්ම සංගායනාවක් පැවතියහ. එහිදී ජෛන ධර්මය ග්රන්ථ 14කට අඩංගු කළහ. චන්ද්‍ර ගුප්ත වූ කලී අශෝක රජුගේ සීයා ය. අශෝක රජ දවස පැවැත් වූ 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විය. (ඊට පෙර භාණක පරපුර පැවතියහ. බෞද්ධයෝ පමණක් නොව සෑම ආගමක්ම පාහේ මුව පරම්පරාවෙන් ස්වකීය ලබ්ධිය රැගෙන ආහ.) එසේනම් ත්‍රිපිටකය අංග සම්පූරණ වීමට පෙර ජෛන ආගමේ ද එක් සංගායනාවක් තබා ග්රන්ථ සම්පාදනයක් කර තිබේ.

මේ ආදි වශයෙන් කිව යුතු දෑ බොහෝ වුව මෙතකින් නිමා කරමි. නිර්වස්ත්‍ර වූ නිගණ්ඨයන්ගේ හෙළුව වැසීමට මට ඇවැසි නැති මුත්, යථාර්ථය පිළිගත යුතුව ඇත. බුදු දහම හා ජෛන ආගමෙහි හර පද්ධතිය එකිනෙකට වෙනස්ය. නමුත් ඒ දර්ශනවාද දෙකෙහි වූ ඇතැම් කරුණු එකිනෙකට මුසුවී ඇත.

[QUOTE="shadow134, post: 25689166, member: 575543"] මෙහි සදහන් බහුතරයක් කරුණු සමග මම එකග වෙනවා. නමුත් ඇතැම් කරුණු ඔබ පවසා ඇති පරිදිම සිදු වූ බව නිශ්චිතවම පැවසිය නොහැකියි. මෙය කියවන කෙනෙක් ඒ කරුණුම සත්‍ය යැයි සිතා මුළා වීම වැළක්වීම උදෙසා මේ කරුණු ටික කියන්නම්. පළමු කරුණ නම් මහාවීර ජෛන ආගමේ නිර්මාතෘ නොවීමයි. මහාවීර විසින් ජෛන ආගම තත්කාලීන සමාජය තුළ ප්‍රචලිත කරනු ලැබීය. ජෛන ආගමේ දී ජෛන දහම දේශනා කළ ජෛන ශාස්තෘවරු 23 දෙනෙක් පිළිබද කියැවේ.24 වෙනියා ලෙස මහාවීර හදුන්වනු ලබයි. මෙය බුද්ධාගමේ අටවිසි බුදුවරුන්ගේ සංකල්පයට සමානය. නමුත් බුදු දහමේ දි බුදුවරු පහළ වන කාල පරාසය කල්ප ගණනින් වෙන් කර ඇත. එනම් අතිදීර්ඝය. එහෙත් ජෛන දහමෙහි දි ශාස්තෘවරු පහළ වීමට එතරම් දීර්ඝ කාලයක් ගත වී නොමැත. මහාවීර (නිගණ්ඨ නාථ) පහළ වන්නේ ඔහුට පෙර සිටි "පාර්ශ්වනාථ" නම් ජෛන ශාස්තෘවරයාගේ අභාවයෙන් වසර 250ක් ඉක්ම ගිය පසුවය. එසේ නම් නිගණ්ඨ නාථට පෙර සිටම ජෛන ආගම පැවතියේ ද? ඔව් පැවති බවට සාධක පවති. මොනවද ඒ සාධක? එහිලා පැරනිතම සාධකය ඍග් වේදයෙන් හමුවේ. එනම් ජෛන ආගමේ සූවිසි තීර්ථංකරයන්ගෙන් ආදිතමයා වන ඍෂභදේව පිළිබදව ඍග්වේදයේ සදහන් වීමයි(10 වන මණ්ඩලයේ 12 වන් සූක්තයේ 166 වන ඍච් එක) එසේම තවත් වැදගත් සාධකයක් වන්නේ විෂ්ණු පුරාණය තුළ ද ඔහු පිළිබද සදහන් වීමයි. ඊටත් එහා අතීතයට ගිය කල්හි මොහෙන්ජෝදාරෝ සහ හරප්පා කැනීම් වලදි හමු වූ නිරුවත් මානව රූප වලට අයිතිවාසිකම් කියන්නට හැකි එකම භාරතීය ආගම ජෛන ආගම වීමද සුළුවෙන් තැකිය හැකි නොවේ. දෙවන කරුණ නම් මහාවීර අවබෝධ කර ගත්තා යැයි පැවසෙන "කේවල් ධ්‍යානය" වනාහී ප්‍රථම ධ්‍යානය යැයි හැදින් වීමයි. සම්පූර්ණයෙන්ම සාවධ්‍ය මතයක් යයි සිතමි. මන්ද යත්, ජෛන ආගම තුළ කේවළ ධ්‍යානය/ ඥානය යනු සත්‍යය, දණ්ඩනය, ආත්ම දමනයේ හා දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ උපරිම තලයට ලගාවීම ලෙස හදුන්වා තිබීමයි. ප්‍රථම ධ්‍යානය ලබා ගනීමට දැඩි වෘත අනුගමනය කළ යුතු නොවන බව පැහැදිලිය. එකල ප්‍රථම ධ්‍යානය ලැබූ ඍෂිවරු විශාල වශයෙන් විසූ බව බෞද්ධ කෘති තුළින් වුව පැහැදිළි වේ. උද්දකරාම පුත්තාදීහූ වූ කලී නේවසංඤ්ඤානාඤ්ඤායතනය වැනි අරූපාවචර ධ්‍යාන පවා උපදවාගෙන සිටි ඇදුරෝය. කේවල ඥානය වූ ජෛන ආගමට ආවේනික වූවකි. බෞද්ධයන්ට බුද්ධත්වය යම්සේ ද ජෛනයන්ට කේවල ඥානය එබදුය. තෙවැනි කරුණ නම් ජෛන ආගම තුල අවිහිංසාවාදය පමණක් අතීතයේ පැවති බව පැවසීම හා පසු කාලීනව කර්මය හා ආත්මය පිළිබද සංකල්ප පහළ වූ බව පැවසීමයි. මේ පිළිබද් පවසීමට ගියහොත් මෙය දීර්ඝ වෙන බැවින් කරුණු කිහිපයක් පමණක් කියමි. ජෛන තවුසන් කෙළෙස් තවන කතා කොතෙකුත් බෞද්ධ ග්රන්ථ තුළ හමුවේ. කෙලෙස් (කර්මයෝ) තැවීම ලෙස ඔවුන් අනුගමනය කලේ අත්තකිලමතානු යෝගයයි. කර්මයක් විශ්වාස නොකලේ නම් ශරීරයට අධික දුක් දෙමින් පෙර කළ කර්ම තැවීමට ඔවුහු උත්සහ කළේ ඇයි? ආත්මයක් පිළිබද ඔවුන් විශ්වාස නොකළේ නම් විමුක්තිය ලගා කර ගන්නේ කුමක් සදහාද? සතර වෙනි කරුණ නම් ජෛන පිටක ග්රන්ථයෝ ඔබ සිතන තරම් පශ්චාත් කාලීන නැත. චන්ද්‍රගුප්ත රජ දවස ජෛන ධර්ම සංගායනාවක් පැවතියහ. එහිදී ජෛන ධර්මය ග්රන්ථ 14කට අඩංගු කළහ. චන්ද්‍ර ගුප්ත වූ කලී අශෝක රජුගේ සීයා ය. අශෝක රජ දවස පැවැත් වූ 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විය. (ඊට පෙර භාණක පරපුර පැවතියහ. බෞද්ධයෝ පමණක් නොව සෑම ආගමක්ම පාහේ මුව පරම්පරාවෙන් ස්වකීය ලබ්ධිය රැගෙන ආහ.) එසේනම් ත්‍රිපිටකය අංග සම්පූරණ වීමට පෙර ජෛන ආගමේ ද එක් සංගායනාවක් තබා ග්රන්ථ සම්පාදනයක් කර තිබේ. මේ ආදි වශයෙන් කිව යුතු දෑ බොහෝ වුව මෙතකින් නිමා කරමි. නිර්වස්ත්‍ර වූ නිගණ්ඨයන්ගේ හෙළුව වැසීමට මට ඇවැසි නැති මුත්, යථාර්ථය පිළිගත යුතුව ඇත. බුදු දහම හා ජෛන ආගමෙහි හර පද්ධතිය එකිනෙකට වෙනස්ය. නමුත් ඒ දර්ශනවාද දෙකෙහි වූ ඇතැම් කරුණු එකිනෙකට මුසුවී ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom