බුද්ධ දර්ශනය ගෑන සහ එහි අද්විතිය භවය

r runner

Member
May 12, 2015
2,396
781
0
මිනිහෙක් හැප්පිච්චහම ඒක කර්මය වෙන්ඩ හෝ නොවෙන්ඩ පුළුවන්.
කර්මය කියන්නේ ශක්තියක්. ඒක ලොකු ශක්තියක්.
දැන් උබ දැකල තියෙනවද කොච්චර සල්ලි තිබ්බත් මෙලෝ රහක් නැති උන්?
සල්ලි පොඩ්ඩක් වත් නැතත් හොද සන්තෝසෙන් ඉන්න උන්?
ඒ උන්ගේ කර්ම ශක්තිය. සැප විදින්ඩ කර්ම ශක්තිය ඕන. සල්ලි තිබ්බට බෑ
අන්න ඒ වගේ මනුස්සයෙක් වෙලා ඉන්ඩ තව දුරටත් කර්ම ශක්තිය නැති කෙනෙක් නොසැලකිලි වෙනවා ජිවිතේ ගැන. Chance එකක් ආපුහම හැප්පිලා හරි මොකක් හරි වෙලා මැරිලා යනවා. නැත්තම් බෙල්ලේ වැල හරි දා ගන්නවා. ඒ අර කර්ම ශක්තියෙන් හිතේ ඇති කරන පීඩනය.

යුක්තානුවක ජිවය තියෙන්ඩ ඒකට හිතක් බැස ගන්ඩ ඕන. යුක්තානුව හැදිලා ටික වෙලාවක් ඇතුලත හිතක් බැස ගත්තේ නැත්තම් යුක්තානුව කුණු වෙලා නැති වෙලා යනවා. යුක්තානුවේ තියෙන ප්‍රසාද රුප වලට තමා හිත එන්නේ. ඒ ප්‍රසාද රුප ඔස්සේ යුක්තානුව පාලනය කරනවා හිතේ තියෙන කර්ම ශක්තියට අනුව. කුසල් කරපු හිතක් නම් හොද ලස්සන ශරීරයක් හදනවා. නැත්තම් දුර්වල එකක් හදනවා.

උබ අභිධර්මය කියෙව්වොත් ඔය හැම දෙයක්ම ඉගෙන ගන්ඩ පුළුවන්.

අනිවා සහෝ
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේවා ගැන සංවාද කරන එක එච්චර සුදුසු නැහැ...ආගම් කියන්නේ එක එක විස්වාස..ඒවා අදහන්නේ මොකක් හරි පදනමක් ඇතිව...හැම ආගමේම දෝෂ තියෙනවා..ඒවාට ගහමරාගන්න තරම් දේවල් නෙමෙයි...වාද කරන්න දේවලුත් නෙමෙයි...අපිට 100%ක් කියන්න බැහැ බුදු දහම නිවැරදියි කියලත්, කතෝලික දහම නිවැරදි කියලත්, අනිත් ඒවා නිවැරදි කියලත්..අපිට පොඩි කාලේ ඉදන් ඔලුවලට දාපුවා එක්ක තමයි අපි හිතන්නේ පතන්නේ...නමුත් ඇත්ත මොකක් ද කියල අපි කවුරුත් දන්නේ නැහැ...

    මේක වෙන්නේ මෙහෙමයි, මේක කරොත් මේක වෙනවා...මේක හැදුනේ මෙහෙමයි...කවුරු දන්නවද මේවයේ ඇත්ත නැත්ත..අපිත් කවුරු හරි කියපු දෙයක් අල්ලාගෙන මේක හරි..තොපිල වැරදියි කියල ගහ මරාගන්නවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙතැන ඉන්න කාටද එතකොට කර්මය 100%ක් මෙන්න මේකයි කියල අර්ථ දක්වන්න පුළුවන්? එතකොට අපි කොහොමද දැනගන්නේ මේක වුනේ කර්මය නිසයි,මේක කර්මය නිසා නෙමෙයි කියල? ඔප්පු කරන්නේ කොහොමද සිරාවට කර්මය නිසයි ඕක වුනේ කියල? මොකක් කරපු නිසාද කියල? කාටවත් බැහැ..

    ඒ වගේම කාටද කියන්න පුළුවන් දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ හරියටම මෙහෙමයි කියල? ඇත්තටම මැවුව කියල ඔප්පු කරන්න? දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ කියල පෙන්නන? අපි මැරුණම ස්වර්ගයට හෝ නිරයට යනවා කියල ඔප්පු කරන්න?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :):) එක නිසානේ අපි මේවට ආගම් කියන්නේ නේද ? දේශනා කල කෙනා ගැන විශ්වාසයෙන් අදහන දේවල් නේ. ඉතිං ෂාක්ෂි ඕන වෙන්නේ නෑ. ඔකටම අන්ධ විශ්වාසය කියලත් ටිකක් දරුණු වචනෙකින් කියන්න පුළුවන්. එහෙම අදහන දේවල් ගැන අපේ එක හරි කියල වාද කිරීම එච්චර හොඳ නෑ තමා. අපේ දේ හරි වෙන්නේ කොහොමද කියල කියනවට වඩා ඇත්තටම හරි දේ මොකද්ද කියල සමබරව හිතන එක තමා වටින්නෙ :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    උබ බුද්ධාගම ගැන දන්නේ නෑ මචන්. තේරුමක් නෑ කතා කරලා.
    උබ ඉස්සරලම පෘතුවිය සුර්යා වටා කැරකිලා රෑ දවල් වෙන හැටි ඉගෙන ගත්ත මතකද?
    එතකොට උබ රෑ දවල් වෙන හැටි තේරුම් ගත්ත මතකද?
    දැන් උබට කව්රු හරි ඒක එහෙම නෙමේ කියල කිවොත් උබ පිළිගන්නේ නෑ නේද?
    අන්න ඒ වගේ තමා අභිධර්මය හරියට ඉගෙනගෙන සෝවාන් උනොත්. අය වෙන වෙන ආගම් වල බොරු කියල රවට්ටන්ද බෑ
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63

    Buddhagame wishawasa newei thiyenne as pana pitama dakinna thiyena dewal
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මේවා ගැන සංවාද කරන එක එච්චර සුදුසු නැහැ...ආගම් කියන්නේ එක එක විස්වාස..ඒවා අදහන්නේ මොකක් හරි පදනමක් ඇතිව...හැම ආගමේම දෝෂ තියෙනවා..ඒවාට ගහමරාගන්න තරම් දේවල් නෙමෙයි...වාද කරන්න දේවලුත් නෙමෙයි...අපිට 100%ක් කියන්න බැහැ බුදු දහම නිවැරදියි කියලත්, කතෝලික දහම නිවැරදි කියලත්, අනිත් ඒවා නිවැරදි කියලත්..අපිට පොඩි කාලේ ඉදන් ඔලුවලට දාපුවා එක්ක තමයි අපි හිතන්නේ පතන්නේ...නමුත් ඇත්ත මොකක් ද කියල අපි කවුරුත් දන්නේ නැහැ...

    මේක වෙන්නේ මෙහෙමයි, මේක කරොත් මේක වෙනවා...මේක හැදුනේ මෙහෙමයි...කවුරු දන්නවද මේවයේ ඇත්ත නැත්ත..අපිත් කවුරු හරි කියපු දෙයක් අල්ලාගෙන මේක හරි..තොපිල වැරදියි කියල ගහ මරාගන්නවා

    මෙතැන ඉන්න කාටද එතකොට කර්මය 100%ක් මෙන්න මේකයි කියල අර්ථ දක්වන්න පුළුවන්? එතකොට අපි කොහොමද දැනගන්නේ මේක වුනේ කර්මය නිසයි,මේක කර්මය නිසා නෙමෙයි කියල? ඔප්පු කරන්නේ කොහොමද සිරාවට කර්මය නිසයි ඕක වුනේ කියල? මොකක් කරපු නිසාද කියල? කාටවත් බැහැ..

    ඒ වගේම කාටද කියන්න පුළුවන් දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ හරියටම මෙහෙමයි කියල? ඇත්තටම මැවුව කියල ඔප්පු කරන්න? දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ කියල පෙන්නන? අපි මැරුණම ස්වර්ගයට හෝ නිරයට යනවා කියල ඔප්පු කරන්න?

    බුද්ධ ධර්මය 100% නිවැරදියි කියන්න බෑ කියලා ඔයා කොහොමද කියන්නේ......

    තමන් දන්න ටික තමයි හරි කියලා හිතන අය, තව කෙනෙක් ඔප්පු කරලා පෙන්නන, භෞතික සාක්ෂි අවශ්‍ය අය වගේ අයට ඉතින් බුදු දම‍්හම වැඩක් නෑ....
    බුදු රජානන් වහන්සේම කියලා තියෙනවා මගේ ධර්මය ප්‍රාඥාවන්තයින්ටයි කියලා... නේද.... එහෙනම් ඔයාට මුලින්ම හොයාගන්න වෙනවා ප්‍රාඥාව කියන එකේ තෙරැම.... එක තමාට තියෙනවාද කියලාත්.....

    බුදු රජානන් වහන්සේ කියලා තියෙන දේවල් සියල්ලක්ම නිවැරදි 100%ක් ඒවා තමන්ටම හොයාගන්න තේරැම් ගන්න පුලුවන් විදිහත් බුදු රජාන්න වහන්සේ කියලා තියෙනවා......

    උබ බුද්ධාගම ගැන දන්නේ නෑ මචන්. තේරුමක් නෑ කතා කරලා.
    උබ ඉස්සරලම පෘතුවිය සුර්යා වටා කැරකිලා රෑ දවල් වෙන හැටි ඉගෙන ගත්ත මතකද?
    එතකොට උබ රෑ දවල් වෙන හැටි තේරුම් ගත්ත මතකද?
    දැන් උබට කව්රු හරි ඒක එහෙම නෙමේ කියල කිවොත් උබ පිළිගන්නේ නෑ නේද?
    අන්න ඒ වගේ තමා අභිධර්මය හරියට ඉගෙනගෙන සෝවාන් උනොත්. අය වෙන වෙන ආගම් වල බොරු කියල රවට්ටන්ද බෑ

    ඔයා හරි සහොදරයා....
    මෙයා බුදු ධහම ගැන මෙලො හසරක් නොදන්න කෙනෙක් වගේ......
    මෙයාට අර කව්ද කියපු මෙයා නෙදැකපු ඉර හස පෘතුවි කතාව විශ්වාස කරන්න පුලුවන් ...... ඉස්කොලේ උගන්වපු සෛල විශ්වස කරන්න පුලුවන්.....
    එත් ඒ උතුම් මහා කාරැණිකයන් වහන්සේ දෙසු ඒ ධර්මය මෙයාට විශ්වාස නෑ.... ඔකට තමයි කියන්නේ මාරයා කියලා.... හොද දෙයක් විශ්වාස කරන්නේ නෑ අර වැඩකට නැති කුණු ගෙඩවල් විශ්වස කරනවා.....

    මගේ විශ්වාසයට අනුව මේ විද්‍යාව කියන්නේ 80% වගේ තමතමන් සොයාගත් දෙවල් වල අනුමනයන්....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    LazyLizard:19568182 said:
    මෙතැන ඉන්න කාටද එතකොට කර්මය 100%ක් මෙන්න මේකයි කියල අර්ථ දක්වන්න පුළුවන්? එතකොට අපි කොහොමද දැනගන්නේ මේක වුනේ කර්මය නිසයි,මේක කර්මය නිසා නෙමෙයි කියල? ඔප්පු කරන්නේ කොහොමද සිරාවට කර්මය නිසයි ඕක වුනේ කියල? මොකක් කරපු නිසාද කියල? කාටවත් බැහැ..

    ඒ වගේම කාටද කියන්න පුළුවන් දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ හරියටම මෙහෙමයි කියල? ඇත්තටම මැවුව කියල ඔප්පු කරන්න? දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ කියල පෙන්නන? අපි මැරුණම ස්වර්ගයට හෝ නිරයට යනවා කියල ඔප්පු කරන්න?

    :):) එක නිසානේ අපි මේවට ආගම් කියන්නේ නේද ? දේශනා කල කෙනා ගැන විශ්වාසයෙන් අදහන දේවල් නේ. ඉතිං ෂාක්ෂි ඕන වෙන්නේ නෑ. ඔකටම අන්ධ විශ්වාසය කියලත් ටිකක් දරුණු වචනෙකින් කියන්න පුළුවන්. එහෙම අදහන දේවල් ගැන අපේ එක හරි කියල වාද කිරීම එච්චර හොඳ නෑ තමා. අපේ දේ හරි වෙන්නේ කොහොමද කියල කියනවට වඩා ඇත්තටම හරි දේ මොකද්ද කියල සමබරව හිතන එක තමා වටින්නෙ :)

    Habai Buddha dharmaya othanin wenas wenne Buddhaagama aagamak newei darshanayak wena nisa... Habai ape aiyala oka aagamak bawata path karagena thiyena nisa eke watinaakama pirihila.. Buddhaagama 100% k hari kiyala piligannawa nan ethana thiyenne andha bhakthiya thamai.

    Eth ada loke , maanawa hithawaadi aagam walin issarahinma aagamak widihata buddhagama issarahin innawa.. E wagema patichcha samuppaadaya wage deyak thaarkikawa idiripath karala boru magic loka mawanne nathuwa yathaarthaya paththata minissunwa geniyanna puluwan niyama Buddhaagamata..

    Eka ehema unath, ada sabaa bauddhayo nan harima adui.. Theory tika danna.. Bauddha pawul wala ipaduna nisaa bauddha wechcha aya thama godak inne.. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    බුදුරජාණන් වහන්සේ ජෛනයන් ඉදිරිපත් කළ කර්ම වාදය ප්‍රතික්ෂේප කළා පමණක් නොව, පෙර භවයේ සිට ආ කර්මය ක්‍ෂය කිරීමට උත්සාහ කිරීමෙන් කර්ම විපාක වලින් වැළකී සිටීමට කෙනෙකුට හැකියාවක් නැති බව ද පෙන්වා දෙති. කෙසේ වුව ද විමුක්තිය ලැබීමට කර්ම හට ගැනීමේ ශක්තිය ක්‍ෂය කළ යුතුය. තවද ආජීවකයන් ඉදිරිපත් කළ පුබ්බේකත හේතුවාදය (සියල්ල කර්මයෙන් සිදුවේය යන අදහස) බුදුසමය ප්‍රතික්ෂේප කරයි. සියල්ල කර්මයෙන් සිදුවේය යන අදහස ජෛනයන්ගේ කර්ම ක්‍ෂය කිරීමේ අදහසටත් වඩා දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කර තිබීමද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. පුබ්බේකත හේතුවාදය, මිථ්‍යා දෘෂ්ටියක් බව මහා තිත්ථායන සූත්‍රයේදී දේශනා කොට ඇත.

    සියල්ල කර්මයෙන් සිදු නොවන බව පෙන්වා දෙන බුදුසමය කර්ම නියාමයේ යථාර්ථය ද එයට හේතු ද පෙන්වා දෙයි.

    01. මිනිසාට වැළෙඳන රෝග වලට ද හේතු ගණනාවක් පැවතිය හැකිය. ඉන් එක් කොටසක් කර්මයෙන් සිදුවිය හැකිය.

    02. මිනිසාට සිතෙන් ද රෝග හට ගනී. එමෙන්ම ඍතු විපර්යාසයෙන්ද රෝග හට ගනී. මිනිසාට වාතය මුල් කොට ගෙන රෝග ද , සෙම මුල්කරගෙන රෝග ද හට ගන්නා බව, ගිරිමානන්ද සූත්‍රයෙහි දැක්වේ. එමෙන්ම නුසුදුසු ආහාර නිසා ද රෝග හට ගන්නා බව පෙන්වා දිය හැකිය.

    යම් අයකුගේ ශරීරය තුළ වාතය සිටි කල, එයට හේතුව විමසා, එම තත්ත්වයෙන් මිදීමට කටයුතු කළ යුතු ය. එසේ කටයුතු කරන්නා නුවණැත්තෙකි. කෙනෙකුගේ උපතට හේතුව ආශාව සමග පවතින කර්මය යි. චුති සිත සහ ප්‍රතිසන්ධි සිත අනුව ගන්ධබ්බ අවස්ථාවට පැමිණි පසු, දේව, බ්‍රහ්ම , මනුෂ්‍ය, තත්ත්වයට පැමිණීම සිදුවන බව පෙනී යයි. සියල්ල කර්මයෙන් සිදු නොවන අතර මවුපියන්ගේ ආරක්‍ෂාව හා පෝෂණය හේතු කොට ගෙන වැඩීම සිදුවෙයි. සත්වයාගේ වැඩීමට ආහාර, ශීතෝඋෂ්ණය ආදිය අවශ්‍ය බව පෙනී යයි. මිනිස් සිරුර තුළ චිත්ත රූප මෙන්ම , කර්මජ රූප ද පවතින අතර, ශරීරයට ලැබෙන ආහාර දිරවන්නේ උෂ්ණයෙනි. කර්මයෙන් එය සිදු නොවන අතර තේජෝ ධාතුවෙන් එය සිදුවේ. සිතද ශරීරය වැඩීමට අවශ්‍ය බව බුදුදහම පිළිගනියි. නිතර කේන්ති ගන්නා ද්වේෂයෙන් යුතු තැනැත්තා දුර්වර්ණ වන අතර, අල්ප ආයුෂ්ක ද වේ. නිතර සතුටෙන් සිටින අයගේ (සන්තුට්ඨි පරමං ධනං) වර්ණය හෙවත් පැහැය ද යහපත් වන අතර දීර්ඝ ආයුෂ ද ඔවුනට හිමි වෙයි.

    කර්ම විපාක දීමේදී අවශේෂ බලවේග ද , ඊට ලැබෙන අවකාශය ද එය විපාක දෙන අයුරු තීරණය වීමට හේතු වෙයි. කුසල කර්මයකදී බලපාන කරුණු වන්නේ

    ගති සම්පත්තිය – උපදින තැන
    උපධි සම්පත්තිය – පෞරුෂ ලක්ෂණ
    කාල සම්පත්තිය – උපදින කාලය
    පයෝග සම්පත්තිය – උත්සාහය ආදිය

    අකුසල කර්මයකදී ගති විපත්ති , උපධි විපත්ති, කාල විපත්ති සහ පයෝග විපත්ති බලපාන බව පෙන්වා දිය හැකිය. සූත්‍රවල දැක්වෙන අන්දමට කර්මය හඳුන්වා ඇත්තේ “ චේතනාහං භික්ඛවේ, කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා “ කර්මයේ පදනම චේතනාව වන අතර, සිත මුල් වී කරන ක්‍රියා කර්ම වේ. සිතා මතා කරන ක්‍රියාව තුළ විපාක ඇත.

    යම් කිසි ක්‍රියාවක විපාක දෙන ශක්තිය නැත්නම්, ඒවා කර්ම නොවේ. රහතන් වහන්සේ සිදු කරන්නේ, එවැනි කර්ම යි.

    යම් අයෙකු තෝරා බේරාගෙන ක්‍රියාවක් සිදු කරයි ද, ඔහුට ඒ පිළිබඳ වගකීමක්, බැඳීමක් පවතියි. එහෙයින් එය කර්මය ලෙස දැක්විය හැකි ය. මමත්වය තහවුරු කැරෙන ක්‍රියාව කර්මය වශයෙන් දැක්විය හැකි යි. මේ අනුව පෙනී යන කරුණු තුනකි.

    01. චේතනාව කර්මය වන බව
    02.සිතාමතා කර්ම කරන බව
    03.කර්මයට ප්‍රතිඵලයක් ඇති බව

    බෞද්ධ කර්මවාදයේ දී සිත, කය වචනය තුන් දොරට මුල් තැන හිමි වෙයි. අනෙක් ආගම් දර්ශනවල ඇත්තේ කය හා වචන මුල් කරගෙන කර්මය සිදු වන බවයි. කර්මය සිදු කිරීමේදී සිතට මුල් තැන හිමි වන බව බුදු දහම පවසයි. විවිධ තපස් ක්‍රම, විවිධ තපස් චර්යා ව්‍රත සිදු කරන්නේ කර්ම තැවීමක් හැටියට බව පැහැදිලි ය. සීලයෙන් මානසික සංවරය ද, කය වචන දෙක හික්මීම ද සිදුවන බව බුදු දහම අවධාරණය කරයි. බුද්ධඝෝෂ හිමියන් පෙන්වා දෙන මානසික සංවරය, ඉන්ද්‍රිය සංවරය තුළ ගැබ්ව ඇති බව පෙනී යයි.

    ඉන්ද්‍රිය සංවරය තුළින් අප බලාපොරොත්තු වන්නේ “ මගේ” යන සංකල්පය අඩු කිරීම යි. ඒ සඳහා ක්‍රමානුකූලව ලෝභ,ද්වේශ, මෝහ අකුසල යටපත් කොට අලෝභ, අදෝෂ, අමෝහ කුසල මූල වර්ධනය කළ යුතු ය. යම් දිනක සසර නතර කර ගත හැකි වන්නේ එසේ ක්‍රියා කිරීමෙන් බව පැහැදිලි ය. කර්මය පිළිබඳ තේරුම් ගත හැකි වන්නේ පඤ්ඤා විමුක්ත ක්‍රමයට සත්‍යය දකින නිවන් දකින බුදුපියාණන් වහන්සේට සහ රහතන් වහන්සේට පමණකි.

    කෙනෙක් සතර වන ධ්‍යානයෙන් පසුව ත්‍රිවිද්‍යා කරා සිත යොමු කරන්නේ නම්, උන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය (අතීත කර්ම ද) දිබ්බ චක්ඛු (සත්ත්වයා සසර නැවත උපදින ආකාරය) මෙන්ම ආසවක්ඛය (නිවන ද ) ලබා ගත හැකි ය. ප්‍රඤ්ඥා විමුක්ත ක්‍රමයට අමතරව, අර්හත් භාවයට පත්විය හැකි ක්‍රම 12 ක් තිබේ. එවැනි ක්‍රම වලට නිවන් දකින, රහත් වන අයට , කර්මය පිළිබඳ තොරතුරු දත නොහැකි ය.බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව තමන් ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා බව ප්‍රකාශ කර සිටිති. යම් අයෙක් අයහපත් ක්‍රියාවල යෙදෙන්නේ නම්,ඔහු මරණින් පසු නරකයෙහි උපදියි. මේ සම්බන්ධව කරුණු මහා කම්ම – විභංග සූත්‍රයේ පැහැදිලිව සඳහන් කර ඇත. එහි කර්මය හා කර්ම විපාකය, හේතු ඵල න්‍යාය යටතේ විස්තර කර ඇත.

    පර පණ නසන්නාට දීර්ඝ ආයුෂ ලැබීමට නොහැකි ය. පර පණ නොනසන්නාට දීර්ඝ ආයුෂ හිමි ය. අන් අයට කරදර කරන්නාට ඉදිරි කාලය අප්‍රසන්න ය. අන් අයට කරදර නොකරන්නාට ඉදිරි කාලය ප්‍රසන්න ය. ඔවුන්ගේ ඡවි වර්ණය (පාට)පැහැපත් වෙයි. ලස්සන වෙයි. උදාහරණයක් ලෙස මෛත්‍රී භාවනා සිදු කරන්නා සැමට පි‍්‍රයවෙයි. එමෙන්ම කර්මය, කුසල අකුසල, අව්‍යකෘත වශයෙන් තෙවැදෑරුම් ය.

    ජනක කර්මය යනු යම් භවයක සත්වයකු උපදවන කර්මය යි
    උපත්ථම්භක (ජනක කර්මයේ විපාක ශක්තියට සහාය දෙන කර්මයි)
    උපපීඩක කර්ම (ජනක කර්මයේ බලයට බාධා කරන කර්මයි)

    උප ඝාතක කර්ම (ජනක කර්මයේ ශක්තිය බිඳ දමන කර්මයි) එය, කර්මය කෘත්‍ය වශයෙන් පෙන්වා දීමකි. මරණින් පසුව ප්‍රති සන්ධි ලබා දෙන ආකාර වශයෙන් ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය වශයෙන් කර්ම වර්ග කොට ඇත.

    එමෙන්ම දිට්ඨධම්ම වේදනීය , උපපජ්ජ වේදනීය , අපරාපරිය වේදනීය හා අහෝසි කර්ම වශයෙන්ද විපාක දෙන කාල වශයෙන් කර්ම වර්ග කොට ඇත. කාම භූමි, රූප භූමි, අරූප භූමි වශයෙන් කර්ම විපාක දෙන භූමි වර්ග කොට ඇත. මෙම කරුණු වලට අමතරව කර්මය සහ කර්ම විපාකය අතර ඇති සම්බන්ධය සලකා බැලිය යුතු ය.

    කර්මය බලපාන්නේ එය කරන තැනැත්තාට යි. එසේ වුවද “ මෙම කරුණු වලට අමතරව කර්මය සහ කර්ම විපාකය අතර ඇති සම්බන්ධය සලකා බැලිය යුතු ය. කර්මය බලපාන්නේ එය කරන තැනැත්තාට යි. එසේ වුවද “ මෙම කය ඔබේ ද , මාගේ ද, වෙන කෙනෙකුගේ ද නොවන බව “ කායං කායේන දට්ඨානං නත්ථි අඤ්ඤේසමං යන සූත්‍ර ධර්ම පාඨය අවධාරණය කරයි. සිරුර සම්බන්ධව එසේ වුවද , වෙනස් වෙමින් ගමන් කරන සිත ක්‍රියා කරන ඔහුගේ ම ය. එක් භවයක සිදුකරන දෙය, අන් භවයට යන්නේ එය සිතේ නොනැසී පවතින නිසා ය.

    මේ කරුණු අනුව පෙනී යන්නේ කර්මයේ කොටසක් ද, බුද්ධිය ද සසර පුරුදු ද ඊළඟ භව වලට බලපාන බව යි. අප කරන සියලු දේ කර්මය අනුව සිදු නොවන බවත්, ඒවා කර්මයට භාර නොදී උත්සාහයෙන් කටයුතු කොට භෞතික දියුණුව, මානසික දියුණුව, ආදී සියලු අංශයන්හි දියුණුව ලබා ගත යුතු බවත් බුදු සමය අවධාරණය කරයි.

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Habai Buddha dharmaya othanin wenas wenne Buddhaagama aagamak newei darshanayak wena nisa... Habai ape aiyala oka aagamak bawata path karagena thiyena nisa eke watinaakama pirihila.. Buddhaagama 100% k hari kiyala piligannawa nan ethana thiyenne andha bhakthiya thamai.

    Eth ada loke , maanawa hithawaadi aagam walin issarahinma aagamak widihata buddhagama issarahin innawa.. E wagema patichcha samuppaadaya wage deyak thaarkikawa idiripath karala boru magic loka mawanne nathuwa yathaarthaya paththata minissunwa geniyanna puluwan niyama Buddhaagamata..

    Eka ehema unath, ada sabaa bauddhayo nan harima adui.. Theory tika danna.. Bauddha pawul wala ipaduna nisaa bauddha wechcha aya thama godak inne.. :lol:

    ඇත්ත මචන් :yes:, බුද්ධාගමේ තියෙන සමහර දේ විද්‍යාත්මකව ඔප්පු කරේ නැති උනත් කිසිම දෙයක් මම කියපු නිසාවත් පිළිගන්න එපා නිදහස් මනසින් කල්පනා කරලා අවබෝධ කරගන්න කියන වචන ටිකම ඇති මට නං. බොරු කියල මිනිස්සු රවට්ටන මනුස්සයෙක්ට කවදාවත් එහෙම කියන්න බෑ. අනික් අතට අන්ධ භක්තියෙන් ඇදහුවත් කිසිම නරක දෙයක් කියල නෑ නේ බුද්ධාගමේ. එතකොට අන්ධ භක්තියෙන් ඇදහුවත් එකේ වැරද්දක් නෑ අන්තිමේදී අදහන මනුස්සයට හොඳක් වෙන්නේ. :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ බුද්ධාගම ගැන දන්නේ නෑ මචන්. තේරුමක් නෑ කතා කරලා.
    උබ ඉස්සරලම පෘතුවිය සුර්යා වටා කැරකිලා රෑ දවල් වෙන හැටි ඉගෙන ගත්ත මතකද?
    එතකොට උබ රෑ දවල් වෙන හැටි තේරුම් ගත්ත මතකද?
    දැන් උබට කව්රු හරි ඒක එහෙම නෙමේ කියල කිවොත් උබ පිළිගන්නේ නෑ නේද?
    අන්න ඒ වගේ තමා අභිධර්මය හරියට ඉගෙනගෙන සෝවාන් උනොත්. අය වෙන වෙන ආගම් වල බොරු කියල රවට්ටන්ද බෑ

    මොකද නැත්තේ...උබ හරියටම දන්නවද සිරාවට පෘතුවිය ඉර වටේ කැරකෙනවා කියල? 100%ක් විශ්වාසද? උබත් විස්වාස කරන්නේ කවුරු හරි කියපු එකක්නේ...:)

    නාසා එකෙන් හරි ඒ දේවල් ලෝකෙට කියපු අය අපිව රවට්ටලා නම් මොකද වෙන්නේ? අපි හොයාගත්තු දේවල් වැරදියි, මෙන්න මේකයි ඇත්ත කියල කිවොත් අපිට පිළිගන්න වෙනවා...අපි උඩ දාගෙන විස්වාස කරන්නේ අපි ඇත්තටම දන්නා දේවල් නෙමෙයි...බුදු දහමත් එහෙම තමයි, කතෝලික දහමත් එහෙමයි,,,කොයි ආගමත් එහෙමයි...:)

    උබ දැන් ඕව විස්වාස කරන්නේ සෝවාන් වෙලා නෙමෙයි නේ? එහෙනම් උබත් තවම හරියට දන්නේ නැහැ...කවුරු හරි කියපු දෙයක් තමා දන්නේ..මේ හැමදේම රැවටීමක් නම් මොකද වෙන්නේ? :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Habai Buddha dharmaya othanin wenas wenne Buddhaagama aagamak newei darshanayak wena nisa... Habai ape aiyala oka aagamak bawata path karagena thiyena nisa eke watinaakama pirihila.. Buddhaagama 100% k hari kiyala piligannawa nan ethana thiyenne andha bhakthiya thamai.

    Eth ada loke , maanawa hithawaadi aagam walin issarahinma aagamak widihata buddhagama issarahin innawa.. E wagema patichcha samuppaadaya wage deyak thaarkikawa idiripath karala boru magic loka mawanne nathuwa yathaarthaya paththata minissunwa geniyanna puluwan niyama Buddhaagamata..

    Eka ehema unath, ada sabaa bauddhayo nan harima adui.. Theory tika danna.. Bauddha pawul wala ipaduna nisaa bauddha wechcha aya thama godak inne.. :lol:

    බෞද්ධ දර්ශනය 100%ක් නිවැරදියි කියල කියන්න පුලුවන්ද උබේ අන්ධ විස්වාසය නැතුව? උබ විස්වාස කරනවා බුදු හාමුදුරුවෝ බුදු වුනා, සංසාර චක්‍රයක් තියෙනවා, කර්මය කියල එකක් තියෙනවා, අපි මැරිලා ආයේ ඉපදෙනවා කියල කියන මේ ටික...නමුත් උබ සිරාවට ඕව දන්නවද 100% ක් ම මේවා ඇත්ත කියල ? මම බුදු දහමට අපහාස කරන්නෙත් නැහැ කරලත් නැහැ...නමුත් කොයි දේ ගත්තත් මෙහෙම ප්‍රශ්න තියෙනවා...ඒ නිසා ඕනෙම දෙක අන්තයට යන්න හොද නැහැ :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    බෞද්ධ දර්ශනය 100%ක් නිවැරදියි කියල කියන්න පුලුවන්ද උබේ අන්ධ විස්වාසය නැතුව? උබ විස්වාස කරනවා බුදු හාමුදුරුවෝ බුදු වුනා, සංසාර චක්‍රයක් තියෙනවා, කර්මය කියල එකක් තියෙනවා, අපි මැරිලා ආයේ ඉපදෙනවා කියල කියන මේ ටික...නමුත් උබ සිරාවට ඕව දන්නවද 100% ක් ම මේවා ඇත්ත කියල ? මම බුදු දහමට අපහාස කරන්නෙත් නැහැ කරලත් නැහැ...නමුත් කොයි දේ ගත්තත් මෙහෙම ප්‍රශ්න තියෙනවා...ඒ නිසා ඕනෙම දෙක අන්තයට යන්න හොද නැහැ :)

    තමන් විසින් තමන්ගේම පැවැත්ම සකසා ගන්න පටිච්ච සමුප්පාදය ගැන සරල දැනුමක් වත් තියෙනවා නම් උබ ඔහොම කියන්නේ නැහැ. අවබෝධ කරගන්න රහත් වෙන්නම ඕනේ.

    නිකන් ඉන්න වෙලාවක, බූට් එකක් එහෙම කාපු වෙලාවක වගේ පටිච්ච සමුප්පාදය ගැන හොයලා බලපන්. සරල අවබෝධයක් ලබන එකත් ලේසි නැහැ. ඒකටත් ගැඹුරු ප්‍රඥාවක් තියෙන්න ඕනේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තමන් විසින් තමන්ගේම පැවැත්ම සකසා ගන්න පටිච්ච සමුප්පාදය ගැන සරල දැනුමක් වත් තියෙනවා නම් උබ ඔහොම කියන්නේ නැහැ. අවබෝධ කරගන්න රහත් වෙන්නම ඕනේ.

    නිකන් ඉන්න වෙලාවක, බූට් එකක් එහෙම කාපු වෙලාවක වගේ පටිච්ච සමුප්පාදය ගැන හොයලා බලපන්. සරල අවබෝධයක් ලබන එකත් ලේසි නැහැ. ඒකටත් ගැඹුරු ප්‍රඥාවක් තියෙන්න ඕනේ.

    මම අහල තියෙන දේට ඕක අදාළ වෙන හැටි කියපන්කො...එකෙන් පුලුවන්ද බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු වුනා කියල ඔප්පු කරන්න? එහෙනම් එච්චරයි..:) එහෙම බැරි නම් එක මම අහපු දේට උත්තරේ නෙමෙයි..උබල හැම එකටම කියන්නේ අරක තේරුම් ගන්න රහත් වෙන්න ඕනේ..මේක අවබෝධ කරගන්න රහත් වෙන්න ඕනේ කියලනේ...එතකොට උබල කාටවක් වත් සිරාවට මේවා තේරෙන්නේ අවබෝද වෙලා නැතිද ඒ කියන්නේ? උබලත් රහත් වෙලා නැහැනේ :sorry::sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බුද්ධ ධර්මය 100% නිවැරදියි කියන්න බෑ කියලා ඔයා කොහොමද කියන්නේ......

    තමන් දන්න ටික තමයි හරි කියලා හිතන අය, තව කෙනෙක් ඔප්පු කරලා පෙන්නන, භෞතික සාක්ෂි අවශ්‍ය අය වගේ අයට ඉතින් බුදු දම‍්හම වැඩක් නෑ....
    බුදු රජානන් වහන්සේම කියලා තියෙනවා මගේ ධර්මය ප්‍රාඥාවන්තයින්ටයි කියලා... නේද.... එහෙනම් ඔයාට මුලින්ම හොයාගන්න වෙනවා ප්‍රාඥාව කියන එකේ තෙරැම.... එක තමාට තියෙනවාද කියලාත්.....

    බුදු රජානන් වහන්සේ කියලා තියෙන දේවල් සියල්ලක්ම නිවැරදි 100%ක් ඒවා තමන්ටම හොයාගන්න තේරැම් ගන්න පුලුවන් විදිහත් බුදු රජාන්න වහන්සේ කියලා තියෙනවා......

    ඔයා හරි සහොදරයා....
    මෙයා බුදු ධහම ගැන මෙලො හසරක් නොදන්න කෙනෙක් වගේ......
    මෙයාට අර කව්ද කියපු මෙයා නෙදැකපු ඉර හස පෘතුවි කතාව විශ්වාස කරන්න පුලුවන් ...... ඉස්කොලේ උගන්වපු සෛල විශ්වස කරන්න පුලුවන්.....
    එත් ඒ උතුම් මහා කාරැණිකයන් වහන්සේ දෙසු ඒ ධර්මය මෙයාට විශ්වාස නෑ.... ඔකට තමයි කියන්නේ මාරයා කියලා.... හොද දෙයක් විශ්වාස කරන්නේ නෑ අර වැඩකට නැති කුණු ගෙඩවල් විශ්වස කරනවා.....

    මගේ විශ්වාසයට අනුව මේ විද්‍යාව කියන්නේ 80% වගේ තමතමන් සොයාගත් දෙවල් වල අනුමනයන්....

    මම කිව්වේ නැහැනේ මම බුදු දහම ගැන සියල්ල දත් කියල...උබලත් එක්ක සුහද කතාවකට විතරයි ආවේ...උබලගේ යුතුකම මෙයා දන්නේ නැහැ..ඕක තේරුම් ගන්න උබ රහත් වෙන්න ඕනේ...උබට ගැබුරු බුද්ධියක් ඕනේ..එහෙම ඒවා කියල උත්තර නොදී යන එක නෙමෙයිනේ..මම අහල තියෙන ඒවා වැරදිනම් නිවැරදි කරපන්...එච්චරනේ...

    අනික මගේ විස්වාසයක් ගැන කතා කරන්න ඕනේ නැහැ...මම ඒවා විස්වාස කරනවද නැද්ද කියලා උබ දන්නේ කොහොමද? :cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට උබල එක්කල වාද කරන්න ඕනේ නැහැ...වාද කරලා තේරුමකුත් නැහැ...මොකද මේවා අපි ඉපදුනු දා ඉදන් උබලගේ අපේ ඔළුවල තැන්පත් වෙලා තියෙන දේ...ඇත්තටම අපි කවුරුත් දන්නේ නැහැ මැරුණම අපි ආයේ ඉපදෙයිද, ස්වර්ගෙට යයිද, අපායට යයිද මක් වෙයිද කියල...අපිට කියල දීපු දෙයක් අල්ලාගෙන අපි ඒ අනුව ජීවත් වෙනවා, ඒවා විසවාස කරනවා...ඔන්න ඕකයි තිත්ත උනත් ඇත්ත...

    උබල මේක පිළිගන්න සුදානම් නැහැ කියල මම දන්නවා..මට එකට අවුලකුත් නැහැ..මම උබලට ඔය අදහන ආගම් අදහන්න එපා කියන්නෙත් නැහැ..මම කිව්වේ මට හිතෙන දකින දේ...:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    මම අහල තියෙන දේට ඕක අදාළ වෙන හැටි කියපන්කො...එකෙන් පුලුවන්ද බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු වුනා කියල ඔප්පු කරන්න? එහෙනම් එච්චරයි..:) එහෙම බැරි නම් එක මම අහපු දේට උත්තරේ නෙමෙයි..උබල හැම එකටම කියන්නේ අරක තේරුම් ගන්න රහත් වෙන්න ඕනේ..මේක අවබෝධ කරගන්න රහත් වෙන්න ඕනේ කියලනේ...එතකොට උබල කාටවක් වත් සිරාවට මේවා තේරෙන්නේ අවබෝද වෙලා නැතිද ඒ කියන්නේ? උබලත් රහත් වෙලා නැහැනේ :sorry::sorry::sorry:

    උබ ඔය අහන විදිහට බුදු හාමුදුරුවො ජීව මානව වැඩ හිටියේ නෑ කියලා උනත් අපිට කියන්න පුළුවන්. අපි දැකලත් නැහැ, අහලත් නැති නිසා. බුදු හාමුදුරුවන්ගේ බුද්ධත්වයකින් වැඩක් නෑනේ බන්. දේශානා කරපු ඒවා ප්‍රායෝගිකද නැද්ද කියන එකයි අපිට අදාල වෙන්නේ.

    අපිට මතක නැති උනාට වැටි වැටී දන ගගහා ඇවිදින්න හදපු කාලයක් තිබ්බා. අනේක වාරයක් වැටෙන්න ඇති. අපි උත්සහ කරා.
    බයිසිකල් පදින එක උනත් මුල්ම වතාවට බයික් එක දැක්ක ගමන් රූන් ගාලා පැදගෙන ගියේ නැහැනේ. වින්ද දුක වැටිච්ච අය දන්නවා. වැටුනට අපි උත්සහය නතර කරේ නැහැ.
    පීනන්න පුළුවන් කෙනෙක් මුල්ම වතාවට වතුර දැකපු ගමන් පීනන්න බෑනේ. නහයෙන් කටෙන් වතුර පෙවිලා හුස්ම හිරකරගෙන කට්ට කෑවා. උත්සහය අත හැරිය නම් ගොඩ තමා පීනන්න වෙන්නේ.
    වාහනයක් ඩ්‍රයිව් කරන්න උනත් මුල්ම දවසේ බෑනේ. කොච්චර මහන්සිඋනාද. කොච්චර ප්‍රගුන කරාද. උත්සහය අතහැරියනම් මොකද වෙන්නේ.

    ඒ වගේ තමයි හැම දෙයක්ම. උත්සහ කරලා බලපන්. පටිච්ච සමුප්පාදය ගැන සරලව දැනුමක් අරගෙන අවබෝධ කරගන්න උත්සහා කරන කෙනෙකුට. ඒක ගැන නිතර නිතර කල්පනා කරන කෙනෙකුට තේරෙනවා මොකක්ද සීන් එක කියලා. හරියට පොඩි එකෙක්ට හොඳට ඇවිද ගන්න බැරි උනාට අඩි 2-3ක් ගිහින් වැටෙන්නේ අන්න ඒ වගේ. බයිසිකල් පදින්න පුරුදු වෙන කෙනෙක් මීටර් 3-4 බලන්ස් හදාගෙන ගිහින් වැටෙනවා වගේ. බැහැලම බලන්න ඕනේ.
     
    එක හරි..මම කොයි වෙලේවත් කිව්වේ නැහැ බුදු හාමුදුරුවෝ දේශනා කරපුවල කිසිම අර්ථයක් නැහැ කියල...ඒ දේවල් 100% ඇත්තද නැත්තද කියන්න උබවත් මම වත් දන්නේ නැහැ...ඉතින් එකයි කිව්වේ...ඒවා අපි අත් දැකල විස්වාස කරන දේවල් නෙමෙයි...වෙන ආගම් වලත් එහෙම දේවල් තියෙන්න පුළුවන් කියන එකයි මගේ අදහස...ඒ ආගම් වලත් ඉගැන්වීම් වල හරය ගත්තම ගත යුත්තක් තියෙනවා...:):)

    මිනිස්සු තමයි ඒවා වැරදියට හදාගෙන විකාර කරන්නේ...අන්තිම වශයෙන් කියන්නේ ආගම් කියන්නේ අල්ලාගෙන බේද බින්න වෙලා කා කොටාගන්න දෙයක් නෙමෙයි කියන එකයි..:yes:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මේවා ගැන සංවාද කරන එක එච්චර සුදුසු නැහැ...ආගම් කියන්නේ එක එක විස්වාස..ඒවා අදහන්නේ මොකක් හරි පදනමක් ඇතිව...හැම ආගමේම දෝෂ තියෙනවා..ඒවාට ගහමරාගන්න තරම් දේවල් නෙමෙයි...වාද කරන්න දේවලුත් නෙමෙයි...අපිට 100%ක් කියන්න බැහැ බුදු දහම නිවැරදියි කියලත්, කතෝලික දහම නිවැරදි කියලත්, අනිත් ඒවා නිවැරදි කියලත්..අපිට පොඩි කාලේ ඉදන් ඔලුවලට දාපුවා එක්ක තමයි අපි හිතන්නේ පතන්නේ...නමුත් ඇත්ත මොකක් ද කියල අපි කවුරුත් දන්නේ නැහැ...

    මේක වෙන්නේ මෙහෙමයි, මේක කරොත් මේක වෙනවා...මේක හැදුනේ මෙහෙමයි...කවුරු දන්නවද මේවයේ ඇත්ත නැත්ත..අපිත් කවුරු හරි කියපු දෙයක් අල්ලාගෙන මේක හරි..තොපිල වැරදියි කියල ගහ මරාගන්නවා

    මම උපත්නි රොමානු කතොලික එත් බුද්ධ ධර්මයේ ඇති දේවල් අධයනය කරද්දී, ඒවා අනුගමනය කරද්දී තමයි තෙරැනේ මම පෙර අන්දයකු සේ ජීවත් උනා කියලා.....

    මේක කවුරැ හරි ස්වමින් වහන්සේ නමකින් ආහාලා හිතේ දාරාගන්න....
    මිත්‍යා දෘෂ්ඨිය කියන්නේ වැරදී දේ ගැන අවබොධය හිතේ දාරාගෙන එයම විශ්වාස කරන එක .... එහෙම නේද.....
    සම්මා දෘෂ්ඨිය කියන්නේ නිවැරදී සත්‍ය දේ ගැන අවබොධය හිතේ දාරාගෙන එයම විශ්වාස කරන එක ....

    බුද්ධ ධර්මය ගැන කතා කරන්න ඔනේ ධර්මය අනුගමනය කරන අය එක්ක...... පොත් කියවලා පොතේ තියෙන දේ ඔලුවෙ තියන් කතා කරන අයත් එක්ක කතා කරලා වැඩක් නෑ මොකද එයා කතා කරන්නේ පොතේ තියෙන දේ....

    මෙතැන ඉන්න කාටද එතකොට කර්මය 100%ක් මෙන්න මේකයි කියල අර්ථ දක්වන්න පුළුවන්? එතකොට අපි කොහොමද දැනගන්නේ මේක වුනේ කර්මය නිසයි,මේක කර්මය නිසා නෙමෙයි කියල? ඔප්පු කරන්නේ කොහොමද සිරාවට කර්මය නිසයි ඕක වුනේ කියල? මොකක් කරපු නිසාද කියල? කාටවත් බැහැ..

    ඒ වගේම කාටද කියන්න පුළුවන් දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ හරියටම මෙහෙමයි කියල? ඇත්තටම මැවුව කියල ඔප්පු කරන්න? දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ කියල පෙන්නන? අපි මැරුණම ස්වර්ගයට හෝ නිරයට යනවා කියල ඔප්පු කරන්න?

    කර්ම කර්ම වීපාක වෙන හැටි කයන්න පුලුවන වෙන්නේ එ් මොහොතේ හිතේ උපදින එක විඥානයක් අරන් එකෙන් තමයි කියන්න පුලුවන්..... ඉතින් එ දේ කරන්න පුලුවන් එකම එක්කෙනටයි ඒ සම්මා සම්බුදු කෙනෙකුට විතරයි... වෙන කාටවත් බෑ.... පසේ බුදු කෙනෙකුටත් පුලුවන් මන් හිතන්නේ එත් මට 100% කියන්න බෑ පුලුවන්ද බැරද කියලා

    දේවියන් වහන්සේ ඉන්නේ කොහොද කියන්න නම් මම දන්නේ නෑ කවුරැත් දන්නේ නෑ.... ඒත් මරැනාට පස්සේ කොහෙටද යන්නේ මීට ඉස්සර වෙලා ජාතියේ කොහෙද හිටියේ කියලා දැන ගන්න ඔනේ නම්..... චතුත්ත ධ්‍යානයට සම වැදිලා එතනින් තමයි පුබ්බේනිවාසානුස්සති ඥානය ලබා ගන්න පුලුවන්... ලබා ගන්න විදිහ 100% දන්නේ නෑ....
    මටත් ඒ හැකියාව නෑ.. අවශ්‍යත් නෑ... එ් හැකියාව ලබා ගත්තාට පස්සේ විඥානය අපිව මුලා කරවන්න පුලුවන්....